බංග්ලාදේශ සිසු විරෝධතා මර්දනයට ෂෙයික් හසීනා මාරාන්තික බලය යෙදීමට අවසර දුන් අයුරු හඬ පටයකින් හෙළි වෙයි
වසර 15ක කාලයක් බංග්‍ලාදේශය පාලනය කරනු ලැබුවේ, ෂෙයික් හසීනා සහ ඇගේ අවාමි ලීග් පක්ෂය විසිනි. නමුත් වසර ගණනාවක් පුරා හසීනාගේ පාලනය වඩ වඩාත් දූෂිත හා ඒකාධිපති මුහුණුවරක් ගැනිණි.
2024 ජූලි මාසයේදී රජයේ රැකියා සඳහා ප්‍රවේශය සීමා කළ නීතියක් වුණු බංග්ලාදේශ කෝටා ක්‍රමය නැවත ස්ථාපනය කිරීම හසීනාගේ පාලනය අවසන් කිරීමට හේතු වූයේ රට පුරා ඇවිළී ගිය ශිෂ්‍ය විරෝධතා සමග ය.
දහස් ගණනක් ශිෂ්‍යයින් වීදි බට අතර පොලිසිය මාරන්තික බලය යොදමින් විරෝධතාකරුවන් මර්දනය කරන අයුරු වීඩියෝ දර්ශනවල සටහන් විය.
"මම දැන් විවෘත නියෝගයක් නිකුත් කළා... දැන් ඒගොල්ලෝ මාරාන්තික අවිආයුධ පාවිච්චි කරාවි... [එයාලා] කොහෙදි දැක්කත් වෙඩි තියාවි."
BBC Eye විසින් සත්‍යාපනය කරන ලද හසීනාගේ ලීක් වුණු මෙම හඬ පටය, ඇය විරෝධතාකරුවන්ට එරෙහිව ආරක්ෂක අංශ මෙහෙයවන ආකාරය පෙන්නුම් කළේ ය.
විරෝධතා ඇති වුණු ප්‍රදේශ අතරින් ප්‍රමුඛ ස්ථානයක් වුණු බංග්ලාදේශයේ ජත්‍රබරී නගරයේදී "මනුෂ්‍යත්වයට එරෙහිව සිදු වූ අපරාධ" සම්බන්ධයෙන් සහ ඊට "වගකිව යුත්තන්" කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මෙම වර්තා වැඩසටහන මගින් තොරතුරු ගෙන එයි.









