දිට්වා සුළි කුණාටුව: ශ්‍රී ලංකාවට විදෙස් රටවලින් මේ දක්වා ලැබී ඇති ආධාර මොනවා ද?

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර ඇතුලත් ගුවන් යානා දෙකක් අද (අගෝස්තු 02) දිනයේදී ඒවා තිබිණි.
    • Author, බීබීසී සිංහල

ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීමට මිත්‍ර රටවල් රැසක් මේ වන විට ඉදිරිපත් වෙමින් තිබේ.

ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් පළමුවෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීමට ඉදිරිපත් වූයේ, ඉන්දියාව සහ පකිස්ථානය යි.

ශ්‍රී ලංකාවට මේ දක්වා ආධාර ලබා දුන් රටවල් මොනවා ද? එලෙස ලබා දුන් ආධාර මොනවා දැයි මෙම ලිපියෙන් සොයා බැලේ.

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් ආධාර මොනවා ද?

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර වශයෙන් එවන ලද භාණ්ඩ රැගත් ගුවන් යානයක ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, India Foreign Ministry

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවට ඉන්දියාව විසින් ටොන් 52කට ආසන්න මානුෂිය ආධාර ප්‍රමාණයක් ලබාදී ඇති බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයත් සමග විපතට පත්වූ ශ්‍රී ලංකාවේ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම්වලට අමතරව මානුෂීය ආධාර ලබා දීමට ඉදිරිපත් වූ පළමු රට වූයේ, අසල්වැසි ඉන්දියාව ය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙසැම්බර් 01 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක සමග මෙරට ඇති වී තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දුරකතන සංවාදයක් පැවැත්වූ බව ඉන්දීය රජය වාර්තා කළේ ය.

"ජනාධිපති දිසානායක මැතිතුමා අමතා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඛේදජනක ලෙස අහිමි වූ ජීවිත සහ සිදු වූ මහත් විනාශය සම්බන්ධයෙන් හෘදයාංග ම ශෝකය පළ කළෙමි. සමීප සහ විශ්වසනීය මිතුරෙකු ලෙස ඉන්දියාව මෙම අසීරු මොහොතේදී ශ්‍රී ලංකාව සහ එහි ජනතාව සමග ශක්තිමත්ව රැඳී සිටියි.

ඉන්දියාව දැනට ක්‍රියාත්මක කරන සාගර් බන්ධු මෙහෙයුම යටතේ සහන සැලසීමේ සහ මුදවා ගැනීමේ ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය සියලු සහයෝගය තවදුරටත් අඛණ්ඩව ලබා දෙනු ඇති අතර ශ්‍රී ලංකාව රට යළි ගොඩනැගීමට සහ නැවතත් යථා තත්ත්වයට පත් වීමට කටයුතු කරන ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාව සමග රැඳී සිටිනු ඇත." යනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ඊයේ (දෙසැම්බර් 01) සිය X ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සිය ශෝකය පළකර තිබිණ.

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් විපතට පත්වූ පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා මෙරටට ළඟා වී තිබූ ඉන්දීය යුද්ධ නෞකාවක් වන INS වික්‍රාන්ත්හි තිබූ චෙටක් වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් පළමුව යෙදවීමට ඉන්දියාව පියවර ගත්තේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊට අමතරව, කොළඹ වරායට ළඟාවී තිබූ INS වික්‍රාන්ත් සහ INS උදයගිරි යන නෞකා මගින් ටොන් 09කට ආසන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් ද මෙරට බලධාරීන්ට භාර දීමට කටයුතු කෙරිණි.

මේ අතර, නොවැම්බර් මස 29 වන දා රාත්‍රියේදී C-130 J වර්ගයේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූයේ, ටොන් 12කට ආසන්න මානුෂීය ආධාර රැගෙන ය.

ඊට අමතරව IL-76 වර්ගයේ ඉන්දීය ගුවන් හමුදා යානයක් මගින් මෙට්‍රික් ටොන් 09ක මානුෂීය ආධාර, ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බළකායේ සාමාජිකයින් 80 දෙනෙකුගෙන් සමන්විත නාගරික සෙවුම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් 2ක් මෙරටට එවීමට කටයුතු කර තිබිණ.

නොවැම්බර් මස 30 වන දා ඉන්දියාව නැවතත් ශ්‍රී ලංකාවට ටොන් 10ක පමණ ආපදා ප්‍රතිචාර සැපයුම්, BHISHM කියුබ් සහ ස්ථානීය පුහුණුව සහ සහය සඳහා වන පස් දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් රැගත් C130J ගුවන් යානයක් මෙරටට එවීමට පියවර ගෙන තිබිණි.

එමෙන් ම, දෙසැම්බර් 01 වන දා ඉන්දීය නාවික හමුදාවට අයත් සුඛන්යා නෞකාව ටොන් 12කට ආසන්න මානුෂීය ආධාර රැගෙන ත්‍රිකුණාමලය වරායට ළඟා විය.

මේ අතර ඉන්දීය ආපදා ආධාර තොගයක් රැගත් තවත් ගුවන් යානයක් ඊයේ (දෙසැම්බර් 03) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

එම ගුවන් යානයෙන් මෙට්‍රික්ටොන් 50ක් බරැති පාලමක්, ලීටර් 20ක ධාරිතාවකින් යුත් ජල පිරිපහදු යන්ත්‍ර 500ක් සහ ඖෂධ තොගයක් සමග වෛද්‍යවරුන් 11 දෙනෙකු සහ ඉංජිනේරුවරුන් 11 දෙනෙකු ද මෙරටට පැමිණ තිබේ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

පකිස්ථානය ලබා දුන් ආධාර මොනවා ද?

පකිස්ථානය ද ශ්‍රී ලංකාවට සිය සහය පළ කරමින්, සිය නාවික හමුදාවේ PNS SAIF නෞකාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව හරහා ජලගැලීම්වලින් පීඩාවට පත් පවුල්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීය.

මීට අමතරව ශ්‍රී ලංකාවට ළඟා වී තිබූ පකිස්ථානයේ PNS SAIF නෞකාවේ ඇති Z-9 වර්ගයේ හෙලිකොප්ටර් යානය ආපදා තත්ත්වයට මුහුණ පා ඇති ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් ලබා දෙන ලදී.

මේ අතර, දෙසැම්බර් මස 02 වන දා රාත්‍රියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමග දුරකතනයෙන් සම්බන්ධ වූ පකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කළේ ය.

එමෙන් ම, ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේදී පකිස්ථාන රජයේ අඛණ්ඩ සහය ලබා දෙන බව ද අගමැති ශෙබාස් ශරීෆ් ජනාධිපතිවරයා වෙත සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

මේ අතර, පකිස්ථානය ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර වශයෙන් ටොන් 200ක ආධාර තොගයක් නැව්ගත කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

මේ අතර, හදිසි සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පකිස්ථාන ගුවන් හමුදාවට අයත් C-130 වර්ගයේ ගුවන් යානයක් ඊයේ (දෙසැම්බර් 03) වන දා මෙරටට ළඟා විය.

පකිස්ථාන අගමැතිවරයාගේ උපදෙස් මත පකිස්ථානයේ සෝදිසි හා ගලවා ගැනීමේ ඒකකයේ සාමාජිකයින් 47 දෙනෙකු සහ අත්‍යවශ්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 6.5ක් එම ගුවන් යානය මගින් මෙරටට එවා තිබේ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

'ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා'

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙරට ගං ඉවුරු සවිමත් කිරීම සහ ඉහළ යන ජල මට්ටම් පාලනය සඳහා පොලිසැක් 20,000ක් මෙරටට ප්‍රදානය කළ අතර, විදුලි ජනන යන්ත්‍ර, උඳුන්, ජල බඳුන් සහ කූඩාරම් ආදිය ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් ලබා දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය ජූලි චන්ග් විසින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් පරිත්‍යාග කරනු ලැබ තිබේ.

මේ අතර, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර දුරකතන සාකච්ඡාවක් පැවතිණි. ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ආපදා තත්ත්වය තමන් සමීපව නිරීක්ෂණය කරන බව සඳහන් කර ඇති ඇමෙරිකානු විශේෂ නියෝජිතයා, ආදරණීයයන් අහිමි වූ පවුල්වලට සිය බලවත් ශෝකය පළ කළ අතර, මෙම අසීරු අවස්ථාවේදී ඇමෙරිකාව, ශ්‍රී ලංකාව සමග එක්ව සිටින බව ද අවධාරණය කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 3

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර රැගත් ගුවන් යානා 6ක්

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් වී සිටින මෙරට ජනතාව වෙත ලබා දීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් එවනු ලැබූ ආධාර රැගත් ගුවන් යානා 4ක් මෙරටට ළඟා විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන C-17 වර්ගයේ ගුවන් යානා අබුඩාබි නුවර සිට මෙම භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබිණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් එම ගුවන් යානා හරහා ශ්‍රී ලංකාවේ විපතට පත් වී සිටින ජනතාව සඳහා තාවකාලික නිවාස, ආහාර ඇසුරුම්, කූඩාරම්, ගලවා ගැනීමේ භට කණ්ඩායම් සඳහා යොදා ගන්නා වාහන, දුෂ්කර මාර්ගවල ධාවනය කළ හැකි යතුරු පැදි, විශේෂ ගලවා ගැනීමේ භට කණ්ඩායමක් සහ වැළලී ඇති මිනිසුන් සෙවීම සඳහා ඉව ඇති සුනඛයින් ද ඇතුළුව භාණ්ඩ විශාල තොගයක් එවා තිබිණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට C-17 වර්ගයේ ගුවන් යානා දෙකක් මෙරටට ළඟාවී තිබිණි. ඊයේ (දෙසැ: 03) දිනය වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට මේ දක්වා ආධාර රැගත් ගුවන් යානා 06ක් ළඟා වී ඇත.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 4

ශ්‍රී ලංකාවට ලැබුණු මූල්‍ය ආධාර

ආපදා තත්ත්වයට කඩිනම් ප්‍රතිචාර දැක්වීමට සහ රට යළි ගොඩනැගීම වෙනුවෙන් දෙසැම්බර් මස 02 වන දා වන විට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඩොලර් මිලියනය බැගින් වූ මූල්‍ය ආධාර ලබා දී ඇති අතර, නේපාලය ද සහන සැලසීමේ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් 200,000ක දායකත්වයක් දක්වා තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර ඇත. මීට අමතරව චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය X සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ එම පරිත්‍යාගය පිළිබඳ තොරතුරු නිවේදනය කරමින් සඳහන් කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය මෙරට ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ට බ්‍රිතාන්‍ය පවුම් 675,000ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

ව්‍යසනයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ප්‍රජාවට සිය සහය ප්‍රකාශ කළ මාලදිවයින ද ඇමෙරිකානු ඩොලර් 50,000ක ආධාර ලබා දීමට සහ අවතැන් වූවන් වෙනුවෙන් ටූනා මාළු ටින් පෙට්ටි 25,000ක් පරිත්‍යාග කිරීමට ද පොරොන්දු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

මීට අමතරව, මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව දැනට ක්‍රියාත්මක යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ඇමෙරිකානු ඩොලර් 33,000ක දායකත්වයක් ලබා දී තිබේ.

ජපානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරට ජනතාවට ලබා දිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ සමීකරණයක් සිදු කර එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම සදහා ජපාන විශේෂ වෛද්‍ය කණ්ඩායමක් නොවැම්බර් මස 30 වන දා කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.

මෙම වෛද්‍ය කණ්ඩායමට වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළත් වී සිටි අතර ඊට අමතරව ජපාන රජයේ සම්බන්ධීකරණ නිලධාරීන් පිරිසක් ද ඇතුළත් වූහ.

ඔවුන් ලබා දෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය කෙරෙන සම්පූර්ණ වෛද්‍ය කණ්ඩායම, හෙදියන්, උපස්ථායකයින් සහ ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඉදිරි දින කිහිපය තුළදී මෙරටට එවීමට නියමිතව ඇත.

මෙම ජපාන වෛද්‍ය කණ්ඩායම දෙසැම්බර් මස 02 වැනිදා දිනයේදී ජල ගැලීමේ තත්ත්වය හමුවේ හානියට පත්ව ඇති හලාවත මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා ක්ෂේත්‍රගත රෝහලක් පවත්වාගෙන යාම සදහා 41 දෙනෙකුගෙන් යුතු ජපන් ජාතික වෛද්‍යවරුන් ඇතුළු සමස්ථ රෝහල් කාර්යය මණ්ඩලයක් අද (දෙසැම්බර් 04) වන දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ලඟාවිය.

ඔවුන් සිදු කළ සමීක්ෂණයකට අනුව මෙම ක්ෂේත්‍රගත රෝහල හලාවත මහ රෝහල ආසන්නයෙහි ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති අතර මෙම රෝහල සදහා අවශ්‍ය ඖෂධ වෛද්‍ය උපකරණ, රසායනගාර පරීක්ෂණ සදහා අවශ්‍ය පහසුකම් සියල්ල ද මෙම ජපන් ජාතික වෛද්‍ය සහන සේවා කණ්ඩායම විසින් රැගෙන විත් තිබේ. ජපාන රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන මෙම රෝහල, සියලුම වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ ලබා දීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ රෝහල්වල සෞඛ්‍ය තත්ත්වය පිරික්සීම සඳහා ජපාන රජය විසින් එවන ලද වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම වෛද්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කටුනායක ගුවන් තොටුපොලේදී පිළිගත් අයුරු.
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම වෛද්‍යවරුන් කණ්ඩායමට වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළත් වී සිටි අතර ඊට අමතරව ජපාන රජයේ සම්බන්ධීකරණ නිලධාරීන් පිරිසක් ද ඇතුළත්ව සිටිති

රුසියාව, එක්සත් ජාතීන්ගේ සංගමය ඇතුළු තවත් රටවල සහය

මේ අතර, ශ්‍රී ලාංකීය ජනතාවට මුහුණ දීමට සිදුවූ ව්‍යසනය පිළිබඳව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සිය සංවේගය පළ කර තිබේ.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ දරුණු ගංවතුර සහ නායයාම් හේතුවෙන් දිවයින පුරා සිදුවූ ජීවිත හා දේපළ හානි පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය කනගාටුව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ පණිවිඩයක් යොමු කර තිබේ.

'ඔබගේ රටට බලපෑ ගංවතුර සහ නායයාම් හේතුවෙන් සිදුවූ ජීවිත හානි සහ දේපළ හානි පිළිබඳව මාගේ හෘදයාංගම ශෝකය පිළිගන්නා ලෙස දන්වා සිටිමි. එසේ ම මිය ගිය අයගේ පවුල්වලට සහ ආදරණීයයන් වෙත සංවේගය සහ සහයෝගය ප්‍රකාශ කරන ලෙසත්, තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලෙසත්, මම ඔබෙන් ඉල්ලා සිටිමි,' යනුවෙන් රුසියානු තානාපති කාර්යාලය මගින් නිකුත් කළ එම ප්‍රකාශයේ සඳහන් වෙයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය ද, මුදාගැනීමේ, හදිසි සහන සැපයීමේ සහ කඩිනමින් යළි යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන් සඳහා සහය දක්වමින්, ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් ඇත.

චීනය, තුර්කිය, කියුබාව, බංග්ලාදේශය, යුරෝපා සංගමය, පලස්තීනය සහ නිකරගුවාව ඇතුළු තවත් රටවල් කිහිපයක් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් රැසක් මෙම ආපදා අවස්ථාවේදී සහ යළි ගොඩනැගීමේදී ශ්‍රී ලංකාව සමග රැඳී සිටින බවට ප්‍රතිඥා දෙමින් සිය සහයෝගය ප්‍රකාශ කර ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

තවත් ගුවන් යානා කිහිපයක් ආධාර රැගෙන ළඟාවෙයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්ව ඇති ශ්‍රී ලංකාවේ වැසියන්ට ආධාර රැගත් රටවල් කිහිපකයට අයත් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (දෙසැම්බර් 03) ළඟා විය.

බංගලදේශයේ සිට ද පළමු වරට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ පස්වරුවේ ළඟා විය.

C- 130 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මගින් කිලෝග්‍රෑම් 9,227කට ආසන්න ඖෂධ, වියළි ආහාර, මදුරු දැල්, විපතට පත් වූවන් ගලවා ගැනීමේ උපකරණ බංග්ලාදේශය මෙරටට එවා තිබිණි.

*මානුෂීය ආධාර, මූල්‍ය ආධාර අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලැබෙමින් පවතින අතර මෙහි මේ වන විට යාවත්කාලීන කර ඇත්තේ 2025 වසරේ දෙසැම්බර් මස 04 වන දා අලුයම 5.00 දක්වා ය.