මීළඟ පාප් වහන්සේ කවුද? පාප් පදවියට පත්වීමේ හැකියාවක් ඇති කාදිනල්වරුන් කිහිප දෙනෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, අලීම් මක්බූල්
- Role, බීබීසී ආගමික පුවත් සංස්කාරක
මීළඟ පාප් පදවියට පත්වන්නේ කවුද? මෙම තීරණය කතෝලික පල්ලියට සහ ලොව පුරා බව්තීස්ම වූ බිලියන 1.4ක රෝමානු කතෝලිකයන්ට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි ය.
එය බොහෝ හේතු නිසා අතිශයින් අනපේක්ෂිත හා විවෘත ක්‍රියාවලියක් වීමට ඉඩ තිබේ.
කාදිනල්වරුන්ගේ සංසදය, සිස්ටීන් දේවස්ථානයේදී රහස් සභාවක රැස්වී විවාද කර, තනි නමක් ලැබෙන තෙක් ඔවුන් කැමති අපේක්ෂකයින්ට ඡන්දය දෙනු ඇත.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරන ලද කාදිනල්වරුන්ගෙන් 80%ක් සමගින්, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පළමු වරට පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට ඡන්දය පළ කරනවා පමණක් නොව, යුරෝපයේ බහුතරයක් නියෝජනය කළ කාදිනල් සංසදයේ සංයුතිය වෙනස් කිරීම නිසා පුළුල් ගෝලීය දායකත්වයක් ද පාප් වහන්සේ තෝරා ගැනීමේ ඡන්ද විමසීමට හිමි වනු ඇත.
ඉතිහාසයේ පළමු වතාවට, ඡන්දය ලබා දෙන කාදිනල්වරුන්ගෙන් අඩකටත් වඩා අඩු සංඛ්‍යාවක් යුරෝපය නියෝජනය කරනු ඇත.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරන ලද කාදිනල්වරුන්, කාදිනල්වරුන්ගේ සංසදයේ ආධිපත්‍යය දරුව ද එය මුළුමනින් ම "ප්‍රගතිශීලී" හෝ "සාම්ප්‍රදායික" නොවේ.
එවැනි හේතු නිසා, ඊළඟ පාප් වහන්සේ ලෙස තේරී පත්වන්නේ කවුරුන් ද යන්න අනාවැකි කීම වෙනත් අවස්ථාවලට වඩා දුෂ්කර ය.
කාදිනල්වරුන්ට අප්‍රිකානු හෝ ආසියානු පාප්වරයෙකු තෝරා පත් කර ගත හැකි ද?, නැතහොත් වතිකාන පරිපාලනයේ පැරණි හස්තයකට පක්ෂපාතී විය හැකි ද?
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අනුප්‍රාප්තිකයා විය හැකි කාදිනල්වරුන්ගේ නම් කිහිපයක් මෙහි දැක්වෙන අතර ඉදිරි දිනවලදී තවත් බොහෝ දේ දැන ගැනීමට ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
පියෙත්‍රෝ පරොලින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජාතිකත්වය: ඉතාලි
වයස: 70
මෘදු හඬක් ඇති ඉතාලි ජාතික කාදිනල් පරොලින්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යටතේ වතිකානයේ රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර උන්වහන්සේ පාප් වහන්සේගේ ප්‍රධාන උපදේශකයා ලෙස ද කටයුතු කළහ.
නියෝජ්‍ය පාප් පදවියේ ඵලදායී ලෙස ක්‍රියා කළ උන් වහන්සේ, පාප් පදවි තරගයේ ඉදිරියේ සිටින්නෙකු ලෙස සැලකිය හැකි ය.
උන් වහන්සේ කතෝලික ධර්මයේ පාරිශුද්ධභාවයට වඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවයට සහ ගෝලීය දෘෂ්ටියකට ප්‍රමුඛත්වය දීමට වැඩි ඉඩක් ඇති බවට ඇතැම්හු සලකති. උන් වහන්සේ විවේචනය කරන්නන් එය ගැටලුවක් ලෙස සලකන අතර ආධාරකරුවන් එය ශක්තියක් ලෙස දකිති.
එහෙත්, ලොව පුරා සමලිංගික විවාහ නීතිගත කිරීම විවේචනය කර ඇති ඔහු, 2015දී අයර්ලන්ත ජනරජයේ ඊට පක්ෂව ඓතිහාසික ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම "මනුෂ්‍යත්වයේ පරාජයක්" ලෙස හැඳින්වූහ.
උන් වහන්සේ පාප් පදවියට පත් වනු ඇතැයි ඇතැමෙකු අපේක්ෂා කළ ද පාප් වහන්සේ තෝරා ගැනීමේ ක්‍රියාවලියේ අවිනිශ්චිතභාවය අවධාරණය කරන පැරණි ඉතාලි කියමනක් පරොලින් කාදිනල් හිමි හොඳින් දනිති: "පාප්වරයෙකු ලෙස යමෙකු රහස් සභාවට ඇතුළු වන්නේ ද, ඔහු ඉන් පිටව යන්නේ කාදිනල්වරයෙකු ලෙස ය."
පෙර පාප්වරුන් 266 දෙනාගෙන් 213 දෙනෙකු පමණ ඉතාලි ජාතිකයන් වූ අතර වසර 40ක් තුළ ඉතාලි පාප්වරයෙකු නොසිටිය ද, ඉතාලියෙන් සහ යුරෝපයෙන් ඈත් වූ පල්ලියේ ඉහළ ස්ථරවල අවධානය වෙනත් කලාපවලට යොමු වීමෙන් අදහස් වන්නේ දැනට තවත් අයෙකු නොමැති විය හැකි බව ය.
ලුයිස් ඇන්ටෝනියෝ ගෝකිම් තග්ලේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාතිකත්වය: පිලිපීන
වයස: 67
තග්ලේ කාදිනල් හිමියන්ට පළමු ආසියානු පාප් වහන්සේ විය හැකි ද? පරොලින් කාදිනල් හිමි මෙන් නොව, උන් වහන්සේට දශක ගණනාවක දේවගැතිවරයෙකු ලෙස අත්දැකීම් තිබේ. එයින් අදහස් කරන්නේ ඔහු වතිකානයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ පල්ලියේ නීතිය පිළිබඳ සංවෘත විශේෂඥයෙකු මෙන් නොව ජනතාව අතර ක්‍රියාකාරී පල්ලියේ නායකයෙකු වී ඇති බව ය.
ජනගහනයෙන් 80%ක් පමණ කතෝලිකයන් වන පිලිපීනයට පල්ලියෙන් විශාල බලපෑමක් ඇත. එරට තුළ දැනට කාදිනල්වරුගේ සංසදයේ වාර්තාගත සාමාජිකයින් පස් දෙනෙකු සිටින අතර ඔවුන් සියල්ලන් ම තග්ලේ කාදිනල් හිමිට සහය දක්වන්නේ නම්, එය සැලකිය යුතු බලපෑම් කණ්ඩායමක් බවට පත්විය හැකි ය.
කතෝලික නිර්වචනය තුළ උන් වහන්සේ මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස සලකනු ලබන අතර, සමාජ ගැටලු සඳහා කැපවීම සහ ස්වර්ගස්ථ වූ පාප් වහන්සේ සමග සංක්‍රමණිකයන් කෙරෙහි දැක්වූ අනුකම්පාව හේතුවෙන් උන්වහන්සේට "ආසියානු ෆ්‍රැන්සිස්" ලෙස අන්වර්ථ නාමයක් ද පට බැඳිණි.
ඔහු ගබ්සා අයිතිවාසිකම් ලබා දීමට විරුද්ධ වී ඇති අතර, ඒවා "මිනීමැරුමේ ආකාරයක්" ලෙස හඳුන්වති. එය ජීවිතය පිළිසිඳ ගැනීමෙන් ආරම්භ වන බවට පල්ලියේ පුළුල් ස්ථාවරයට අනුකූල වන ස්ථාවරයකි. ඔහු අනායාස මරණයට එරෙහිව ද කතා කර ඇත.
නමුත්, 2015දී මැනිලා අගරදගුරු පදවිය දැරූ කාලයේදී, තග්ලේ කාදිනල් හිමි, සමලිංගික පුද්ගලයින්, දික්කසාද වූවන් සහ තනි මව්වරුන් (single mothers) කෙරෙහි පල්ලියේ "දැඩි" ස්ථාවරය නැවත තක්සේරු කරන ලෙස ඉල්ලා සිටියේ ය. ඒ, අතීත රළුකම කල් පවතින හානියක් සිදු කර ඇති අතර මිනිසුන්ට "හංවඩු ගසා ඇති" බවක් දැනී ඇති බව ත්, සෑම පුද්ගලයෙකුට ම අනුකම්පාව සහ ගෞරවය ලැබිය යුතු බවත් පවසමිනි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තේරී පත්වූ 2013 රහස් සභාවේදී පවා උන්වහන්සේ පාප් ධූරය සඳහා සුදුස්සෙකු (අපේක්ෂකයෙකු) ලෙස සලකනු ලැබී ය.
දශකයකට පෙර උන්වහන්සේ ඊළඟට පාප් පදවියට පත් විය හැකි බවට පළ වන ප්‍රකාශ දෙස බලන්නේ කෙසේ දැයි විමසූ විට, ඔහු පිළිතුරු දුන්නේ: "මම ඒක විහිළුවක් විධියට සලකනවා! ඒක විහිළුවක්."
රොබර්ට් ප්‍රිවෝස්ට්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාතිකත්වය: ඇමෙරිකානු
වයස: 69
ඇමෙරිකානුවෙකු පළමු වරට පාප් පදවියට පත් වෙයි ද?
චිකාගෝහි උපන් ප්‍රිවෝස්ට් කාදිනල් හිමියන්ට නිසැකව ම එම චරිතයට අවශ්‍ය ගුණාංග රාශියක් ඇති බව සැලකේ.
වසර දෙකකට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, වතිකානයේ බිෂොප්වරුන්ගේ සංසදයේ ප්‍රධානියා ලෙස මාර්ක් වෙලෙට් බිෂොප්වරයා වෙනුවට ප්‍රිවෝස්ට් තෝරා ගත් අතර, ඊළඟ පරම්පරාවේ බිෂොප්වරුන් තෝරා ගැනීමේ කාර්යය උන්වහන්සේට භාර දුන්නේ ය.
උන්වහන්සේ පේරුහි අගරදගුරු පදවියට පත්වීමට පෙර වසර ගණනාවක් මිෂනාරිවරයෙකු ලෙස සේවය කළහ.
ප්‍රිවෝස්ට් කාදිනල් හිමි ඇමෙරිකානුවෙකු ලෙස පමණක් නොව, ලතින් ඇමෙරිකාව සඳහා වූ පාප් වහන්සේගේ කොමිසමේ ප්‍රධානියා ලෙස ද සැලකේ.
උන්වහන්සේ ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස සැලකෙන නමුත් 69 හැවිරිදි වියේ පසුවන බැවින් පාප් පදවියට ළාබාල වැඩි යැයි සැලකිය හැකි ය. පේරුහි අගරදගුරු පදවිය දැරූ උන්වහන්සේගේ කාලය ලිංගික අපයෝජන චෝදනා වසන් කිරීමේ චෝදනාවලින් ද වැසී ගිය අතර, උන්වහන්සේගේ රදගුරු පදවිය විසින් ඒවා ප්‍රතික්ෂේප කරන ලදී.
පීටර් කොඩ්වෝ අපියා ටර්ක්සන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජාතිකත්වය: ඝානා
වයස: 76
සිය සමකාලීන සගයින් විසින් උන්වහන්සේ තෝරා ගනු ලැබුවහොත්, බලපෑම්සහගත කාදිනලවරයෙකු වන ටර්ක්සන් හිමියන්ට වසර 1,500කින් පත්වූ පළමු අප්‍රිකානු පාප් වහන්සේ වීමේ කීර්තිය හිමි වනු ඇත.
අම්බොන්ගෝ කාදිනල් හිමි මෙන්, උන්වහන්සේ ද එම පදවිය අවශ්‍ය නොවන බව කියා තිබේ. "මම දන්නේ නැහැ පාප්වරයෙකු වෙන්න කිසි කෙනෙකුට අවශ්‍යතාවක් තියෙනවා ද කියලා," උන්වහස්නේ 2013දී බීබීසීයට පැවසීය.
සිය මහාද්වීපයේ පල්ලියේ දියුණුව මත පදනම්ව ඊළඟ පාප් පදවිය ලැබීමට අප්‍රිකාවට ධනාත්මක හේතුවක් තිබේ දැයි විමසූ විට, "එවැනි සලකා බැලීම් ජලය බොර කිරීමට නැඹුරු වන" බැවින්, සංඛ්‍යා ලේඛන මත පදනම්ව පාප් වහන්සේ තෝරා නොගත යුතු බව තමාට හැඟෙන බව උන්වහන්සේ පැවසීය.
උන්වහන්සේ 2003දී දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ යටතේ කාදිනල්වරයෙකු ලෙස උසස් කරන ලද පළමු ඝානා ජාතිකයා වූහ.
කාදිනල් තග්ලේ මෙන්, කාදිනල් ටර්ක්සන් ද දශකයකට පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තෝරා පත් කර ගන්නා විට පාප්වරයෙකු වීමට විභවයක් ඇති කදිනල්වරයෙකු ලෙස සලකනු ලැබීය. ඇත්ත වශයෙන් ම, ඡන්දය ඇරඹීමටත් ඔට්ටු තබ්බන්නෝ උන්වහන්සේ ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කළහ.
ෆන්ක් සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයෙකු වූ ටර්ක්සන් කාදිනල් හිමි, උන්වහන්සේගේ ජවසම්පන්න පැවැත්ම සඳහා ප්‍රසිද්ධ ය.
අප්‍රිකාවේ බොහෝ කාදිනල්වරුන් මෙන්, උන්වහන්සේ ද ගතානුගතික මතයකට නැඹුරු වේ. කෙසේ වෙතත්, උන්වහන්සේ තම උපන් රට වන ඝානාව ඇතුළු අප්‍රිකානු රටවල සමලිංගික සබඳතා අපරාධයක් ලෙස සැලකීමට විරුද්ධ වී තිබේ.
2023දී බීබීසී සම්මුඛ සාකච්ඡාවකදී, ඝානාවේ පාර්ලිමේන්තුව LGBTQ+ පුද්ගලයින්ට දැඩි දඬුවම් පැනවීමේ පනතක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියදී, සමලිංගිකත්වය වරදක් ලෙස නොසැලකිය යුතු යැයි තමා සිතන බව ටර්ක්සන් කාදිනල් හිමි පැවසූහ.
2012දී, වතිකාන බිෂොප්වරුන්ගේ සමුළුවකදී යුරෝපයේ ඉස්ලාම් ආගම ව්‍යාප්ත වීම පිළිබඳව බිය උපදවන අනාවැකි පළ කළ බවට උන්වහන්සේට චෝදනා එල්ල වූ අතර, පසුව උන්වහන්සේ ඒ සඳහා සමාව අයැ ද සිටියහ.
ෆ්‍රිඩොලින් අම්බොන්ගෝ බෙසුන්ගු

ඡායාරූප මූලාශ්‍රය, AFP
ජාතිකත්වය: කොංගෝ
වයස: 65
කතෝලික පල්ලියට මිලියන ගණනක් සාමාජිකයින් එකතු වෙමින් සිටින අප්‍රිකාවෙන් ඊළඟ පාප් වහන්සේ පත් වීමට වීමට බොහෝ දුරට ඉඩ තිබේ. කාදිනල් අම්බොන්ගෝ යනු, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් (DRC) පැවත එන ප්‍රමුඛ අපේක්ෂකයෙකි.
උන්වහන්සේ වසර හතක් කිංෂාසාහි අගරදගුරු පදවිය හෙබවූ අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කාදිනල් ධූරයට පත් කරන ලදී.
උන්වහන්සේ සාම්ප්‍රදායික වටිනාකම්, විශ්වාසයන් සහ සිරිත් විරිත් ආරක්ෂා කිරීමට කැමති අයෙකු වන අතර, සමලිංගික විවාහ සඳහා ආශිර්වාදය ලබා දීමට විරුද්ධ වූයේ, "එක ම ලිංගයේ පුද්ගලයින්ගේ විවාහ සංස්කෘතික සම්මතයන්ට පටහැනි සහ සහජයෙන් ම නපුරක් ලෙස සලකනු ලැබේ," යනුවෙන් ප්‍රකාශ කරමිනි.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ බහුතර ආගම ක්‍රිස්තියානි ආගම වුව ද, එහි සිටින කිතුනුවන් ජිහාඩ් කණ්ඩායමක් වන ඉස්ලාමීය රාජ්‍යය (Islamic State) සහ ඒ ආශ්‍රිත කැරලිකරුවන් අතින් මරණයට හා හිංසාවට ලක් වී ඇත. එම පසුබිම තුළ, අම්බොන්ගෝ කාදිනල් හිමි පල්ලිය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින්නෙකු ලෙස සැලකේ.
නමුත් 2020 සම්මුඛ සාකච්ඡාවකදී උන්වහන්සේ ආගමික බහුවිධතාවට පක්ෂව කතා කරමින් මෙසේ පැවසීය: "රෙපරමාදු භක්තිකයන්ට රෙපරමාදු භක්තිකයන් වෙන්න දෙන්න, මුස්ලිම්වරුන්ට මුස්ලිම්වරුන් වෙන්න දෙන්න. අපි ඔවුන් සමග වැඩ කරන්න යනවා. නමුත් සෑම කෙනෙකු ම තමන්ගේ ම අනන්‍යතාව තබා ගත යුතු යි."
එවැනි අදහස් දැක්වීම් නිසා, කතෝලිකයන් පල්ලියේ වචනය ලොව පුරා පතුරුවා හැරීමට බලාපොරොත්තු වන ඔවුන්ගේ මෙහෙවර පිළිබඳ හැඟීම උන්වහන්සේ සම්පූර්ණයෙන් ම වැළඳ ගන්නේ දැයි ඇතැම් කාදිනල්වරුන් කල්පනා කළ හැකි ය.
පීටර් එර්දෝ

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජාතිකත්වය: හංගේරියානු
වයස: 72
වයස අවුරුදු 51 සිට කාදිනල්වරයෙකු ලෙස කටයුතු කරන පීටර් එර්දෝ, 2006 සිට 2016 දක්වා යුරෝපීය බිෂොප්වරුන්ගේ සම්මේලන කවුන්සිලයට දෙවරක් නායකත්වය දී ඇති අතර, යුරෝපයේ පල්ලිය තුළ ඉතා ඉහළින් සලකනු ලබන චරිතයකි.
උන්වහන්සේ අප්‍රිකානු කාදිනල්වරුන් අතර ප්‍රසිද්ධියක් උසුලන අතර සාම්ප්‍රදායික පල්ලිය සමග කතෝලික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව කටයුතු කර ඇත.
බුඩාපෙස්ට්හි අගරදගුරු සහ හංගේරියාවේ කතෝලික සභාව තුළ ඉහළ නිලයක් දැරූ උන්වහන්සේ කොමියුනිස්ට්වාදී සමාජයක කතෝලික පවුලක හැදී වැඩුණු උන්වහන්සේ පාප් පදවියට පත් විය හැකි අපේක්ෂකයෙකු ලෙස සැලකේ.
2021 සහ 2023දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හංගේරියාවේ සිදු කළ සංචාර ද්විතවයේදී එර්දෝ කාදිනල් හිමි ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළ අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ උන්වහන්සේගේ පූර්වගාමියා වූ බෙනඩික්ට් පාප් වහන්සේ තෝරා පත් කර ගත් රහස් සභාවට ද සම්බන්ධ වූහ.
පවුල පිළිබඳ උන්වහන්සේගේ ගතානුගතික අදහස් පල්ලියේ සමහර කොටස්වල ප්‍රසාදය දිනා ඇති අතර ඔහු හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන්ගේ "ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී" පාලනය යටතේ සාර්ථකව කටයුතු කිරීමට ද සමත් වූහ. 2015දී යුරෝපයේ සංක්‍රමණික අර්බුදය අතරතුර, පල්ලිය සංක්‍රමණිකයන් භාර නොගන්නා බව උන්වහන්සේ ප්‍රකාශ කළේ, එය මිනිස් ජාවාරමකට සමාන බව ද සඳහන් කරමිනි.
මාරියෝ ග්‍රෙක්

ඡායාරූප මූලාශ්‍රය, Tiziana FABI/AFP
ජාතිකත්වය: මෝල්ටා
වයස: 68
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධාන ඉලක්කයක් වන සාමාන්‍ය කතෝලිකයන් අතට වැඩි බලයක් ලබා දීම සඳහා, කාදිනල්වරුන් අපේක්ෂකයෙකු සොයන්නේ නම්, උන්වහන්සේ ග්‍රෙක් කාදිනල් වෙත යොමු විය හැකි ය.
2019දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, මාරියෝ ක්‍රෙග් බිෂොප්වරුන්ගේ සිනොඩ් සභාවේ මහ ලේකම් ලෙස පත් කළහ.
එම භූමිකාව තුළ, ලොව පුරා සිටින පල්ලියෙන් බැහැර ඇදහිලිවන්තයන්ගේ අදහස් පල්ලියේ පාලනයට ඇතුළත් කිරීමේ පාප් වහන්සේගේ දැක්ම ක්‍රියාත්මක කිරීමට ග්‍රෙක් කාදිනල් හිමි උපකාරී විය.
උන්වහන්සේ සමීපව කටයුතු කළ පාප් වහන්සේ මෙන්, ග්‍රෙක් ද සමාජ ගැටලු දෙස බලන ආකාරය ක්‍රමයෙන් වෙනස් වූ බව ප්‍රසිද්ධ ය.
පසුගිය දශකය තුළ උන්වහන්සේ සමලිංගිකත්වය පිළිබඳ සිය ස්වරය වෙනස් කර ඇති අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමලිංගික විවාහ සංගම් අනුමත කිරීම "කලබලයට පත් නොවිය යුතු දෙයක්" බව ප්‍රකාශ කළහ.
මටියෝ සූප්පි

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock
ජාතිකත්වය: ඉතාලි
වයස: 69
බොලොඤ්ඤාහි අගරදගුරු ලෙස කටයුතු කරන උන්වහන්සේ රෝමයේ හැදී වැඩුණු අතර වැඩි කල් නොයා දුප්පතුන් සහ කොන්වූවන් කෙරෙහි අවධානය යොමු කරන පුණ්‍යායතනයක් වන Sant'Egidio Communityහි පාර්ශවකරුවෙකු බවට පත් වූහ.
1990දී මොසැම්බික්හි වසර 15ක සිවිල් යුද්ධය අවසන් කිරීමට මැදිහත් වීමට උන්වහන්සේ උදව් කළ අතර, ග්වාතමාලාවේ සහ බුරුන්ඩිහි තවදුරටත් මැදිහත්වීමේ උත්සහයන්ට සම්බන්ධ වූහ.
2019දී කාදිනල්වරයෙකු ලෙස පත් කරන ලද උන්වහන්සේ, රුසියාව විසින් යුක්‍රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කරනු ලැබීමෙන් පසු වතිකානයේ රාජ දූතයා ලෙස කටයුතු කිරීමට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තෝරා ගනු ලැබුවේ වතිකානයේ රාජ්‍ය ලේකම් වන පියෙට්‍රෝ පරොලින් කාදිනල් හිමි සිටියදී ය. උන්වහන්සේ කියෙව් සහ මොස්කව් වෙත ගොස් රුසියාවට ගෙන ගිය යුක්‍රේන දරුවන් 19,000ක් නිදහස් කර ගැනීමට උත්සහ කළහ.
2018දී උන්වහන්සේ LGBT කතෝලිකයන් සමග ඇති සම්බන්ධතාව වැඩිදියුණු කරන ලෙස පල්ලියෙන් ඉල්ලා සිටි පොතක හැඳින්වීම ලිවූහ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සමීප වීම අවසානයේ රහස් සභාවේදී උන්වහන්සේට අවාසියක් වීමට ඉඩ තිබේ.
ජෝසෆ් ටෝබින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාතිකත්වය: ඇමෙරිකානු
වයස: 73
දරුවන් 13 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස ඩෙට්‍රොයිට්හි උපත ලැබූ නිවාර්ක්හි අගරදගුරු ලෙස කටයුතු කරන උන්වහන්සේ කාදිනල්වරුන් අතර ප්‍රසිද්ධ හා ජනප්‍රිය අයෙකි.
වඩාත් විවෘත හා සියලු දෙනා සාදරයෙන් පිළිගන්නා පල්ලියක් පිරිනැමීම පිළිබඳ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අදහස්වල දැඩි ආධාරකරුවෙකු ලෙස උන්වහන්සේ සලකනු ලැබුව ද, උන්වහන්සේ මිනිසුන් එක්සත් කිරීමේ චරිතයක් ලෙස සැලකේ.
උන්වහන්සේ අතීතයේදී එක්සත් ජනපදයේ දේශපාලන ධ්‍රැවීකරණය හෙළා දැක ඇති අතර, පල්ලියේ බෙදීම් ගැන ද අනතුරු අඟවා තිබේ.
මෑත වසරවලදී උන්වහන්සේ පල්ලිය සමලිංගික යුවළ පිළිගත යුතු බව පවසා ඇති අතර, "පාප් පදවියට කාන්තා කාදිනල්වරයෙකු නම් කිරීමට නොහැකි වීමට බලගතු දේවධර්මීය හේතුවක්" තමා නොදකින බව පැවසූහ.
ආගමික නියෝග සහ ඒවාට සම්බන්ධ සභා සමග කටයුතු කරන වතිකාන කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස බෙනඩික්ට් පාප් වහන්සේ විසින් පත් කරන ලද ටෝබින් කාදිනල් හිමි, රෙඩම්ප්ටරිස්ට්ස් නමින් හැඳින්වෙන ආගමික සභාවකට ද නායකත්වය දුන්හ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උන්වහන්සේ කාදිනල් ධූරයට පත් කිරීමට පෙර, ජෝසෆ් ටෝබින් ඉන්ඩියානාපොලිස්හි අගරදගුරු ලෙස නම් කරනු ලැබිණි.
ඇන්ජලෝ ස්කෝලා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාතිකත්වය: ඉතාලි
වයස: 83
රහස් සභාවේදී ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරුන්ට පමණක් වන නමුත් ඇන්ජලෝ ස්කෝලා කාදිනල් හිමි පාප් පදවියට තේරී පත්වීමට අවස්ථාව පවතී.
2013දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තේරී පත්වූ අවස්ථාවේදී මිලාන්හි හිටපු අගරදගුරුවරයා වූ උන්වහසේ ද ප්‍රමුඛ අපේක්ෂකයෙකු වූ නමුත් උන්වහන්සේ 'පාප්වරයෙකු ලෙස රහස් සභාවට ඇතුළු වන්නා කාදිනල්වරයෙකු ලෙස ඉන් පිටව යයි', යන කියනමට ගොදුරු විය.
මහලු විය පිළිබඳ ග්‍රන්ථයක් මෙම සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් උන්වහන්සේගේ නම රහස් සභාව රැස්වීමටත් පෙර නැවත මතු වී තිබේ. "මරණය සියල්ලේ අවසානය නොව, යමක ආරම්භය" යනුවෙන් පැවසූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහලට ඇතුළත් කිරීමට ටික කලකට පෙර ලියන ලද පූර්විකාවක් මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වේ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ වචන ස්කෝලා කාදිනල් හිමි කෙරෙහි සැබෑ සෙනෙහසක් පෙන්නුම් කළ ද කාදිනල්වරුන්ගේ සංසදය උන්වහන්සේගේ මහලු විය කෙරෙහි අවධානය යොමු කිරීම නව පාප්වරයෙකු වීමට සුදුසු යැයි නොසලකනු ඇත.
රයින්හාඩ් මාක්ස්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාතිකත්වය: ජර්මානු
වයස: 71
ජර්මනියේ ඉහළ ම කතෝලික පූජකවරයා වන උන්වහන්සේට ද වතිකානය සමග ශක්තිමත් සම්බන්ධතා තිබේ.
2013දී ෆ්‍රැන්සිස්, පාප් පදවියට පත්වූ විට මියුනික් සහ ෆ්‍රයිසිංහි අගරදගුරු ලෙස කටයුතු කළ උන්වහන්සේ උපදේශකයෙකු ලෙස තෝරා ගැනිණි. වසර 10ක් පුරා උන්වහන්සේ පල්ලියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව පාප් වහන්සේට උපදෙස් දුන් අතර තවමත් වතිකානයේ මූල්‍ය ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කරති.
කතෝලික ඉගැන්වීම් තුළ සමලිංගිකයන් හෝ සංක්‍රාන්ති ලිංගිකයන් කෙරෙහි වඩාත් සහනශීලී ප්‍රවේශයක් වෙනුවෙන් උන්වහන්සේ පෙනී සිට ඇත.
නමුත් 2021දී ජර්මනියේ කතෝලික පල්ලියේ ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සිදුවූ බරපතළ වැරදි හේතුවෙන් උන්වහන්සේ ඉල්ලා අස්වීමට තීරණය කළහ. එම ඉල්ලා අස්වීම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.
වසර දෙකකට පෙර උන්වහන්සේ පාප් වහන්සේගේ වැදගත් ම උපදේශක මණ්ඩලය වන කාදිනල්වරුන්ගේ සංසදයෙන් ඉවත් වූ අතර, එය ජර්මනිය තුළ උන්වහන්සේගේ කතෝලික සභාවේ වෘත්තීය ජීවිතයට පසුබෑමක් ලෙස සලකනු ලැබීය.
පියර්බැටිස්ටා පිට්සාබල්ලා

ඡායාරූප මූලාශ්‍රය, EPA
ජාතිකත්වය: ඉතාලි
වයස: 60
වයස අවුරුදු 25දී ඉතාලියේදී පූජකත්වයට පත්වූ පිට්සාබල්ලා කාදිනල් හිමි ඊට පසු මාසයේ ම ජෙරුසලමට ගොස් එතැන් සිට එහි වාසය කළහ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වසර පහකට පෙර උන්වහන්සේ ජෙරුසලමේ කතෝලිකයින්ගේ නායකයා බවට පත් කළ අතර පසුව උන්වහන්සේ කාදිනල් ධූරයට පත් කරනු ලැබිණි. පිට්සාබල්ලා කාදිනල් හිමි ජෙරුසලම "මේ ලෝකයේ ජීවිතයේ හදවත" ලෙස විස්තර කර ඇත.
ඊශ්‍රායල සහ පලස්තීන ජාතිකයන් පිළිබඳව සහ තීරයේ සිදුවන යුද්ධය ගැන උන්වහන්සේගේ ගැඹුරු අවබෝධය සෙසු කාදිනල්වරුන් උන්වහන්සේ ගැන පැහැදීමට හේතුවක් වනු ඇත.
කෙසේ වෙතත්, උන්වහන්සේගේ සාපේක්ෂ තරුණ වයස සහ කාදිනල්වරයෙකු ලෙස අද්දැකීම් අඩුකම උන්වහන්සේට අවාසියක් විය හැකි අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ ඇති ඇල්ම වෙනසක් අපේක්ෂා කරන කාදිනල්වරුන්ගේ කැමැත්ත උන්වහන්සේට අහිමි වීමට ද හේතුවක් විය හැක.
මාර්ක් වෙලෙට්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජාතිකත්වය: කැනේඩියානු
වයස: 80
වෙලෙට් කාදිනල් හිමි මීට පෙර දෙවරක්, එනම් 2005දී සහ 2013දී පාප් පදවියට තේරී පත්විය හැකි අපේක්ෂකයෙකු බවට පත්ව සිටියේ ය.
ලොව පුරා රදගුරු පදවිය සඳහා අපේක්ෂකයින් තෝරා ගන්නා වතිකාන බිෂොප්වරුන්ගේ සංසදයට උන්වහන්සේ වසර ගණනාවක් නායකත්වය දුන් අතර, එබැවින් කතෝලික ධූරාවලියේ අනාගත සාමාජිකයන් පරීක්ෂා කිරීමේදී උන්වහන්සේ සැලකිය යුතු හා ආකෘතික කාර්යභාරයක් ඉටු කර ඇත.
වයස 80 ගණන්වල පසු වන තවත් කාදිනල්වරයෙකු වන උන්වහන්සේට රහස් සභාවේදී එහි සිදුවන කාර්යයට දායක වීමට අවස්ථාව නොලැබෙනු ඇති අතර එය උන්වහන්සේ තේරී පත්වීමට ඇති අවස්ථාවන්ට බාධාවක් විය හැකි ය.
වෙලෙට් කාදිනල් හිමි නූතන දෘෂ්ටියක් සහිත ගතානුගතිකයෙකු ලෙස සලකනු ලබන අතර, පූජකයන් සඳහා බ්‍රහ්මචර්යාවේ මූලධර්මය පවත්වා ගත යුතු ය යන්න කෙරෙහි දැඩි ලෙස පක්ෂව සිටින්නෙකි.
උන්වහන්සේ පූජකවරියන් පත් කිරීමට විරුද්ධ වන නමුත්, "ක්‍රිස්තුස් වහන්සේ පුරුෂයෙකි, පල්ලිය ස්ත්‍රීවාදී ය" යනුවෙන් පවසමින් කතෝලික පල්ලිය පවත්වාගෙන යාමේදී කාන්තාවන්ට විශාල කාර්යභාරයක් පැවරිය යුතු යැයි ඉල්ලා තිබේ.
රොබර්ට් සාරා

ඡායාරූප මූලාශ්‍රය, GUY PETERSON/AFP
ජාතිකත්වය: ගිනි
වයස: 79
පල්ලියේ ගතානුගතිකයින් විසින් බෙහෙවින් ප්‍රිය කරන ලද කාදිනල් සාරා, මූලධර්ම හා සාම්ප්‍රදායික පූජනීයත්වයට ඇලී සිටීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ය. බොහෝවිට උන්වහන්සේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රතිසංස්කරණවාදී නැමියාවන්ට විරුද්ධ යැයි සැලකේ.
පලතුරු නෙළන්නෙකුගේ පුතෙකු වූ සාරා කාදිනල් හිමි, දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් ගිනියාවේ කෝනක්‍රයිහි ප්‍රධාන පූජක ලෙස පත් කිරීමත් සමග ළාබාලතම අගරදගුරු බවට පත්වූහ. ඒ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 34කි.
කතෝලික පල්ලියේ පූජනීය චාරිත්‍ර වාරිත්‍ර අධීක්ෂණය කරන වතිකාන කාර්යාලයේ ප්‍රධානියා ලෙස 2021දී විශ්‍රාම යන උන්වහන්සේ දිගු හා ආකර්ෂණීය වෘත්තීය ජීවිතයක් ගත කර ඇත.
පාප් පදවියට ප්‍රියතමයෙකු ලෙස නොසැලකුණ ද, උන්වහන්සේට ගතානුගතික කාර්දිනල්වරුන්ගෙන් ශක්තිමත් සහයෝගයක් ලැබිය හැක.
ෂෝන්-මාර්ක් ඇවලීන්

ඡායාරූප මූලාශ්‍රය, Franco Origlia/Getty Images
ජාතිකත්වය: ප්‍රංශ
වයස: 66
1378දී XI වන ග්‍රෙගරි පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ දා සිට ප්‍රංශ ජාතික පාප්වරයෙකු බිහි වී නොමැත.
ඇල්ජීරියාවේ ප්‍රංශ යටත් විජිත පාලනය යටතේ උපත ලැබුව ද, ඇවලීන් කාදිනල් හිමි හැදී වැඩුණේ, ප්‍රංශයේ දෙවන නගරය වන මාසෙයිහි වන අතර පසුව උන්වහන්සේ එහි අගරදගුරු පදවියට පත් වූහ.
