ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෘත්තීය සමිති අද ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මක කරන්නේ ඇයි?
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අද (දෙසැම්බර් 08 ) ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මක කර තිබේ.
විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරන රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් විරෝධතා දිනයට සමගාමීව විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිරතවනු ඇත.
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ සම කැඳවුම්කරු රංජන් සේනානායක අවධාරණය කළේ, තැපැල්, බැංකු, ටෙලිකොම්, රක්ෂණ , විදුලිබල, ඛනිජ තෙල් යන රාජ්‍යය ව්‍යවසායන් මෙන්ම පුද්ගලික අංශයේ වෘත්තිය සමිති අද දිනයේ කොළඹ නගරයේ විරෝධතාවයේ නිරත වන බවයි.
මීට අමතරව රටපුරා ප්‍රධාන නගර ආශ්‍රිතව ද විරෝධතා පැවැත්වීමට නියමිතය.
කෑම පැයේදී ඇතැම් සේවකයින් විරෝධතා පැවැත්වීමට නියමිත බවත් ඇතැම් අංශ වැඩ වර්ජනය කිරීමට නියමිත බවත් රංජන් සේනානායක පැවසීය.
ඔහු අවධාරණය කළේ ජනපීඩාකාරී අයවැය පාර්ලිමේන්තුව තුළ පරාජය කළ යුතු බවය.
අයවැය මගින් ගෙන එන ජනතාවට හා රටට අහිතකර යෝජනා පරාජය කළ යුතුයි යන දැඩි ස්ථාවරක සිට විරෝධතාව ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
අයවැය තෙවැනි වර කියවීමේ විවාදය අද
2023 අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම අද (දෙසැම්බර් 08 වැනිදා) රාත්‍රි 7ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 13 වැනි දිනය අදයි.පසුගිය මස 14 වැනිදා ඇයවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
මුදල් , ආර්ථික ස්ථායීකරණ, ජාතික ප්‍රතිපත්ති, අයෝජන ප්‍රවර්ධන, අමත්‍යංශවලට අදාළ වැය ශීර්ෂ විවාදය අද පැවැත්වීමට නියමිතය.
ඉන් අනතුරුව අයවැය තෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම පැවැත්වෙනු ඇත.