ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'80 ට ආසන්නයි. ඒත් මට 18 තරුණ කොල්ලෙක් කරන වැඩ කරන්න පුළුවන්.'
'80 ට ආසන්නයි. ඒත් මට 18 තරුණ කොල්ලෙක් කරන වැඩ කරන්න පුළුවන්.'
කුලියාපිටිය, කිරිමැටියාව ප්‍රදේශයේ පිහිටි හිඳව ගම්මානයේ ජීවත් වෙන ආර්.ඩබ්ලිව්. ගුණසේන ජීවත් වයස අවුරුදු 80කට ආසන්න වූවෙකි.
ඔහු පවසන්නේ සිනාසෙමින්, නිතරම සතුටින් සිටීම සහ කිසියම් වැඩක නිරත වීම තුළින් ඉතා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකළ හැකි බවය.
''80ට ආසන්නයි මම. ඒ වුණාට මට සාමාන්‍යයෙන් 18, 19 කොල්ලෙක් කරන වැඩ කරන්න පුළුවන්.'' යනුවෙන් ආර්.ඩබ්ලිව්. ගුණසේන BBC සිංහල සේවයට පැවසුවේය.
ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදාගෙන විසිතුරු නිර්මාණ කිරීම, කොහු ඉදල් සැදීම සහ ලණු ඇඹරීම ඔහු සිදු කරයි.