"සියලු නපුරට හේතුව ලෙස සංක්‍රමණිකයන් අපරාධකරණය වීම" වළක්වා ගැනීම සම්බන්ධයෙන් උන්වහන්සේ විවෘතව කතා කර ඇති අතර, එය ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සංක්‍රමණිකයන් කෙරෙහි දක්වන අවධානයට බෙහෙවින් එකඟ වේ.
ඇවලීන් කාදිනල් හිමි මාසෙයිහි විද්‍යා හා ආගමික දේවධර්ම ආයතනයක් ද පිහිටුවා ඉස්ලාම් සහ යුදෙව් ආගම සමග සංවාදය ප්‍රවර්ධනය කළහ. උන්වහන්සේ මාසෙයිහි විශාලතම ගැටලුවක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන්ට එරෙහිව කතා කර ඇත.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සමීපතමයෙකු යැයි සැලකෙන උන්වහන්සේ, වසර දෙකකට පෙර කෙටි සංචාරයක් සඳහා පාප් වහන්සේ මාසෙයි වෙත රැගෙන ආහ.
උන්වහන්සේ අරාබි භාෂාව කතා කළත්, එක් අඩුපාඩුවක් නම් උන්වහන්සේට චතුර ලෙස ඉතාලි භාෂාව කතා කිරීමට නොහැකි වීම ය.
චාල්ස් මාවුං බෝ

ඡායාරූප මූලාශ්‍රය, Vatican Pool/Getty Images
ජාතිකත්වය: මියන්මාර්
වයස: 76
පාප් පදවිය සඳහා ශක්තිමත් අපේක්ෂකයෙකු වන තවත් ආසියානු කාදිනල්වරයෙකු වන බෝ, ජනගහනයෙන් 1.3%ක් පමණක් කතෝලිකයන් වන රටක උන්වහන්සේගේ මවගේ වෙහෙසින් පවත්වා ගෙන ගිය විශාල පවුලක හැදී වැඩිණි.
උතුරු සගායිං කලාපයේ උපත ලැබූ කාදිනල් බෝ හිමි, මියන්මාරයට විනාශය ගෙන දුන් ගැටුම සිය දෑසින් දැක තිබේ.
උන්වහන්සේ ආසියාවේ බිෂොප්වරුන් අතර ප්‍රධානියා ලෙස දෙවරක් කටයුතු කර ඇත. උන්වහන්සේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සමීප අයෙකු ලෙස සලකනු ලබන අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් උන්වහන්සේ මියන්මාරයේ පළමු කාදිනල්වරයා ලෙස පත් කළහ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2017දී එරටට පැමිණි පළමු පාප් වහන්සේ බවට පත් වූහ.
රඛීන් ප්‍රාන්තයේ හමුදාවෙන් මිදී පළා යාමට බල කෙරුණු රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව උන්වහන්සේ කතා කළ අතර, මියන්මාරය එහි විවිධත්වය අගය කළ යුතු බව පැවසූහ.
මයිකල් චර්නි

ඡායාරූප මූලාශ්‍රය, ANGELO CARCONI/EPA-EFE/REX/Shutterstock
ජාතිකත්වය: කැනේඩියානු
වයස: 78
චර්නි කාදිනල් හිමි, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කාදිනල්වරයෙකු ලෙස පත් කරන ලද අතර, උන්වහන්සේ මෙන් චර්නි කාදිනල් හිමි ලොව පුරා පුණ්‍ය කටයුතු සහ මිෂනාරි කටයුතු සඳහා ප්‍රසිද්ධ කතෝලික පල්ලියේ ප්‍රමුඛ පෙළේ ජේසු නිකායේ සාමාජිකයෙකි.
උන්වහන්සේ පැරණි චෙකොස්ලොවැකියාවේ උපත ලැබුව ද, වයස අවුරුදු දෙකේදී උන්වහන්සේගේ පවුල කැනඩාවට සංක්‍රමණය විය.
උන්වහන්සේ ලතින් ඇමෙරිකාවේ සහ අප්‍රිකාවේ වැඩි වශයෙන් සේවය කර ඇති අතර එහිදී උන්වහන්සේ අප්‍රිකානු ජේසුයිට් ආධාර ජාලය ආරම්භ කර කෙන්යාවේ ඉගැන්වීම් කටයුතුවල ද නිරත වූහ.
පල්ලියේ ප්‍රගතිශීලීන් අතර චර්නි කාදිනල් හිමි ජනප්‍රියත්වයක් උසුලන අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සමීප අයෙකු ලෙස සැලකේ. උන්වහන්සේ දැනට වතිකානයේ මානව සමෝධානික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ සංසදයේ ප්‍රධානියා වේ.
පූර්ව රහස් සභාව අතරතුර, සාම්ප්‍රදායික කාදිනල්වරුන්ගෙන් "එක්සත්කම" සඳහා වන ඉල්ලීම්වලට එරෙහිව උන්වහන්සේ අනතුරු අඟවා ඇති අතර, ඔවුන් සැබවින් ම අදහස් කරන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ "ආපසු හැරවීමක්" බව පැවසූහ.
ශක්තිමත් අපේක්ෂකයෙකු වුව ද, කාදිනල්වරුන් අනුප්‍රාප්තික පාප් වහන්සේ ලෙස දෙවන වරටත් ජේසු නිකායික පාප් වහන්සේ කෙනෙකු තෝරා ගනු ඇතැයි සිතිය නොහැක.














