ඩොනල්ඩ් ට්‍රම්ප්: නිව්යෝර්ක්හි දී ආරම්භ වන ඓතිහාසික හෂ්-මුදල් නඩු විභාගය කුමක්ද?

Donald Trump's historic hush-money trial to begin in New York

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, මැඩලීන් හැල්පර්ට්
    • Role, බීබීසී පුවත්, නිව්යෝර්ක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (සඳුදා) නිව්යෝර්ක් උසාවියට පැමිණීමට නියමිතයි.

ඒ, අපරාධ නඩු විභාගයට පෙනී සිටීම සඳහායි.

ඒ අනුව එලෙස අපරාධ නඩුවකට පෙනී සිටින පළමු හිටපු අමෙරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බවට පත්වනු ඇත.

2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට ටික කලකට පෙර හිටපු වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත කරන ලද මුදල් ගෙවීමක් සැගවීම සඳහා සිය ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබේ.

මේවනවිට 77 හැවිරිදි වියේ පසුවන ඩොනල්ඩ් ට්‍රම්ප් අදාළ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට උපරිම වශයෙන් වසර හතරක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇත. එහෙත් සිරගත වීම වළක්වා ඒ වෙනුවට දඩයක් නියම කිරීමේ හැකියාව ද පවතින බව පැවසෙයි.

ට්‍රම්ප් තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර වරදකරු බව ද ප්‍රතික්ෂේප කරයි.

ට්‍රම්ප්ගේ ඓතිහාසික නඩු විභාගය ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අවාසිදායකව සිදුවනු ඇත.

කෙසේවෙතත් අමෙරිකාවේ ඡන්දදායකයින් එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර රිපබ්ලිකන් අපේක්ෂකයා වරදකරුවෙකු බවට පත් වනු දැකිය හැකි බව පැවසේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එය පෙර නොවූ විරූ දෙයක් බව හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ කෙනඩි පාසලේ ඉතිහාසය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්ය ඇලෙක්ස් කීසර් පැවසුවේය. "ඒකට සංසන්දනය කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ " ඔහු පැවසීය.

ජූරි සභා තේරීමකින් සඳුදා ආරම්භ වන නඩු විභාගය සති හයේ සිට අට දක්වා කාලයක් තුළ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් ට්‍රම්ප්ගේ නිරවද්‍යතාව ඔහු වෙනුවෙන් විධිවිධාන සලසන පුද්ගලයෙක් වන මයිකල් කොහෙන් වටා කේන්ද්‍රගත වනු ඇත.

57 හැවිරිදි කොහෙන් කියා සිටින්නේ ඩැනියෙල්ස් සහ ට්‍රම්ප් සමග පැවැති සම්බන්ධයක් වසන් කර නිහඬව සිටීම වෙනුවෙන් ඇයට ඩොලර් 130,000 ක් ගෙවීමට තමාට නියම වූ බවයි. එය 2016 මැතිවරණයට නීති විරෝධී ලෙස බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස නඩු පවරන්නන් විසින් චෝදනා කර ඇත.

හෂ් මුදල් ගෙවීම් නීති විරෝධී නොවේ. නමුත් මෑන්හැටන් දිස්ත්‍රික් නීතිපති කාර්යාලය චෝදනා කරන්නේ ට්‍රම්ප් එවැනි ගෙවීමක් නීතිමය වියදම් ලෙස අනිසි ලෙස සටහන් කිරීමට කොහෙන්ට උපදෙස් ලබාදීමෙන් අපරාධයක් කර ඇති බවයි.

සමස්තයක් වශයෙන් ගත් කල, ව්‍යාපාර වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම පිළිබඳ අපරාධ 34 ක් සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වි තිබේ.

ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශ කිරීම සඳහා, නිශ්චිත චෝදනාවකට ට්‍රම්ප් වැරදිකරුද නැද්ද යන්න සම්බන්ධයෙන් ජූරි සභිකයන් 12 දෙනාම එකඟ විය යුතුයි.

