පාද යාත්‍රාවේ නිරත වෙමින් වියට්නාමය කැළඹූ මේ භික්ෂුන් වහන්සේ කවුද?

සාම්ප්‍රදායික දාන පාත්‍රය වෙනුවට උන්වහන්සේ රැගෙන ගියේ 'රයිස් කුකරයක්' (rice cooker) වන අතර එය බොහෝ දෙනෙකුගේ කුතුහලයට මෙන් ම ප්‍රසාදයට බඳුන් වීමට ද හේතු විය.

ඡායාරූප මූලාශ්‍රය, NGUYEN TIEN

    • Author, බුයි තු
    • Role, බීබීසී වියට්නාමය

ශාන්ත බවින් පිරී ගිය ජූනි මාසයේ උදෑසනක, තික් මින් තියු හිමි නිහඬව ම වියට්නාමයේ මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති දුෂ්කර ප්‍රදේශයක් වන සියා ලායිහි (Gia Lai) පිඬු සිඟා වැඩියහ. ඒ, රට ම කැළඹූ බොහෝ දෙනෙකු අවධානයට ලක් වූ පාද චාරිකාවෙන් අනතුරුව උන්වහන්සේ හුදෙකලා වීමට තෝරා ගත් ප්‍රදේශය යි. සාම්ප්‍රදායික දාන පාත්‍රය වෙනුවට උන්වහන්සේ රැගෙන ගියේ 'රයිස් කුකරයක්' (rice cooker) වන අතර එය බොහෝ දෙනෙකුගේ කුතුහලයට මෙන් ම ප්‍රසාදයට බඳුන් වීමට ද හේතු විය.

බොහෝ බෞද්ධ අනුගාමිකයින් අතර උන්වහන්සේ ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත්ව ඇත්තේ මන්දැයි මිනිසුන් නොදන්නා තරම් ය. තෙළෙස් ධූතාංග කෙරෙහි වූ අචල කැපවීම නිසා ත් පැවිදි චර්යාවේ ඇති විශේෂ බව නිසා ත් උන්වහන්සේගේ ක්‍රියාකලාපය සුවිශේෂී සංසිද්ධියක් බවට පත්ව ඇත. පාවහන් නොමැතිව ඇවිදීම, පිණ්ඩපාතයෙන් ජීවත් වීම, වනාන්තරවල, ලඳු කැළෑවල හෝ සුසාන භූමිවල සෙවණක් සෙවීම සහ සියලු භෞතික දෑ කෙරෙහි ඇති ඇලීම අත්හැරීම මෙයට ඇතුළත් ය.

රජයේ බලපෑම් මත උන්වහන්සේට සහ උන්වහන්සේගේ අනුගාමිකයින්ට තම චාරිකාව අත්හැර දැමීමට සිදු වූ බවට වන සාක්ෂි තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, NGUYEN TIEN

ඡායාරූප ශීර්ෂ වැකිය, රජයේ බලපෑම් මත උන්වහන්සේට සහ උන්වහන්සේගේ අනුගාමිකයින්ට තම චාරිකාව අත්හැර දැමීමට සිදු වූ බවට වන සාක්ෂි තිබේ

කෙසේ වෙතත්, උන්වහන්සේට තවදුරටත් නිසි ආකාරව තම ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වීමට නොහැකි වූයේ, උන්වහන්සේ තැබූ සෑම පියවරකදී ම උන්වහන්සේට ආහාර සහ නවාතැන් පිරිනමමින්, නමස්කාර කිරීමට දණින් පවා වැටුණු සිය ගණනක් වූ නව රසික සහ අනුගාමිකයින් පිරිසක් උන්වහන්සේ සොයා ඒම හේතුවෙනි.

