සබරගමු සරසවියේ නවක වද සිද්ධිය: රිමාන්ඩ් කළ සැකකරුවන් සංඛ්‍යාව 10 දක්වා ඉහළට

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වදය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් 06 දෙනෙක් ලබන (16 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ අද (06) නියෝග කළාය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වදය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් 06 දෙනෙක් ලබන (16 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ අද (06) නියෝග කළාය.

ඒ අනුව මෙම නවක වදය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින සමස්ථ සිසුන් සංඛ්‍යාව 10කි.

පන්නිපිටිය, දෙහිවල, මැදවච්චිය ,ඇතුළු ප්‍රදේශ කිහිපයක සිසුන් හය දෙනෙකු අද මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සිසුන් සිව් දෙනෙක් ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ්

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ට නවක වදය දුන් බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එම සරසවියේ තෙවන වසර විද්‍යාර්ථයින් හතර දෙනා (මැයි 5 වැනිදා) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සබරගමුව සරසවියේ තුන්වන වසරේ ඉගෙනුම ලබන විද්‍යාර්ථයින් සිව් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් මැයි 04 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් පසුගිය අප්‍රෙල් 29 වැනිදා සමනලවැව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම සිසුන් හතර දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ දෙවන වසරේ සිසුන් හට නවක වදය ලබා දිමේ සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිස් ස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලට අදාළ ඉදිරි විමර්ශන සිදුකිරීමට මැයි 03 වැනිදා වැඩ බලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත නියෝග කර තිබිණි.

වීඩියෝ ශීර්ෂ වැකිය, මිය ගිය සිසුවා ලියපු ලිපියේ නවක වදය ගැන සඳහනක් නැතැයි සැකකාර සිසුන්ගේ නීතිඥයා අධිකරණයට කියයි

නවක වදයෙන් සිත් තැවුලට පත්ව සිය දිවි නසාගත් සිසුවා

එම නවක වද සිද්ධියෙන් සිත් තැවුලට පත්වූ බව කියන සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ ගම්පොළ, අටබාගේ පදිංචි චරිත් දිල්ෂාන් දයාරත්න නැමති සිසුවා සිය දිවි හානි කර ගෙන තිබිණි.

මිය ගිය සිසුවාගේ දෙමාව්පියන් හා ඥාතීන් චෝදනා කර සිටියේ චරිත්ගේ සිය දිවි හානි කර ගැනීමට නවක වදය හේතුවී ඇති බවය.

ඔහු අප්‍රේල් 29 වැනිදා නිවසේ දී සිය දිවි හානි කරගෙන ඇති අතර ඔහු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ වැසිකිළියට කොට කලිසමක් ඇඳගෙන යාම නිසා ඔහු පිරිසක් ඉදිරියේ නිරුවත් කර නවක වදයට භාජනය කර ඇති බව සමාජ මාධ්‍ය සටහන්වල සඳහන්ව තිබුණි.

මේ අතර අදාළ සිසුවා සිය දිවි නසා ගැනීමට අප්‍රේල් 26 වැනිදා හෝ ඊට ආසන්න දිනක විශ්ව විද්‍යාලයේ සිංහරාජ VI නේවාසිකාගාරයේ 123 කාමරය හෝ ඊට ආසන්න ස්ථානයක තාක්ෂණ පිඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සිදුකරන ලද නවක වද ක්‍රියාවක් මගින් ඇති වූ බලවත් මානසික පීඩාවක් හේතුවී ඇති බවට නවක වද සිදුවීමට මුහුණ දුන් තවත් සිසුන් පිරිසක් පැමිණිළි කර ඇතැයි සබරගමුව විශ්ව විද්‍යාලය පවසයි.

නවක වදයට ලක්වූ සිසුන්ගෙන් පැමිණිල්ලක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර අදාළ සිසුවා සිය දිවි නසා ගැනීමට අප්‍රේල් 26 වැනිදා හෝ ඊට ආසන්න දිනක විශ්ව විද්‍යාලයේ සිංහරාජ VI නේවාසිකාගාරයේ 123 කාමරය හෝ ඊට ආසන්න ස්ථානයක තාක්ෂණ පිඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සිදුකරන ලද නවක වද ක්‍රියාවක් මගින් ඇති වූ බලවත් මානසික පීඩාවක් හේතුවී ඇති බවට නවක වද සිදුවීමට මුහුණ දුන් තවත් සිසුන් පිරිසක් පැමිණිළි කර ඇතැයි සබරගමුව විශ්ව විද්‍යාලය පවසයි.

නවක වදය ලබා දුන් බවට සැක කෙරෙන ජ්‍යෙෂ්ඨ සිසුන් 09 දෙනෙකුගේ නම් ඇතුලු විස්තර සහිත ලිඛිත පැමිණිල්ලක් නවක වදයට ලක්වූ බව කියන සිසුන් විශ්ව විද්‍යාල බලධාරින් වෙත ලබා දී තිබේ.

මිය ගිය සිසුවා විසින් නවක වද සිදුවීම පිළිබඳව මිය යෑමට පෙර සහෝදර සිසුවෙකු වෙත යවන ලද වට්ස්ඇප් පණිවිඩ කිහිපයක ඡායාරූප ද පැමිණිළි කරන ලද සිසුන් විශ්ව විද්‍යාල විනය පාලකවරයා වෙත ලබා දී ඇත.

මෙම සිදුවීම ඉතා බරපතල බැවින් ඊට අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉතා කඩිනමින් ක්‍රියා කරන ලෙස ශිෂ්‍ය විනය පාලක ඩි.එම්.ටී.එස් දිසානයක සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුන් 18 දෙනෙකුගේ අත්සනින් යුතු පැමිණිල්ල ද ඒ සමග උපකුලපතිවරයා වෙත යොමු කර ඇත.

'වධහිංසා ලබා දී අවසන් වන විට පාන්දර 2.30 පමණ වුණා'

"රාත්‍රී 10.15 ට පමණ වෙනුර නේවාසිකාගාරය තුළ චරිත් සහෝදරයා කොට කලිසමක් හැඳ කොරිඩෝව තුළ සිටි බවට පවසා තාක්ෂණ පිඨයේ තෙවන වසර (20/21) පිරිසක් චරිත් සහෝදරයා වෙනුර නේවාසිකාගාරයේ 123 කාමරයට රැගෙන ගියා."

ඉන්පසු තවත් සිසුන් පිරිසක් නවක වදය දුන් බවට සැක සිසුන් විසින් අදාළ ස්ථානයට රැගෙන ගොස් ඇති අතර එලෙස යන විට මිය ගිය චරිත් හට අමානුෂික ලෙස වධහිංසා කරමින් සිටි බව ද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එලෙස රැගෙන ගිය තමන්ව ද අමානුෂික ලෙස වධහිංසාවට ලක් කළ බව අදාළ ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.

"වධහිංසා ලබා දී අවසන් වන විට පාන්දර 2.30 පමණ වුණා. ඉන්පසු චරිත් වැඩි කතා බහක් නොමැතිව පැත්තකට වී කල්පනා කරමින් සිටියා." යැයි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් ශිෂ්‍ය විනය පාලක වෙත කර ඇති පැමිණිල්ලේ දක්වා ඇත.