සමාජ මාධ්‍ය කැළඹූ සංක්‍රාන්ති ලිංගික යුවළක් ගැබ් ගත් ඡායාරූප

ඡායාරූප මූලාශ්‍රය, ZIYA PAVAL/INSTAGRAM
දරුවෙකු ලැබීමට හෝර්මෝන ප්‍රතිකාරය නවතා දැමූ ඉන්දීය සංක්‍රාන්ති ලිංගික යුවලකගේ ගැබ්ගැනීමේ ඡායාරූප රූගත කිරීමක් (photoshoot) සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස හුවමාරු වෙමින් තිබේ.
ඉන්දියාවේ දකුණු දිග කේරළ ප්‍රාන්තයේ වෙසෙන 21 හැවිරිදි සියා පවල් සහ 23 හැවිරිදි සහාඩ්, දරුවෙකු ලැබීමට තීරණය කරන විට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මාරු කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටියහ.
තමාට සැමවිටම දෙමාපියෙකු වීමට අවශ්‍ය බව පවසන පවල් උපතේදී පිරිමියෙකු ලෙස වාර්තාවලට ඇතුළත් කර ඇති නමුත් දැන් කාන්තාවක ලෙස හඳුනා ගෙන ඇත.
එක් නමක් පමණක් භාවිතා කරන සහාඩ් උපතේදී ගැහැණියක් ලෙස නිරීක්ෂණය වූ අතර දැන් ඔහු පිරිමියෙකු ලෙස හඳුනාගෙන ඇත.
ඔහු දැනට ගැබ්ගෙන සිටින අතර, ඉක්මනින්ම තම දරුවා පිළිගැනීමට මෙම යුවළ අපේක්ෂා වෙන් පසුවෙති.
මෙම යුවළට සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් ගලා එමින් තිබේ.
"සංක්‍රාන්ති අයටත් පවුලක් හදන්න අයිතියක් තියෙනවා," සංක්‍රාන්ති ලිංගික නිළි එස් නේඝා, පවල්ගේ ඡායාරූපක් ශෙයාර් කරමින් සියා පවල්ගේ Instagram සටහනට ප්‍රතිචාරයක් දක්වමින් සඳහන් කළාය.
"අපි දන්න විදියට සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව තුළ වෙන කවුරුවත් තමන්ව ජීව විද්‍යාත්මක දෙමාපියන් විදියට හඳුන්වා ගෙන නැති නිසා " තම අත්දැකීම් ඉන්දියාවේ දුර්ලභ විය හැකි බව පවල් සහ සහාඩ් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, ZIYA PAVAL/INSTAGRAM
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන්දියාවේ සංක්‍රාන්ති ලිංගිකයන් මිලියන දෙකක් පමණ සිටින බවට ගණන් බලා ඇතත්, ක්‍රියාකාරීන් පවසන්නේ එම සංඛ්‍යාව වැඩි වියහැකි බවය. 2014 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ සංක්‍රාන්ති ලිංගිකයින්ට ද සෙසු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හිමි බවය.
කෙසේ වෙතත්, ඔවුන් තවමත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවයට ප්‍රවේශ වීමට අරගල කරන අතර බොහෝ විට අගතියට හා අපකීර්තියට මුහුණ දෙයි.
මීට වසර තුනකට පෙර පවල් සහ සහාඩ් හමුවන විට ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට ඔවුන්ගේ පවුල් විරෝධය දක්වා තිබේ.
"මම සම්භාව්‍ය නැටුම් ඉගෙනගන්න කිසිදා ඉඩ නොදුන්න ගතානුගතික මුස්ලිම් පවුලක කෙනෙක්" යැයි පවල් මහත්මිය පැවසුවාය. "මට නටන්න බැරිවෙන විදියට ඔවුන් මගේ කොණ්ඩය කැපුවා." ඒ තරමටම "[මගේ දෙමාපියන්] තද සම්මතයන්ගේ හිටියා"
යෞවන උත්සවයකට සහභාගී වීම සඳහා නිවසින් පිටව ගිය ඇය කිසි දිනෙක ආපසු නිවස බලා නොගිය බව පවල් පැවසුවාය.
ඇය සංක්‍රාන්ති ලිංගික ප්‍රජා මධ්‍යස්ථානයකින් නර්තනය ඉගෙන ගත්තාය. ඇය දැන් එය කොහිකෝඩ් දිස්ත්‍රික්කයේ සිසුන්ට නර්තනය උගන්වන්නීය.
ගණකාධිකාරීවරයෙකු ලෙස පුහුණුව ලබා ඇති සහඩ් තිරුවානන්තපුරම් නගරයේ ධීවර ප්‍රජාවට අයත් ක්‍රිස්තියානි පවුලක අයෙකි. ඔහු දැනට සුපිරි වෙළඳසැලක සේවය කරයි.
ඔහු තම පවුල හැර ගොස් ඇත්තේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස ඔවුන් වෙත පැමිණීමෙන් පසුවය. නමුත් ඔහු ගැබ්ගත් පසු ඔහුගේ පවුලේ අය මෙම යුවළ පිළිගෙන සහයෝගය දක්වා ඇත.
"එයාලා ගර්භණී සමයේදී සහඩ්ට උදව් කරනවා," පවල් මහත්මිය සඳහන් කළාය.
ගැබ් ගැනීම ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස මුලින් යුවළගෙන් ඉල්ලා ඇත්තේ සහඩ්ගේ මවයි. ඇය අවසර ලබා දීමෙන් පසු ඔවුන් මෙම පුවත ඔවුන්ගේ Instagram පිටුවේ පසුගිය සතියේ නිවේදනය කළේය.
