'ගාසාහී දරුවන් ස්ත්‍රීන් සහ රෝගීන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න' - කොළඹ UN ඉදිරිපිට නිහඬ විරෝධයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, 'යුද්ධය නැවත්වීමට, දරුවන් ස්ත්‍රීන් සහ රෝගීන් ගැන විශේෂ අවධානයක් යොමු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙන කිසිම කෙනෙක් සමත් වෙලා නැහැ'
'ගාසාහී දරුවන් ස්ත්‍රීන් සහ රෝගීන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න' - කොළඹ UN ඉදිරිපිට නිහඬ විරෝධයක්

ගාසා තීරයේ ගැටුම් නිසා දරුවන් මිය යෑම වලක්වා ගැනීමට ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක බලවතුන් වහා මැදිහත්විය යුතු බවට අවධාරණය කරමින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් නොවැම්බර් 20 දා පැවැත්වුණි.

සිවිල් සංවිධාන නියෝජිතයන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී විය.

''යුද්ධය නැවත්වීමට, දරුවන් ස්ත්‍රීන් සහ රෝගීන් ගැන විශේෂ අවධානයක් යොමු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙන කිසිම කෙනෙක් සමත් වෙලා නැහැ'' යනුවෙන් එම අවස්ථාවට එක වූ සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසුවාය.