ඇමෙරිකාවේ රැකියා වීසාවලට කුමක් වෙයි ද? වීසා දීම ගැන ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අතර මත ගැටුමක්

Trump is a dark suit and red tie signs a document, an executive order to try to bring jobs back to American workers and revamp the H-1B visa guest worker program as he made a visit to the headquarters of tool manufacturer Snap-On on April 18, 2017 in Kenosha, Wisconsin.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, ජේක් හොර්ටන් සහ බර්න්ඩ් ඩෙබුස්මාන් Jr
    • Role, බීබීසී පුවත්, වොෂින්ටන් ඩීසී

ඇමෙරිකා එක්සත් ජනපදයේ දිගුකාලීන වීසා වැඩසටහනක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අතර මතගැටුමක් ආරම්භ වී තිබේ.

H-1B වීසා සම්බන්ධයෙන් එම මතගැටුම ඇති වී ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි සමාගම්වල ඇතැම් රැකියා සඳහා වෙනත් රටවලින් පුහුණු ශ්‍රමිකයන් බඳවා ගැනීමේදී එම වීසා නිකුත් කෙරේ.

විවේචකයින් තර්ක කරන්නේ, මෙම වැඩසටහන හේතුවෙන් ඇමෙරිකානු කම්කරුවන්ට බලපෑමක් වන බව ය. කෙසේ වෙතත්, වැඩසටහනේ යෝජකයින් පවසන්නේ එමගින් ලොව පුරා සිටින ඉහළ දක්ෂතා සහිත පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීමට ඇමෙරිකාවට උපකාරී වන බව ය.

ඡන්දයෙන් තේරී පත්ව සිටින ජනාධිපතිවරයා මීට පෙර එම වැඩසටහන විවේචනය කළත් දැන් ඊට සහය දෙන බව පවසා ඇත. තාක්‍ෂණික ප්‍රකෝටිපතියෙකු වන ඊලොන් මස්ක් ද එයට සහය පළ කර ඇත්තේ එය 'ඉහළ ම ඉංජිනේරු කුසලතා සහිත වෘත්තිකයින් 0.1%ක ප්‍රතිශතය එමගින් ආකර්ෂණය කර ගත හැකි බව පවසමිනි.

මෙම වීසා මත ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වන්නේ කවුරුන් ද? යන්න පිළිබඳ දත්ත අපට පවසන දේ මෙන්න.

වසරකට නිකුත් කරන වීසා සංඛ්‍යාව කොපමණ ද?

පුහුණු ශ්‍රමිකයින් සඳහා H-1B වීසා 1990 දී හඳුන්වා දෙන ලදී. ඒවා සාමාන්‍යයෙන් වසර තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි ලබා දෙන නමුත් වසර හයක් දක්වා දීර්ඝ කළ හැක.

2004 වසරේ සිට, නිකුත් කරන ලද නව H-1B වීසා සංඛ්‍යාව වසරකට 85,000 දක්වා සීමා කර ඇත. ඉන් 20,000ක් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවලින් ශාස්ත්‍රපති උපාධි හෝ ඊට වැඩි අධ්‍යාපන සුදුසුකම් ලබන විදේශීය සිසුන් සඳහා වෙන් කර ඇත.

කෙසේ වෙතත්, එම සීමාව විශ්වවිද්‍යාල, ආර්ථික සහ දේශපාලන ගැටලු පිළිබඳ විශේෂඥ උපදෙස් ලබාදෙන ආයතන සහ වෙනත් ලාභ නොලබන පර්යේෂණ කණ්ඩායම් වැනි සමහර ආයතනවලට අදාළ නොවේ, එබැවින් ඔවුන්ට බොහෝ විට වීසා නිකුත් කරනු ලැබේ.

පුද්ගලයින්ට H-1B වීසා බලපත්‍රයක් සඳහා අයැදුම් කළ හැක්කේ, ඔවුන්ට ඇමෙරිකා එක්සත් ජනපද සමාගමකින් හෝ ආයතනයකින් රැකියා පිරිනැමීමක් තිබේ නම් පමණි.

ඇමෙරිකානු රජය දැනටමත් රට තුළ සේවය කරන අය සඳහා වීසා බලපත්‍රයේ කාලය දීර්ඝ කිරීම් අනුමත කරයි.

ඇමෙරිකාවේ පුරවැසිභාවය සහ ආගමන සේවාවේ (USCIS) සංඛ්‍යා ලේඛනවලට අනුව, 2023 මූල්‍ය වර්ෂයේ (ඔක්තෝබර් 2022-සැප්තැම්බර් 2023) දී H-1B අයදුම්පත් 386,000කට වඩා වැඩි ප්‍රමාණයක් අනුමත කර ඇත.

එයට නව H-1B වීසා 119,000ක් පමණ සහ දැනට පවතින වීසා සඳහා දීර්ඝ කිරීම් 267,000ක් පමණ ඇතුළත් වේ.

2023 වසරේ එම මුළු එකතුව 2022 දී අනුමත කළ වීසා සංඛ්‍යාව වූ 474,000 ට වඩා අඩු වී ඇත.

ට්‍රම්ප් යටතේ සිදුවූයේ කුමක් ද?

H-1B වැඩසටහන තවදුරටත් සීමා කිරීමට අතීතයේදී උත්සහ දරා ඇත.

2017 වසරේදී, ජනාධිපති ට්‍රම්ප් H-1B වීසා අයදුම්පත් පිළිබඳ චෙක්පත් වැඩි කිරීමට සහ වැඩසටහනේ වංචා හඳුනා ගැනීම් වැඩිදියුණු කිරීමට අදාළ විධායක නියෝගයකට අත්සන් කළේ ය.

ඔබාමා පාලනය යටතේ 5-8% අතර සහ ජනාධිපති බයිඩ්න් යටතේ 2-4% අතර ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතය හා සසඳන විට, පළමු ට්‍රම්ප් පරිපාලනය යටතේ 2018 මූල්‍ය වර්ෂයේදී ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතය 24% දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, බයිඩ්න් පරිපාලනය යටතේ අනුමත කළ මුළු අයැදුම්කරුවන් සංඛ්‍යාව ට්‍රම්ප්ගේ පළමු ධූර කාලයේදී අනුමත කළ අයදුම්කරුවන්ට සමාන වේ.

2018 සිට 2020 දක්වා වූ ට්‍රම්ප්ගේ විධායක නියෝගෙන් අනතුරුව, නව අයදුම්කරුවන් 343,000ක් පමණ ඇතුළුව H-1B අයදුම්පත් මිලියන 1.1ක් පමණ අනුමත කර ඇත.

බයිඩ්න් පරිපාලනයේ පළමු වසර තුන තුළ (2021-2023), අයැදුම්පත් මිලියන 1.2ක් පමණ අනුමත කරන ලද අතර ඉන් 375,000කට ආසන්න සංඛ්‍යාවක් නව අයදුම්කරුවෝ වූහ.

Chart of H-1B visa applications and approvals by year. H-1B වීසා අයදුම්පත් සහ වසර අනුව අනුමත කිරීම් ප්‍රස්ථාරය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සෑම වසරක ම අනුමත සංඛ්‍යාවට වඩා අයැදුම්පත් දහස් ගණනක් ඉදිරිපත් කෙරෙන අතර, වීසා සඳහා ඉල්ලුම බොහෝ විට සැපයුම ඉක්මවා යයි.

වීසා බලපත්‍රවලට වඩා වැඩි අයැදුම්පත් ලැබුණු විට, ඇමෙරිකා පුරවැසිභාවය සහ ආගමන සේවාව H-1B වැඩසටහන ලොතරැයියක් මෙන් ක්‍රියාත්මක කරයි. විචාරකයින් පවසන්නේ ඉන් පද්ධතියේ විශාල දෝෂයක් පෙන්නුම් කරන බව ය.

දැඩි සංක්‍රමණ පාලන සඳහා සහය දක්වන කණ්ඩායමක් වන NumbersUSAහි පර්යේෂණ අධ්‍යක්ෂ එරික් රූආර්ක් පවසන්නේ, 'ඔබට දක්ෂ සේවක වැඩසටහනක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබ ලොතරැයියක් හරහා වීසා ලබා නොදිය යුතු යි,' යනුවෙනි.

"පැහැදිලිව ම, හොඳ ම දක්ෂතා සොයා ගැනීම සඳහා වන මාර්ගය එය නොවෙයි."

අපට තව ම 2024 සම්පූර්ණ වාර්තාව ලැබී නොමැති නමුත් මුල් සංඛ්‍යා ලේඛනවල අයැදුම්පත් විශාල වැඩිවීමක් පෙන්නුම් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසිභාවය සහ ආගමන සේවාවේ දත්ත මගින් 2024 දී අයැදුම්කරුවන් ගණන 758,994ක් ලෙස පෙන්නුම් කරයි. එය 2023 වසරේ අයැදුම්කරුවන් 474,421ට වඩා වැඩි ය.

ට්‍රම්ප් ජනවාරි මාසයේදී ධවල මන්දිරයට ආපසු පැමිණීමත් සමග, H-1බී විවාදයේ යෝජනාව ඔහුගේ ජනාධිපති ධූරය හැඩගස්වන ප්‍රධාන සාධකවලින් එකක් වනු ඇතැයි රුවාක් විශ්වාස කරයි.

"ඔහුගේ දෙවන වාරය ඇමරිකානු ගැති කම්කරුවන් කෙරෙහි අවධානය යොමු කරයිද, නැතහොත් සංක්‍රමණ ඇමරිකානු කම්කරුවන්ට හානියක් වුවද, සේවා යෝජකයන්ට උපකාර කරයි යන පැරණි රිපබ්ලිකන් මතයට නැවත පැමිණේවි ද?" ඔහු අසයි.

"එය දෙවන වාරයේදී විශාල සටනක් වනු ඇත."

ඔවුන් සේවය කරන්නේ කුමන කර්මාන්ත සහ සමාගම් සඳහා ද?

අනුමත අයැදුම්කරුවන්ගෙන් අතිමහත් බහුතරයක් විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන අංශවල සේවය කරති.

බොහෝ දෙනා පරිගණක ආශ්‍රිත රැකියාවල නිරත වන අතර, 2023 මූල්‍ය වර්ෂයේදී එය 65%ක් විය.

ඇතැමෙකු ගෘහනිර්මාණ ශිල්පය, ඉංජිනේරු විද්‍යාව සහ මැනුම් කටයුතුවල සේවය කරයි. 2023 දී අනුමත අයැදුම්කරුවන්ගෙන් 10%ක් පමණ එම ක්ෂේත්‍රවල සේවය කරති.

2024 දී, ඇමසෝන් සමාගම H-1B වීසා බලපත්‍රලාභීන්ගේ ඉහළ ම සේවායෝජකයා වූ අතර, වැඩසටහන හරහා පුද්ගලයින් 13,000කට වැඩි පිරිසක් සේවයට බඳවා ගනු ලැබූහ.

ගුගල්, මෙටා සහ ඇපල් වැනි අනෙකුත් හුරුපුරුදු නම් සේවායෝජක ලැයිස්තුවේ පිළිවෙළින් 4, 6 සහ 8 වැනි ශ්‍රේණිගත කිරීම්වල පසුවේ.

වැඩසටහනට සහය ලබා දෙන ඊලෝන් මස්ක්ට අයත් සමාගමක් වන ටෙස්ලා 22 වන ස්ථානයට පත්ව ඇති අතර, H-1B වීසා බලපත්‍රය මත පුද්ගලයින් 1,700 කට වැඩි පිරිසක් එම සමාගමේ සේවයට යොදවා ඇත.

කැලිෆෝනියා සහ ටෙක්සාස් 2024 දී H-1B වීසා බලපත්‍රය මත වැඩි ම පුද්ගලයින් පිරිසක් රැකියාවල නිරත වන ප්‍රාන්ත වේ.

Elon Musk and Donald Trump walking side-by-side

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් සහ අනෙකුත් රිපබ්ලිකානුවන්ට සහය දීමට මස්ක් ඩොලර් මිලියන සිය ගණනක් වියදම් කර ඇත

ඔවුන් කොපමණ මුදලක් උපයනවා ද?

2023 මූල්‍ය වර්ෂයේදී H-1B වීසා බලපත්‍රයක් මත ඇමෙරිකාවේ සේවය කිරීමට අනුමත වූ පුද්ගලයෙකුගේ මධ්‍ය වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් 118,000ක් (පවුම් 94,000) විය.

ඇමෙරිකාව පුරා පරිගණක සහ ගණිතමය වෘත්තීන්හි යෙදී සිටින පුද්ගලයින්ගේ මධ්‍ය වාර්ෂික ආදායම ඩොලර් 113,000 ( පවුම් 90,000) පමණ වේ. H-1B වැඩසටහන හරහා සමාන අංශවල සේවය කරන වෘත්තිකයින්ගේ වැටුපට වඩා තරමක් අඩු ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍ය කුටුම්භ ආදායම වසරකට ඩොලර් 60,000 (පවුම් 48,000) පමණ වේ.

H-1B ක්‍රමයේ විවේචකයින්, වීසා දරන්නන් ඇමරිකානු සේවකයන්ගේ වැටුප් අඩු කරන බවට තර්ක කරන අතර, ඇතැම් සංක්‍රමණ නීතිවේදීහු සහ විශේෂඥයෝ ඊට එකඟ නොවෙති.

බොහෝ H-1B වීසා දරන්නන් තම රැකියාව සඳහා 'පවතින වැටුපට' වඩා වැඩි මුදලක් උපයති. එය කම්කරු දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලබන නිශ්චිත ප්‍රදේශයක සමාන සේවකයින් සඳහා වන සාමාන්‍ය වැටුප වේ.

ඇමෙරිකානු ආගමන නීතිවේදීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ෂෙව් ඩලාල්- ඩේයිනි බීබීසී වෙත පැවසුවේ, පවතින වැටුප් 'සම්පූර්ණ ශ්‍රම වෙළෙඳපොළ පරීක්ෂණයක් නොවන' නමුත් H-1B වීසා බලපත්‍රලාභීන් සෙසු ශ්‍රම බළකායට හානියක් නොවන බව ඔවුන් පෙන්වා දෙන බව ය.

"ඔබ වොෂින්ටන්හි මෘදුකාංග ඉංජිනේරුවෙක් යැයි හිතන්න. ඔබ එහි මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සාමාන්‍ය වැටුප පරීක්ෂා කරන අතර අවම වශයෙන් එම මුදල ගෙවන බව තහවුරු කළ යුතු යි," ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසිභාවය සහ ආගමන සේවාව හි H-1B ගැටලු සම්බන්ධයෙන් ද කටයුතු කළ ඩලාල්- ඩේයිනි පවසයි.

"ඒ විදිහට ඇත්තට ම වැටුප් අඩු කරන්නේ නෑ."

මීට අමතරව, බොහෝවිට නීතිඥ ගාස්තුවලට අමතරව H-1B පෙත්සම් ගොනු කිරීම සඳහා ඇමෙරිකානු සමාගම් ද සැලකිය යුතු ගාස්තු ගෙවිය යුතු බව ඩලාල් - ඩේයිනි පවසයි.

H-1B වීසා බලපත්‍රලාභීන්ට අනුග්‍රහය දක්වන සමාගම් ඇමෙරිකානු සේවකයෙකුට ගෙවන මුදලට වඩා ඩොලර් 5,000 සිට ඩොලර් 10,000 දක්වා පිරිවැයක් දරනවා," ඇය පවසයි.

"යම් සමාගමකට සුදුසුකම් ලත් ඇමෙරිකානු සේවකයෙක් සොයා ගන්න පුළුවන් නම්, ඔවුන් බොහෝවිට වියදම් ඉතිරි කර ගැනීම සඳහා ඇමෙරිකානුවා සේවයට බඳවා ගනු ඇති."

වෘත්තිකයින් පැමිණෙන්නේ කොහේ සිට ද?

වීසා අනුමතවූවන්ගෙන් අතිබහුතරය පැමිණෙන්නේ ඉන්දියාවෙනි.

නවතම දත්ත පෙන්වා දෙන්නේ, වීසාවලින් 72% ක් පමණ ඉන්දියානු ජාතිකයින්ට නිකුත් කර ඇති අතර, දෙවනුව 12%ක් චීන පුරවැසියන්ට නිකුත් කර ඇති බව ය.

පිලිපීනය, කැනඩාව සහ දකුණු කොරියාවෙන් 1% ක් පමණ පැමිණ ඇත.

 H-1B අනුමැතිය වැඩි වශයෙන් ලැබී ඇති රටවල ප්‍රස්ථාරය

H-1B වීසා මත ඇමෙරිකාවට ඇතුළු වන අයගෙන් 70%ක් පමණ පිරිමින් වන අතර අනුමතවූවන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 33ක් පමණ වේ.

අතිරේක වාර්තාකරණය බෙකි ඩේල්