පවල් මහත්මිය පවසන්නේ ඇගේ පවුලේ අය තවමත් තමන් ගැන සොයා බැලීමක් කර නොමැති බවය
![ඉන්දියාවේ සංක්‍රාන්ති ලිංගිකයන් මිලියන දෙකක් පමණ සිටින බවට ගණන් බලා ඇතත්, ක්‍රියාකාරීන් පවසන්නේ එම සංඛ්‍යාව වැඩි වියහැකි බවය. 2014 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ සංක්‍රාන්ති ලිංගිකයින්ට ද සෙසු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හිමි බවය. කෙසේ වෙතත්, ඔවුන් තවමත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවයට ප්‍රවේශ වීමට අරගල කරන අතර බොහෝ විට අගතියට හා අපකීර්තියට මුහුණ දෙයි. මීට වසර තුනකට පෙර පවල් සහ සහාඩ් හමුවන විට ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට ඔවුන්ගේ පවුල් විරෝධය දක්වා තිබේ. "මම සම්භාව්‍ය නැටුම් ඉගෙනගන්න කිසිදා ඉඩ නොදුන්න ගතානුගතික මුස්ලිම් පවුලක කෙනෙක්" යැයි පවල් මහත්මිය පැවසුවාය. "මට නටන්න බැරිවෙන විදියට ඔවුන් මගේ කොණ්ඩය කැපුවා." ඒ තරමටම "[මගේ දෙමාපියන්] තද සම්මතයන්ගේ හිටියා" යෞවන උත්සවයකට සහභාගී වීම සඳහා නිවසින් පිටව ගිය ඇය කිසි දිනෙක ආපසු නිවස බලා නොගිය බව පවල් පැවසුවාය. ඇය සංක්‍රාන්ති ලිංගික ප්‍රජා මධ්‍යස්ථානයකින් නර්තනය ඉගෙන ගත්තාය. ඇය දැන් එය කොහිකෝඩ් දිස්ත්‍රික්කයේ සිසුන්ට නර්තනය උගන්වන්නීය. ගණකාධිකාරීවරයෙකු ලෙස පුහුණුව ලබා ඇති සහඩ් තිරුවානන්තපුරම් නගරයේ ධීවර ප්‍රජාවට අයත් ක්‍රිස්තියානි පවුලක අයෙකි. ඔහු දැනට සුපිරි වෙළඳසැලක සේවය කරයි. ඔහු තම පවුල හැර ගොස් ඇත්තේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස ඔවුන් වෙත පැමිණීමෙන් පසුවය. නමුත් ඔහු ගැබ්ගත් පසු ඔහුගේ පවුලේ අය මෙම යුවළ පිළිගෙන සහයෝගය දක්වා ඇත. "එයාලා ගර්භණී සමයේදී සහඩ්ට උදව් කරනවා," පවල් මහත්මිය සඳහන් කළාය. ගැබ් ගැනීම ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස මුලින් යුවළගෙන් ඉල්ලා ඇත්තේ සහඩ්ගේ මවයි. ඇය අවසර ලබා දීමෙන් පසු ඔවුන් මෙම පුවත ඔවුන්ගේ Instagram පිටුවේ පසුගිය සතියේ නිවේදනය කළේය. පවල් මහත්මිය පවසන්නේ ඇගේ පවුලේ අය තවමත් තමන් ගැන සොයා බැලීමක් කර නොමැති බවය](https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/06de/live/15d493e0-a84b-11ed-8f65-71bfa0525ce3.jpg.webp)
ඡායාරූප මූලාශ්‍රය, ZIYA PAVAL/INSTAGRAM
මෙම යුවළ මීට වසර එකහමාරකට පෙර දරුවෙකු ලැබීමට තීරණය කළ අතර, ඒ වන විට ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ ලිංග සංක්‍රාන්තියේ විවිධ අවස්ථාවල සිටි බව, පවල් මහත්මිය බීබීසීය වෙත පැවසුවාය.
සහාඩ්ගේ ඩිම්බ කෝෂ සහ ගර්භාෂය ඉවත් කර නොතිබූ බැවින් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙම යුවළ හෝමෝන ප්‍රතිකාරය නතර කළහ.
මෙම යුවළගේ වෛද්‍යවරුන්ට මාධ්‍යයට කතා කිරීමට අවසර නැත.
"ගර්භණීභාවය අවසන් වූ පසුව, ඔවුන්ට ලිංගික හෝමෝන චිකිත්සාව නැවත ආරම්භ කරන්න පුළුවන් " සංක්‍රාන්ති ලිංගිකයන් කිහිප දෙනෙකු සමඟ වැඩ කර ඇති බැංගලෝර් නගරයේ වෛද්‍ය මහේෂ් ඩී.එම් පැවසීය.
“බබා ඉපදුනාට පස්සේ ජීවිතේ ගැටගහගන්න තව රස්සාවක් හොයාගන්න වෙයි” යුවල සඳහන් කරයි.
"ජීවත් වෙන්න අපහසුයි," පවල් මහත්මිය පවසන පරිදි, ඇයට තවත් නර්තන සිසුන් බඳවා ගැනීමට සිදුවනු ඇත.
"බබා ඉපදිලා මාස දෙකකට විතර පස්සේ සහඩ් ආපහු වැඩට යනවා. ඊට පස්සේ මම බබාව බලාගන්නවා."
මෙම යුවළ පවසන්නේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව තම ගැබ් ගැනීම "ඉතා සාදරයෙන්" පිළිගත් බවයි.
"ඇත්තටම, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ වගේම පිට අයත් හිතන්නේ සංක්‍රාන්ති පුද්ගලයෙකුට දරුවෙකු රැකබලා ගන්න බැහැ කියලා."
"[නමුත්] ඒකට කමක් නැහැ."











