ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අවුරුදු 67යි. ඇස් දෙකම පේන්නේ නෑ. මම පොල් කඩනවා'
'අවුරුදු 67යි. ඇස් දෙකම පේන්නේ නෑ. මම පොල් කඩනවා'
කොතරම් අභියෝග පැමිණියද කිසිවෙකුට අතනොපා ජීවත්වීමට තරුණ පරපුර කටයුතු කළ යුතු බව පූර්ණ දෘශ්‍යාබාධිත තත්ත්වයේ පසුවන එස්.පී ජයසිංහ පවසයි.
67 වැනි වියෙහි පසුවන ඔහු සිය බිරිඳ සමඟ අත්තනගල්ල, වෙලගෙදර ප්‍රදේශයේ ජීවත් වන්නේය.
''ගස් යන වැඩෙත් දැන් එච්චර කරන්න බෑ. දනිස් කැක්කුම් හැදෙනවා. බෙහෙත් තෙල් ගාගෙන ජීවත් වෙන්නේ. අතපය තුවාල වෙලා. ඒත් කාටවත් අතපාන්න බැරි නිසා මම මේක කරගෙන යනවා. මම තරුණ පරපුරටත් කියන්නේ නිකරුනේ කාලය ගත නොකර මොනවාහරි දෙයක් කරන්න'' යනුවෙන් ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.