තික් මින් තියු හිමියන්ගේ පාද යාත්‍රාව ජූනි 3 වන දින අවසන් වූයේ, උන්වහන්සේගේ එක් අනුගාමිකයෙකු මැයි මාසයේ ඇති වූ උෂ්ණ අධික තත්ත්වය මධ්‍යයේ කම්පනයට පත් වී මිය යාමෙන් පසුව ය. උන්වහන්සේ ස්වේච්ඡාවෙන් ම තම සංචාරය අවසන් කළ බව ත්, සියා ලායිහි (Gia Lai) පිහිටි උන්වහන්සේගේ නිවස ආසන්නයේ රහසිගත ස්ථානයක ආගමික වත්පිළිවෙත්වල නිරත වීමට තීරණය කර ඇති බව ත් රජය පැවසීය. කෙසේ වෙතත්, රජයේ බලපෑම් මත උන්වහන්සේට සහ උන්වහන්සේගේ අනුගාමිකයින්ට තම චාරිකාව අත්හැර දැමීමට සිදු වූ බවට වන සාක්ෂි තිබේ.

තික් මින් තියු හිමියන්ගේ පාද යාත්‍රාව ජූනි 3 වන දින අවසන් වූයේ, උන්වහන්සේගේ එක් අනුගාමිකයෙකු මැයි මාසයේ ඇති වූ උෂ්ණ අධික තත්ත්වය මධ්‍යයේ කම්පනයට පත් වී මිය යාමෙන් පසුව ය.

ඡායාරූප මූලාශ්‍රය, NGUYEN TIEN

ඡායාරූප ශීර්ෂ වැකිය, තික් මින් තියු හිමියන්ගේ පාද යාත්‍රාව ජූනි 3 වන දින අවසන් වූයේ, උන්වහන්සේගේ එක් අනුගාමිකයෙකු මැයි මාසයේ ඇති වූ උෂ්ණ අධික තත්ත්වය මධ්‍යයේ කම්පනයට පත් වී මිය යාමෙන් පසුව ය

ජූනි 3 වන දින උන්වහන්සේගේ හදිසි අතුරුදහන් වීමෙන් පසු, උන්වහන්සේ සැඟව සිටි ස්ථානය සොයා ගැනුණු අතර දිනපතා දහස් ගණනක් ජනයා එම ස්ථානය වෙත ඇදී යති.

සුවිශේෂී සංසිද්ධියක්

43 හැවිරිදි තික් මින් තියු හිමි රට පුරා පාද චාරිකාවේ නිරත වෙමින් විශාල අනුගාමික පිරිසක් රැස් කර ගත්හ. උන්වහන්සේ 2017 වසරේදී සිය නිහඬ සංචාරය ආරම්භ කළේ, පෞද්ගලික චාරිකාවක් ලෙස, මධ්‍යහන කාලයට පෙර දිනකට එක් දාන වේලක් පමණක් වළඳමිනි. සුසාන භූමිවල හෝ වනයේ ඕනෑ ම තැනක හිඳ නිදාගනිමින් රාත්‍රී දහස් ගණනක් උන්වහන්සේ ගත කළහ.

2024 මැයි මාසයේදී, උන්වහන්සේගේ ක්‍රියාකාරම් ෆේස්බුක්, ටික්ටොක් සහ යූටියුබ් පරිශීලකයින්ගේ පුළුල් අවධානයට ලක් වුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස රට පුරා විවිධ ස්ථානවල සිටින ඒ හා සමාන ක්‍රියාකාරකම්වල යෙදෙන බොහෝ පුද්ගලයෝ උන්වහන්සේ සමග සම්බන්ධ වීමට ඇදී ආහ. එතැන් සිට, තික් මින් තියු හිමි මාධ්‍යවල ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත් වූ අතර බොහෝ යූටියුබ් පරිශීලකයින් සඳහා උන්වහන්සේ ආදායම් මාර්ගයක් බවට පත්විය.

උන්වහන්සේගේ ක්‍රියාකාරම් ෆේස්බුක්, ටික්ටොක් සහ යූටියුබ් පරිශීලකයින්ගේ පුළුල් අවධානයට ලක්

ඡායාරූප මූලාශ්‍රය, NGUYEN TIEN

ඡායාරූප ශීර්ෂ වැකිය, උන්වහන්සේගේ ක්‍රියාකාරම් ෆේස්බුක්, ටික්ටොක් සහ යූටියුබ් පරිශීලකයින්ගේ පුළුල් අවධානයට ලක්විය

"තික් මින් තියු හිමි සම්බන්ධ මෙම සුවිශේෂී සංසිද්ධිය" සිදුවන්නේ වියට්නාම බුදු දහම එහි සම්ප්‍රදායික මූලයන්ගෙන් වෙනස්ව විකෘති වී ඇති පසුබිමක් මධ්‍යයේ ය. උන්වහන්සේගේ චාරිකාව නතර වීමට පෙර, උන්වහන්සේ සමග ගමන් කිරීමට, උන්වහන්සේ බැහැදැකීමට, උන්වහන්සේ ස්පර්ශ කිරීමට හෝ සමාජ මාධ්‍ය හරහා උන්වහන්සේ සොයා ගැනීමෙන් පිරිකර පූජා කිරීමට කුතුහලයෙන් හා කැපවීමෙන් පැමිණි වන්දනාකරුවන් කණ්ඩායම් ක්වාං චියී (Quang Tri) සහ හොයේ (Hue) වැනි ප්‍රධාන නගරවල විශාල වාහන තදබදයක් ඇති කළේ ය.

උන්වහන්සේ කළ සංචාර වියට්නාමයේ ප්‍රමුඛ ආගමවන බුදු දහමේ ආගමික පිළිවෙත්වල මූලික අංගයන් පිළිබඳ මහජන විවාදයන් ඇති කරවීය. මුල්‍යමය ප්‍රතිලාභ මත ධර්මයෙන් අයුතු ප්‍රයෝජන ගන්නා, දූෂිත, ආදර්ශවත් බවින් අඩු බෞද්ධ භික්ෂූන් විවේචනයට ලක්වීමට උන්වහන්සේගේ ප්‍රතිරූපය හේතුවක් වී ඇත. ධනවත් ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහය ඇතිව රට පුරා දැවැන්ත චෛත්‍ය රාශියක් ගොඩනඟා ඇති අතර පෙර ආගමක් වූ දෙය ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක් බවට පරිවර්තනය වී ඇත්තේ, විශේෂයෙන් ම ආගමික ආයතනවලට ලැබෙන පරිත්‍යාග බදු වලින් නිදහස් හා විගණනය නොකරන බැවිනි.

වියට්නාමයේ නායකත්වය හොබවන අදේවවාදී කොමියුනිස්ට් පක්ෂය, ආගම තම සම්ප්‍රදායේ කොටසක් ලෙස සලකන රටක මිනිසුන්ගේ හදවත් දිනා ගැනීම සඳහා බුදු දහම භාවිත කරමින් සිටියේ ය. බොහෝ අවස්ථාවලදී, රටේ ඉහළ නායකයෝ, ජ්‍යේෂ්ඨ භික්ෂූන් වහන්සේලා අසල සිටගෙන, උන්වහන්සේලා වෙත තම සහය පළ කරති.

උන්වහන්සේගේ ක්‍රියාකාරම් ෆේස්බුක්, ටික්ටොක් සහ යූටියුබ් පරිශීලකයින්ගේ පුළුල් අවධානයට ලක්

ඡායාරූප මූලාශ්‍රය, NGUYEN TIEN

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දේශපාලන හෝ මූල්‍යමය වාසි තකා බුදු දහම භාවිත කරන මෙම තත්ත්වය තුළ, බෞද්ධ ආගමික ආයතනයන්හි දූෂණය ද ඉතා සුලභව දක්නට ලැබේ. මෙම වසර මුලදී, රජය විසින් උතුරු වියට්නාමයේ පිහිටි විශාල ආරාමයක් වන බා වං පගෝඩාහි ආරාමාධිපතිවරයාට එරෙහිව විනය පියවර ගත්තේ, මූල්‍යමය අරමුණු වෙනුවෙන් "ශ්‍රී සර්වඥ කේෂ ධාතූන් වහන්සේ " ප්‍රදර්ශනය කිරීම හේතුවෙනි.

"උන්වහන්සේගේ සරල ජීවන රටාව, එක දෙයක් දේශනා කරලා වෙන දෙයක් ක්‍රියාවේ නංවන මහා විහාරස්ථාන හා විශාල ප්‍රතිමා තියාගෙන ඉන්න භික්ෂූන් වහන්සේලාට වඩා හාත්පසින් ම වෙනස්," ඔස්ට්‍රේලියාවේ නන් තියෙන් (Nan Tien) ආයතනයේ ව්‍යවහාරික බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති බූ න්‍යෙන් බීබීසී වෙත පැවසීය.

වියට්නාම සහ අග්නිදිග ආසියානු ආගම් පිළිබඳ තම පර්යේෂණ සඳහා ප්‍රසිද්ධියක් උසුලන École Pratique des Hautes Étudeහි ඉතිහාසඥයෙකු වන පැස්කල් බෝඩෝ යෝජනා කළේ, තික් මින් තියු හිමියන් පුළුල් ලෙස ගෞරවාදරයට පාත්‍ර වන චරිතයක් වන අතර උන්වහන්සේ අධ්‍යාත්මික සහ ගැළවීම අපේක්ෂා කරන චේතනාවන් හරහා ලෝකයේ පැවැත්මට බාධා කරන හෝ ජාත්‍යන්තර හෝ ජාතික දේශපාලනය කෙරෙහි ඇති අවිශ්වාසයට එරෙහිව නගන ප්‍රතිචාරයක් ලෙස දැකිය හැකි බව ය. එය සමාජයීය නොසන්සුන්තාවයට හෝ දේශපාලනය කෙරෙහි විශ්වාසයක් නොමැතිකමට දක්වන ප්‍රතිචාරයක් ලෙස ද සැලකිය හැකි ය.

උන්වහන්සේ කළ සංචාර වියට්නාමයේ ප්‍රමුඛ ආගමවන බුදු දහමේ ආගමික පිළිවෙත්වල මූලික අංගයන් පිළිබඳ මහජන විවාදයන් ඇති කරවීය.

ඡායාරූප මූලාශ්‍රය, NGUYEN TIEN

ඡායාරූප ශීර්ෂ වැකිය, උන්වහන්සේ කළ සංචාර වියට්නාමයේ ප්‍රමුඛ ආගමවන බුදු දහමේ ආගමික පිළිවෙත්වල මූලික අංගයන් පිළිබඳ මහජන විවාදයන් ඇති කරවීය

වියට්නාමයේ, දේශීය වශයෙන් නොව ජාත්‍යන්තරව වැඩි ප්‍රසිද්ධියක් දිනූ සෙන් බුදු දහම පිළිබඳ විශේෂඥයෙකු වූ තික් නට් හාන් (Thich Nhat Hanh) නමින් හැඳින්වෙන කීර්තිමත් භික්ෂුවක විය. තවමත් ඊට සමාන ආකාරයට ගෝලීය වශයෙන් අවධානයට ලක්ව නැතත්, තික් මින් තියු හිමි වියට්නාමය තුළ උත්ප්‍රේරකයක් බවට පත්ව ඇත. උන්වහන්සේලා දෙපළ අතර ඇති මූලික වෙනස පැහැදිලි ය: තික් මින් තියු හිමි, ධර්ම දේශකයෙකු නොවෙති. ඒ වෙනුවට, උන්වහන්සේ තම ක්‍රියාවන් සහ සරල, නිහතමානී සහ අවංක වචන තුළින් මිනිසුන්ව පොළඹවති. වීඩියෝවක, ඉදිමුණු මුහුණක් ඇතිව, මුඛයේ එක් කෙළවරක ලේ ගලමින් තිබියදී, පිඬු සිඟා වැඩි අවස්ථාවකදී තමන් වහන්සේ පහර කෑමට ලක්වූ අයුරු ගැන උන්වහන්සේ දයානුකම්පිතව පැවසූහ.

"මට පහර දී කෝපයෙන් නිදහස් වූ විට, මට පහර දුන් අය කෙරෙහි අනුකම්පාව දැක්වීම මට සතුටක් ගෙන දෙනවා. මම ඔවුන්ගේ යහපත පතනවා."

උන්වහන්සේ ඇඳ සිටින වස්ත්‍රය, එනම්, සොහොන් බිම් ඇතුළු උන්වහන්සේ සිදුකළ චාරිකා අතරතුර එකතු කර ගත් ඉවතලන රෙදි කැබලිවලින් සාදන ලද වර්ණවත් සිවුර සිතුවම්, මූර්ති, කවි සහ විලාසිතා වැනි පුළුල් පරාසයක කලාත්මක නිර්මාණ බිහි වීමට හේතු වී තිබේ.

තික් මින් තියු හිමියන්ගේ අනුගාමිකයෙක් බීබීසීයට මෙසේ පැවසීය: "තික් මින් තියු හිමියන් සම්බන්ධ මෙම සුවිශේෂී සංසිද්ධිය පුද්ගලයින්ට තමන් ගැන මෙනෙහි කිරීමට පැහැදිලි ආරාධනයක් ලෙස කටයුතු කරනවා. විවිධ සමාජ මට්ටම්වල ඉඳලා එන පුද්ගලයින් සතු සිතුවිලි සහ අවබෝධය වෙනස් වීම වැළැක්විය නොහැකියි."

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානාහි විහාරස්ථානයක විහාරාධිපති පූජ්‍ය තික් සාඕ ක්වාං හිමි, තික් මින් තියු සංසිද්ධීන් තමාට බලාපොරොත්තුවක් ලබා දෙන බවට විශ්වාස කරති. තික් මින් තියු හිමියන්ගේ සරල හා අවංක ප්‍රතිරූපය උන්වහන්සේ දකින්නේ භෞතිකවාදයේ වර්තමාන අතිරික්තයට ප්‍රති-තුලනයක් ලෙස ය. එමෙන් ම, මින් තියු හිමියන්ගේ පුවත, ද්‍රව්‍යමය අවශ්‍යතාවලට වඩා ඉගැන්වීමට සහ අධ්‍යාත්මික වර්ධනයට ප්‍රමුඛත්වය දීමට භික්ෂූන් සඳහා වන පණිවිඩයක් ලෙස කටයුතු කරමින් වියට්නාමයෙන් පිටත ඇති බුදු දහමට බලපෑමක් එල්ල කරනු ඇති බවට ද උන්වහන්සේ විශ්වාස කරති.

පැස්කල් බෝඩෝ විසින් මෙම සංසිද්ධිය සංසන්දනය කරන ලද්දේ, 1940 ගණන්වල දකුණු වියට්නාමයේ බුදු දහමට සම්බන්ධ ප්‍රධාන නිකායක් වූ මින් ඩං ක්වං හිමියන් විසින් පිහිටුවන ලද කට් සී (Khất Sĩ) නිකාය සමග ය. එහි ද පා ගමිනින් වැඩම කර පිණ්ඩපාතය පිළිගැනීමේ සමාන පිළිවෙතක් විය. ඔහු මෙසේ පැවසීය: "එක් පැහැදිලි කිරීමක් තමයි, වියට්නාම ජාතිකයන් බුදු දහම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා. ඔවුන් චීන බෞද්ධ සම්ප්‍රදායන්ට වඩා ධර්මයේ මූලික හරයන් සහ ඉන්දියානු දර්ශනය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට උත්සහ කරනවා."

මින් ඩං ක්වං හිමියන් 1954 වසරේ පාද චාරිකාවක් අතරතුරදී අබිරහස් ලෙස අතුරුදහන් වීමට පෙර වියට්නාමයේ දකුණු ප්‍රදේශයේ පුළුල් ලෙස ඇගයීමට ලක් වූහ. අතුරුදන් වීමෙන් පසු උන්වහන්සේ පිළිබඳ කිසිදු තොරතුරක් නොවිණි.

බාධා එල්ල වූ චාරිකාව

පැස්කල් බෝඩෝ පැවසුවේ, ඇතැමුන් තික් මින් තියු හිමියන් සමාජය වෙනුවෙන් මුළුමනින් ම කැප වූ අධ්‍යාත්මික ගුරුවරයෙකු ලෙස සලකන අතර තවත් සමහරුන් උන්වහන්සේ මහජන මතය තම උන්නතිය වෙනුවෙන් හරවා ගැනීමට මාධ්‍ය භාවිත කරන ව්‍යාජ භික්ෂුවක ලෙස සලකන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, NGUYEN TIEN

පැස්කල් බෝඩෝ පැවසුවේ, ඇතැමුන් තික් මින් තියු හිමියන් සමාජය වෙනුවෙන් මුළුමනින් ම කැප වූ අධ්‍යාත්මික ගුරුවරයෙකු ලෙස සලකන අතර තවත් සමහරුන් උන්වහන්සේ මහජන මතය තම උන්නතිය වෙනුවෙන් හරවා ගැනීමට මාධ්‍ය භාවිත කරන ව්‍යාජ භික්ෂුවක ලෙස සලකන බව ය.

"මේ කිසි දෙයක් අලුත් නැහැ. නමුත් සමාජ මාධ්‍ය තමයි මේ සංසිද්ධිය නිර්මාණය කරලා තියෙන්නේ."

සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වීම ධනාත්මක මෙන් ම ඍණාත්මක ප්‍රතිඵල ගෙන දෙන්නක් බව සැබෑවකි. විශේෂයෙන් වියට්නාමයේ, යමෙකු එවැනි විශාල අවධානයක් දිනා ගන්නා විට, එම පුද්ගලයා පසුපස ගැටලු හඹා ඒම සිදු වේ. ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද කොමිසම (USCIRF) විසින් වියට්නාමය ආගම් දැඩි ලෙස යටපත් කරන රටවලින් එකක් ලෙස වාර්තා කරනු ලැබ ඇත.

"තික් මින් තියු සංසිද්ධිය" බොහෝ දෙනා අතර කතාබහට ලක් වීම ඇරඹීමත් සමග වියට්නාම බෞද්ධ සංඝ සභාව (VBS) අවධාරණය කළේ, "තික් මින් තියු හිමියන්" බෞද්ධ භික්ෂුවක ලෙස පිළිනොගන්නා බව ය. වියට්නාම බෞද්ධ සංඝ සභාව යනු, එරට රජය විසින් නිල වශයෙන් පිළිගන්නා ලද එක ම බෞද්ධ සංවිධානයයි. තව ද, තික් මින් තියු හිමියන්ව, එරට රාජ්‍ය මාධ්‍ය මගින් උන්වහන්සේගේ පැවිදි නාමයෙන් නොව සැබෑ නමින් හැඳින්වූ බැවින් වියට්නාම රජය විසින් ද උන්වහන්සේ පිළිගනු ලැබ ඇති බවක් නොපෙනේ.

තික් මින් තියු හිමියන්ව, එරට රාජ්‍ය මාධ්‍ය මගින් උන්වහන්සේගේ පැවිදි නාමයෙන් නොව සැබෑ නමින් හැඳින්වූ බැවින් වියට්නාම රජය විසින් ද උන්වහන්සේ පිළිගනු ලැබ ඇති බවක් නොපෙනේ.

ඡායාරූප මූලාශ්‍රය, NGUYEN TIEN

ඡායාරූප ශීර්ෂ වැකිය, තික් මින් තියු හිමියන්ව, එරට රාජ්‍ය මාධ්‍ය මගින් උන්වහන්සේගේ පැවිදි නාමයෙන් නොව සැබෑ නමින් හැඳින්වූ බැවින් වියට්නාම රජය විසින් ද උන්වහන්සේ පිළිගනු ලැබ ඇති බවක් නොපෙනේ

සත්‍ය වශයෙන් ම, තික් මින් තියු හිමියන් තමන් භික්ෂුවක ලෙස හෝ වියට්නාමයේ බෞද්ධ සංඝයා වහන්සේ යටතේ ඇති කිසිදු විහාරස්ථානයකට හෝ ආයතනයකට අනුබද්ධ නොවන බවට ප්‍රකාශ කර නැත, ඒ වෙනුවට උන්වහන්සේ, තමා හඳුන්වන්නේ බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට උත්සහ කරන පුද්ගලයෙකු ලෙස ය. ස්වාධීන භික්ෂුවක ලෙස පැවතීමට උන්වහන්සේ තුළ වන කැපවීම, උන්වහන්සේ වටා වැඩෙන සහයෝගය, උන්වහන්සේගේ අතුරුදහන් වීමට ප්‍රධාන හේතුව වූවා විය හැකි ය.

තික් මින් තියු හිමි ජූනි 3 වන දින අලුයම හදිසියේ ම අතුරුදහන් වූ අවස්ථාවේ, බොහෝ දෙනෙකුට සිහිපත් වූයේ, මීට වසර 70කට පෙර පාවහන් නොමැතිව පාද යාත්‍රාවේ නිරතව සිටියදී අතුරුදන් වූ මින් ඩං ක්වං හිමියන්ගේ පුවතයි.

මහජන සැකයට ප්‍රතිචාර දක්වමින්, ජූනි 8 වන දින, එරට රජය මගින් පවත්වාගෙන යනු ලබන වියට්නාම රූපවාහිනිය (VTV) විසින් වැරදි තොරතුරුවලට එරෙහිව සහ කොමියුනිස්ට් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම සඳහා "තික් මින් තියුගේ පිළිවෙත් පිළිබඳ වැරදි තොරතුරු" යන ශීර්ෂය යටතේ මිනිත්තු 3ක වීඩියෝවක් විකාශය කරන ලදී. එහි තික් මින් තියු හිමි ප්‍රකාශ කළේ, තම කායික හා මානසික සෞඛ්‍යය යන දෙක ම යහපත් බව ත්, තමන් වහන්සේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව අඛණ්ඩව කටයුතු කරන බව ත් ය. සමාජයීය පැවැත්මට බාධාවක් වෙමින් පුද්ගලයින් විශාල වශයෙන් රැස් නොවන විට, තමන් වහන්සේට සුපුරුදු පරිදි තම අධ්‍යයන කටයුතු කෙරෙහි අවධානය යොමු කළ හැකි බව උන්වහන්සේ සඳහන් කළහ.

තික් මින් තියු හිමියන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් සමාජයේ පැවති කනස්සල්ලට රාජ්‍ය මාධ්‍ය සිදු කළ විකාශයෙන් අස්වැසිල්ලක් නොලැබිණි. ඉන් දින දෙකකට පසු, උන්වහන්සේ නව ජාතික හැඳුනුම්පතක් ලබා ගන්නා ආකාරය දැක්වෙන සහ ජනතාව ඒකරාශී වීම නිසා ඇති වූ ආරක්ෂාව පිළිබඳ ගැටලු හේතුවෙන් උන්වහන්සේ තම චාරිකාව ගමන නතර කළ බව පවසන වීඩියෝවක් පොලිසිය විසින් නිකුත් කරන ලදී.

කෙසේ වෙතත්, රජයේ ප්‍රචාරණ කටයුත්තක් ලෙස භාවිත කරන ලද මෙම වීඩියෝ දෙක හේතුවෙන් සියා ලායිහි (Gia Lai) උන්වහන්සේ සැඟව සිටින ස්ථානය වෙත පෙරටත් වඩා විශාල ජනකායක් ආකර්ෂණය විය.

"තික් මින් තියු හිමියන්ගේ සිද්ධියෙන් රජය වික්ෂිප්ත වෙලා ඉන්නේ. සමහර විට ඔවුන් තවමත් උන්වහන්සේගේ තත්ත්වය සමග කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ සම්මුතියකට පැමිණ නැතුව ඇති. බුද්ධ දේශනාව ගැන තියෙන මනා අවබෝධය නිසා ම රජය තුළ පවා තික් මින් තියු හිමියන්ට සහය දෙන බොහෝ දෙනෙක් ඉන්නවා," බූ න්‍යෙන් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, NGUYEN TIEN

"තික් මින් තියු හිමියන්ගේ සිද්ධියෙන් රජය වික්ෂිප්ත වෙලා ඉන්නේ. සමහර විට ඔවුන් තවමත් උන්වහන්සේගේ තත්ත්වය සමග කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ සම්මුතියකට පැමිණ නැතුව ඇති. බුද්ධ දේශනාව ගැන තියෙන මනා අවබෝධය නිසා ම රජය තුළ පවා තික් මින් තියු හිමියන්ට සහය දෙන බොහෝ දෙනෙක් ඉන්නවා," බූ න්‍යෙන් පැවසීය.

රූපවාහිනියේ පෙනී සිටීමෙන් පසුව ඇති වූ කසුකුසුවෙන් අනතුරුව තික් මින් තියු හිමි හුදෙකලාව ජීවත් වීම සඳහා උන්වහන්සේගේ පවුලට අයත් සියා ලායිහි (Gia Lai) උයනක් වෙත වැඩම කළහ. උන්වහන්සේගේ මෙම නව ආරාමය වෙත ද දිගින් දිගට ම අවධානය යොමු වෙමින් පවතී. කුතුහලයