ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මිල පාලනයක් නෑ ශිල්ප සභාවට ආනයනයට අවසර නැති නිසා'
කොළඹ - මහනුවර මාර්ගයේ ගමන් කරන විට රදාවඩුන්න ප්‍රදේශයේ දී අලෙවියට තබා ඇති වේවැල් ආශ්‍රිත නිෂ්පාදන දක්නට ලැබේ.
විදේශ විනිමය උපයාගත හැකි නිෂ්පාදනයක් වුව ද මේ සඳහා ලැබෙන රාජ්‍ය අනුග්‍රහය ප්‍රමාණවත් නොවන බව වේවැල් ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදකයෝ පවසති.
දේශීය වෙළඳපොලේ අමුද්‍රව්‍ය හිඟය, ආනයනය තහනම් කිරීම, පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය, තාක්ෂණය ගැන දැනුම නොමැති වීම සහ ආර්ථික අර්බුදය මෙම කර්මාන්තය ආශ්‍රිත ප්‍රධාන ගැටලු වේ.
ශ්‍රී ලංකාවේ වේවැල් නිෂ්පාදන සඳහා ජාත්‍යන්තරයේ ද ඉහළ ඉල්ලුමක් පවතින නමුත් ඊට ප්‍රමාණවත් නිෂ්පාදනයක් රට තුළ සිදු නොවන බවත්, පාලනයෙන් ගිලිහුණු වෙළඳ ඒකාධිකාරයක් දැනට පවතින බැවින් එම ගැටලුව නිරාකරණයට පියවර ගෙන ඇති බවත් ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල BBC සිංහල සේවයට පැවසුවේ ය.