ඉතිහාසය, පුරාවෘත්ත සහ වන සතුන් පිරි විල්පත්තු වනය මැදින් කුවේණිගේ මාලිගය සොයා ගිය ගමන

ඉතිහාසය, පුරාවෘත්ත සහ වන සතුන් පිරි විල්පත්තු වනය මැදින් කුවේණිගේ මාලිගය සොයා ගිය ගමන

ශ්‍රී ලංකාවේ විශාල ම ජාතික වනෝද්‍යානය වූ විල්පත්තුව වඩාත් ප්‍රකට වී ඇත්තේ, 'කොටි පාරාදීසය' ලෙස යි.

අද වන සතුන්ගේ පාලනයට නතු වූ, ජන ශුන්‍ය ප්‍රදේශයක්ව පවතින මේ භූමිය අතීතයේදී ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය ගොඩ නැගීමට මුල් වූ බව පිළිගැනෙන ඓතිහාසික වැදගත්කමක් සහිත ප්‍රදේශයකි.

විජය කුමරු ඇතුළු 700ක් පිරිවර ගොඩ බසින ලද තම්බපණ්ණිය ද, ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරය බිහි වූ මල්වතු ඔය සහ කලා ඔය ආශ්‍රිත ප්‍රදේශය ද විල්පත්තුවට මායිම්ව පිහිටා ඇති බැවින් එය ලංකා ඉතිහාසයේ වැදගත් භුමි ප්‍රදේශයකි.

අද ඝන වනාන්තරයක් බවට පත්ව ඇති විල්පත්තුව මහා වනය මැදින් අපි ඉතිහාසයේ සැඟවුණු තැන සහ වන සතුන් සොයා ගියෙමු.

නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම: ෂර්ලි උපුල් කුමාර

කැමරාකරණය: සංජය මධුෂාන්

විශේෂ ස්තූතිය: වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව