බොහෝ නැගෙනහිර ආසියානුවන් තම ආගම වෙනස් කරන්නේ ඇයි?

Buddhist followers pray during a celebration ceremony to mark Buddha's Birthday at Jogyesa temple in Seoul on May 15, 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, තම ආගමික අනන්‍යතාවය වෙනස් කරන අය අතර විශාලතම කණ්ඩායම සෑදී ඇත්තේ තමන් කිසිදු ආගමකට සම්බන්ධ නොවන බව පවසන පිරිසෙන් වන අතර එම සංඛ්‍යාව ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට වඩා නැගෙනහිර ආසියාතික රටවල වැඩි ය
    • Author, ලෙබෝ ඩිසෙකෝ
    • Role, ගෝලීය ආගම් පිළිබඳ වාර්තාකරු, බීබීසී ලෝක සේවය

"ජූන්" හැදී වැඩුණේ දකුණු කොරියාවේ ක්‍රිස්තියානි ආගමික පසුබිමක් තිබුණු නිවසක ය. නමුත් සිය මව් රටේ බොහෝ දෙනෙකු මෙන්, ඔහුගේ ආගමික විශ්වාසයන් ද ඔහු කුඩා කල පැවති ආකාරයට වඩා දැන් බෙහෙවින් වෙනස් ය.ඔහු දැන් තමන් අඥෙයවාදියෙකු ලෙස හඳුනා ගනී.

"මම දන්නේ නැහැ එහේ මොනව ද තියෙන්නේ කියලා, දෙවියෝ ඉන්නත් පුළුවන්, එහෙම නැත්නම් දෙවියෝ කියලා කෙනෙක් ඇත්තට ම නැත්නම් - මොනවා හරි අද්භූත දෙයක්," සෝල් සිට ඔහු දුරකතනයෙන් පැවසීය.

ජූන්ගේ දෙමාපියන් තවමත් කිතුනුවන් වන අතර ඔහු පවසන්නේ, ඔහු තවදුරටත් ඇදහිලිවන්තයෙකු නොවන බව ඔවුන්ට දැන ගැනීමට ලැබුණහොත් ඔවුන්ට "බලවත් දුකක්" දැනෙනු ඇති බව ය. ඔහුට ඔවුන්ගේ සිත් රිදවීමේ අවශ්‍යතාවක් නොමැති බැවින් ඔහු මෙම [ලිපිය සඳහා] ඔහුගේ නම වෙනුවට වෙනස් නමක් භාවිත කරන ලෙස ඉල්ලා සිටියේ ය.

ජූන්ගේ අත්දැකීම් එක්සත් ජනපදයේ බුද්ධි මණ්ඩපයක් වන Pew Research Center විසින් සිදු කරන ලද නව අධ්‍යයනයක සොයාගැනීම් සිහිපත් කරයි. එනම්, නැගෙනහිර ආසියාවේ රටවල්වල ලෝකයේ ආගම් හැර යාම සහ වෙනස් කිරීම අතින් ඉහළ ම අනුපාතයන් ඇති බව ය.

එම අධ්‍යයනයේදී පුද්ගලයන් 10,000කට වැඩි පිරිසකගෙන් ඔවුන්ගේ ආගමික විශ්වාසයන් ගැන විමසන ලද අතර, බොහෝ අය කියා සිටියේ, ඔවුන් හැදී වැඩුණු ආගමට වඩා වෙනස් ආගමික අනන්‍යතාවයක් දැන් ඔවුන් දරන බව ය.

Illuminated crosses are displayed above a church, before the city skyline of Seoul, on May 18, 2017

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නව ආගමක් වැළඳ ගැනීමට අපේක්ෂා කරන පිරිසක් ද කලාපයේ සිටිති

හොං කොං සහ දකුණු කොරියාව ලැයිස්තුවේ ඉහළින් ම සිටින අතර, ඒ සෑම රටක ම ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 53%ක් කියා සිටියේ, ඔවුන් තම ආගම සම්පූර්ණයෙන් ම අත්හැර දැමීම ඇතුළුව ඔවුන්ගේ ආගමික අනන්‍යතාවය වෙනස් කර ඇති බව ය. තායිවානයේ මිනිසුන්ගෙන් 42%ක් තම ආගමික විශ්වාසයන් වෙනස් කර ඇති අතර ජපානයේ එම ප්‍රතිශතය 32%කි.

යුරෝපයේ 2017 වසරේදී සිදු කළ සමීක්ෂණයක් සමග සසඳා බැලීමේදී පෙනී යන්නේ එම සමීක්ෂණයේදී ඔවුන්ට ආගම වෙනස් කිරීමේ අනුපාතය 40% ඉක්මවූ රටක් සොයා ගැනීමට නොහැකි වූ බව ය. නැතහොත් එක්සත් ජනපදයේ, පසුගිය වසරේ ලබා ගත් දත්ත අනුව පෙනී ගියේ, වැඩිහිටියන්ගෙන් 28%ක් ඔවුන් කුඩා කල ඇදහූ ආගම ගැන තවදුරටත් සැලකිල්ලක් නොදක්වන බව ය.

බව ඔවුන්ට දැන ගැනීමට ලැබුණහොත් ඔවුන්ට "බලවත් දුකක්" දැනෙනු ඇති බව ය. ඔහුට ඔවුන්ගේ සිත් රිදවීමේ අවශ්‍යතාවක් නොමැති බැවින් ඔහු මෙම [ලිපිය සඳහා] ඔහුගේ නම වෙනුවට වෙනස් නමක් භාවිත කරන ලෙස ඉල්ලා සිටියේ ය.

ජූන්ගේ දෘෂ්ටිය වෙනස් වීම ත් ඔහු තම නිවස හැර යාම ත් සහ නව අදහස්වලට නිරාවරණය වීම ත් සිදු වූයේ එක ම අවධියේ ය. ඔහු හැදී වැඩුණේ, සිය පවුලේ සාමාජිකයින් "සෑම උදෑසනක ම උදෑසන 6 ට පමණ අවදි වී, බයිබල් පද කියවා ඒවා අන් අය සමග බෙදා ගත්," පරිසරයක ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සෑම උදෑසනක් ම "කුඩා යාච්ඥා මෙහෙයක් වගේ වුණා," ඔහු පවසයි.

ඔහු වයස අවුරුදු 19දී නිවසින් පිටව ගොස් සෝල්හි ඇති විශාලතම දේවසභාවලින් එකකට සම්බන්ධ විය. එය සාමාජිකයින් දහස් ගණනක් සිටින ඉතා විශාල දේවසභාවකි. එහි බයිබලයේ සඳහන් කරුණු වචනාර්ථයෙන් ම අර්ථකථනය කිරීම සිදු විය. උදාහරණයක් ලෙස පරිණාමවාදය ප්‍රතික්ෂේප කිරීම දැක්විය හැකි ය. මෙය ජූන් උගත් විද්‍යාත්මක න්‍යාය සමග නොගැළපේ. ඔහුගේ ලෝකය පිළිබඳ දැක්ම වෙනත් ආකාරවලින් ද වෙනස් විය.

"මට හිතෙන්නේ ක්‍රිස්තියානි ආගමේ කළු සහ සුදු කියන්නේ මොකක් ද, හරි හෝ වැරදි කියන්නේ මොකක් ද කියන එක ගැන ඉතා පැහැදිලි අර්ථ දැක්වීමක් තියෙනවා. නමුත් සමාජය නිරීක්ෂණය කළාට පස්සේ සහ විවිධ පසුබිම්වල මිනිසුන් හමු වුණාට පස්සේ ලෝකේ වැඩි වශයෙන් තියෙන්නේ පිළිගත හැකි හෝ පිළිගත නොහැකිද යන්න පැහැදිලි නැති අළු පාටක් කියලා මම හිතන්න පටන් ගත්තා.

ජූන් පවසන්නේ ඔහුගේ මිතුරන්ගෙන් අඩක් පමණ ඔවුන් කුඩා කල ඇදහූ ආගම, විශේෂයෙන් කිතුනුවන් ලෙස හැදී වැඩුණු අය, තවදුරටත් එය විශ්වාස නොකරන බව ය.

මෙලෙස ඔහු වටා සිටින අනුගාමිකයින් අහිමි වන්නේ ක්‍රිස්තියානි ධර්මයට පමණක් නොවේ. බෞද්ධයන් ලෙස හැදී වැඩුණු අයගෙන් 20%ක් ද අද එය අත්හැර ඇත. හොං කොං සහ ජපානයේ එම ප්‍රතිශතය 17% කි.

South Korean child monks attend an event to celebrate the upcoming Buddha's birthday (May 27, 2023) at Jogye Temple in Seoul

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නව ආගමක් වැළඳ ගැනීමට අපේක්ෂා කරන පිරිසක් ද කලාපයේ සිටිති. නිදසුනක් වශයෙන්, දකුණු කොරියාවේ, කිතුනුවන්ගෙන් 12%ක් අලුතින් ආගමට ඇතුළු වූ අය වන අතර, බුදු දහමට අලුතින් ඇතුළු වූවන් ප්‍රතිශතය 5%කි. හොං කොංහි, ක්‍රිස්තියානි ධර්මයට සහ බුදු දහමට අලුතින් ඇතුළු වූවන් පිළිවෙලින් 9% සහ 4%ක ප්‍රතිශතයක් ගනී.

කෙසේ වෙතත්, තම ආගමික අනන්‍යතාවය වෙනස් කරන අය අතර විශාලතම කණ්ඩායම සෑදී ඇත්තේ තමන් කිසිදු ආගමකට සම්බන්ධ නොවන බව පවසන පිරිසෙන් වන අතර එම සංඛ්‍යාව ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට වඩා නැගෙනහිර ආසියාතික රටවල වැඩි ය. නෝර්වේහි 30% හෝ එක්සත් ජනපදයේ 20% හා සසඳන විට හොං කොංහි 37%ක් සහ දකුණු කොරියාවේ පුද්ගලයින්ගෙන් 35%ක් මෙය ඔවුන්ගේ අත්දැකීම බව ප්‍රකාශ කළහ.

නමුත් ලෞකිකකරණය වැඩි වන බවක් පෙනෙන්නට තිබුණ ද, කලාපය පුරා සිටින විශාල පිරිසක් පවසන්නේ තමන් තවමත් අධ්‍යාත්මික චාරිත්‍ර වාරිත්‍ර සහ පිළිවෙත්වලට සම්බන්ධ වන බව ය. සමීක්ෂණයට ලක් කරන ලද සියලු ම රටවල, ආගමික අරමුණකින් චාරිත්‍ර වාරිත්‍රවලට සම්බන්ධ නොවූ අයගෙන් අඩකට වඩා කියා සිටියේ, පසුගිය මාස 12 තුළ තම මුතුන් මිත්තන්ට ගෞරව කිරීම සඳහා තමන් ඒවාට සහභාගී වූ බව ය. දෙවිවරුන් හෝ නොපෙනෙන ජීවීන් විශ්වාස කරන බව කලාපය පුරා සමීක්ෂණයට ලක් කළ බොහෝ දෙනෙක් පවසති.

නමුත් ලෞකිකකරණය වැඩි වන බවක් පෙනෙන්නට තිබුණ ද, කලාපය පුරා සිටින විශාල පිරිසක් පවසන්නේ තමන් තවමත් අධ්‍යාත්මික චාරිත්‍ර වාරිත්‍ර සහ පිළිවෙත්වලට සම්බන්ධ වන බව ය. සමීක්ෂණයට ලක් කරන ලද සියලු ම රටවල, ආගමික අරමුණකින් චාරිත්‍ර වාරිත්‍රවලට සම්බන්ධ නොවූ අයගෙන් අඩකට වඩා කියා සිටියේ, පසුගිය මාස 12 තුළ තම මුතුන් මිත්තන්ට ගෞරව කිරීම සඳහා තමන් ඒවාට සහභාගී වූ බව ය. දෙවිවරුන් හෝ නොපෙනෙන ජීවීන් විශ්වාස කරන බව කලාපය පුරා සමීක්ෂණයට ලක් කළ බොහෝ දෙනෙක් පවසති.

ආගම් පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය සේ-වුං කූට මේ කිසිවක් පුදුමයක් නොවේ. සෝල් නුවර සිට බීබීසී වෙත අදහස් දක්වමින් ඔහු පවසන්නේ, විවිධ ආගම්වල ඇතැම් අංගවලට අනුගත වීම කලාපයේ ඉතිහාසයේ සිට ම දක්නට ලැබෙන බව ය.

"ඉතිහාසය ගැන කතා කරනවා නම්, නැගෙනහිර ආසියාවේ ඔබ සුවිශේෂී ආගමික අනන්‍යතාව ලෙස හැඳින්විය හැකි දේ කෙරෙහි අවධානය යොමු කළේ අඩුවෙන්. ඔබ තාඕවාදියෙකු නම්, එයින් අදහස් කළේ ඔබට එකවර බෞද්ධයෙකු හෝ කොන්ෆියුෂියානුවෙකු විය නොහැකි බව නොවේ. බටහිර වගේ ඉතා දැඩි සීමා මායිම් මේවාට තිබුණේ නැහැ."

අද අප වටහාගෙන ඇති ආගම පිළිබඳ සංකල්පය නැගෙනහිර ආසියාවට පැමිණෙන්නේ, බටහිර සමග සම්බන්ධතා සහ අන්තර්ක්‍රියා වැඩි වීමෙන් පසු, 19 වන සියවසේදී ය.

Catholic worshippers gather ahead of a mass by Pope Francis at Myeong-dong Cathedral on August 18, 2014 in Seoul, South Korea

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කතෝලික ආගමට ආසියාතික රටවල බැතිමතුන් අඩුවෙමින් පවතී

බහු අනන්‍යතා සහ සම්ප්‍රදායන් දැරීමට හැකි වීම කලාපයෙන් කිසිදාක ඈත් නොවූ දෙයක් බව ආචාර්ය කූ පවසයි.

ඔහු එය තම නිවස තුළින් ම අත්දැක තිබේ. ආචාර්ය කූ පවසන්නේ ඔහුගේ මව අවස්ථා කිහිපයකදී ම තම ආගමික අනන්‍යතාව වෙනස් කර ඇති බව ය.

"පසුගිය සති අන්තයේ ඇය අපේ ප්‍රදේශයේ කතෝලික පල්ලියක සාමාජිකාවක් ලෙස ලියාපදිංචි වුණා. ඇය ඉරිදා එහි යන බවට මා විශ්වාස කළා."

නමුත් පසුව ඇය ඔහුට පැවසුවේ, ඇය ඇත්ත වශයෙන් ම ප්‍රදේශයේ පිහිටා ඇති එවැන්ජලිස්ත දේවස්ථානයක "සුව කිරීමේ යාච්ඤා සැසියකට" යන බව ය.

ආචාර්ය කූ ඇගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය: "මොක ද අම්මේ කතෝලික පල්ලියට උණේ?" ඒ මොහොතේ ඇයට අවශ්‍ය වූයේ "සියල්ලට ම වඩා සුවයක්" බව ඇය පැවසුවා ය.

ඔහුගේ මවට "කතෝලික පල්ලියට යාමට අවශ්‍ය වුණේ, ඇය කතෝලිකයෙකු වූ නිසා. නමුත් කෙසේ හෝ, ඇයට අවශ්‍ය යැයි ඇය විශ්වාස කරන විශේෂිත ආකාරයේ ශාරීරික මැදිහත්වීමක් ලබා ගැනීමේදී, ඇය වෙනත් සම්ප්‍රදායකට යනවා."