ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2023 අයවැය: 'අර ත්‍රෛලෝක මොකක්ද එක පාවිච්චි වුණා ද අයවැය ලියන්න කලින් ?'
අපනයනය, හරිත ආර්ථිකය හා ඩිජිටල් විප්ලවය මත රටේ අනාගතය පදනම් වන බවට ජනාධිපතිවරයා අයවැය කතාවේ පැවසුව ද එම ක්ෂේත්‍රවලට දැනටමත් අධික බදු පනවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එබැවින් අයවැය ඉලක්ක ඉටු නොවන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායකවරයා අද (නොවැම්බර් 14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය ගැන අදහස් පළ කරමින් සඳහන් කළේය.
ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බැලිය යුතු බවට ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී පළ කළ අදහස ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.
'ගංජා ආර්ථිකයක්' පෙන්වා ජනාධිපතිවරයා සැබෑ ප්‍රශ්න යට ගැසීමට ක්‍රියා කළ බවට විපක්ෂය චෝදනා කළ ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මාධ්‍යට අදහස් දැක්වූයේ, ඉතා හොඳ අයවැයක් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ බව පවසමිනි.