මෑන්හැටන් හි නඩු විභාගයේදී ට්‍රම්ප්ගේ පුද්ගලික නීතිඥ ඩැනියෙල්ස් සහ කොහෙන් ඇතුළු නඩුවේ ප්‍රධාන චරිත රැසක සාක්ෂි ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

ව්‍යාපාරික වාර්තාවල සත්‍යභාවය සහ ඊට අදාලව අපරාධ චෝදනා ගෙන ඒම සඳහා නීතිමය ප්‍රවේශයක් වෙනුවෙන් පැමිණිල්ලේ ප්‍රබලත්වය පිළිබඳව විශේෂඥයින් බෙදී සිටින බව ද සඳහන්ය.

ජූරි නඩු විභාගය ප්‍රමාද කිරීමට සහ එය ඩිමොක්‍රටි ස්මාජිකයින්ගෙන් සමන්විත මෑන්හැටන් වෙතින් ඉවතට ගෙන යාමට ඩොනල්ඩ් ට්‍රම්ප් අසාර්ථක උත්සාහයන් කිහිපයක් ගෙන තිබුණි.

එම නඩු විභාගය දේශපාලන බලපෑම් මත සිදුවන්නක් බවට ට්‍රම්ප් පුන පුනා ප්‍රකාශ කිරීම හේතුවෙන් සාක්ෂිකරුවන් ඇතුළු නඩුවට අදාළ පුද්ගලයින් පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම තහනම් කරමින් විනිසුරුවරයා විසින් ඔහුට නියෝග කර තිබුණි.

අනතුරුව ට්‍රම්ප් විසින් විනිසුරුවරයාගේ දියණිය වෙත වාග් ප්‍රහාර එල්ල කිරීම හා 'ට්‍රම්ප් වෛරක්කාරිය' ලෙස හැඳින්වීමෙන් පසුව අදාළ නියෝගය දීර්ඝ කරන ලදී.

කෙසේවෙතත් ට්‍රම්ප් ප්‍රචාරක ව්‍යාපාරය කියා සිටියේ මෙම විහිළු නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව හා ඔහුගේ භාෂණයේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.

මෙම අපරාධ නඩුව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වසරේ මුහුණ දෙන නඩු හතරෙන් එකක් පමණි.

නමුත් 2024 ජනාධිපතිවරණයට පෙර සිදු වන එකම නඩු විභාගය විය හැකියි.

මෙහිදී ට්‍රම්ප් වැරදිකරුවෙකු ලෙස ප්‍රකාශයට පත්වුව ද විශේෂඥයින් පවසන්නේ ඔහු සිරගත කිරීමට ඉඩක් නොමැති බවයි.

එසේ සිදුවුවත් අමෙරිකානු නීතිය යටතේ ඔහුට තවමත් ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ හැකි වනු ඇත.

එහෙත් ට්‍රම්ප් වරදකරුවෙකු වුවහොත් අපරාධකරුවෙකු අමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පළමු අවස්ථාව එය වනු ඇතැයි කීසර් පවසයි.

කෙසේවෙතත් ඡන්දදායකයින්ගෙන් සැලකිය යුතු කොටසකට එය බාධාවක් නොවන බව පෙනේ, "ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවයට ඔහුගේ අපරාධ අධිචෝදනා හේතුවෙන් හානියක් සිදුවී නොමැති "බව ද කීසර් පැවසීය.

එහෙත් මැතිවරණයට මාස කිහිපයක් ඉතිරිව තිබියදී නඩු විභාගය ප්‍රවෘත්තියක කේන්ද්‍රයක් වනු ඇත.

එහෙත් ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ රජයේ මහාචාර්ය හාන්ස් නොයෙල් පවසන්නේ ඉහළ අවධානය යොමු වන්නේ අධිකරණයෙන් ලැබෙන ඕනෑම පුවතක්, එය ට්‍රම්ප්ට සුභ හෝ අසුභ වුවත් එය හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන් අතර තරඟයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල හැකි බවයි.

"ඒක ඉතා ළඟින් යන මැතිවරණයක් වෙයි කියලා මම අපේක්ෂා කරනවා, ”ඒ නිසා ඕනෑම පුංචි දෙයක් වැදගත් වෙන්න පුළුවන් ” යනුවෙන් ඔහු පැවසීය.