අතින් ඇද්ද කාන්තාවට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් පහරක්
නව අවුරුදු උදාවේ ශාන්ත පීතර චතුරශ්‍රයට පැමිණි බැතිමතුන් අතර සිටි කාන්තාවකට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය නොසතුට පළ කළහ.
ඒ අදාළ කාන්තාව පාප් වහන්සේගේ අත වැරෙන් අල්ලා තමන් දෙසට ඇද ගැනීමට උත්සාහ කිරීමත් සමගය.
ජනවාරි 01 වෙනිදා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ පාප් වහන්සේ එම අවස්ථාවේ සිය "ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බව" පිළිගෙන තිබේ.
"අපගේ ඉවසීම ඉක්මවා යන අවස්ථා බොහෝයි. මටත් ඒ දේ සිදු වෙනවා. ඊයේ දුන් නරක පූර්වාදර්ශය ගැන මා සමාව ඉල්ලා සිටිනවා" යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.
තවත් පුවත්: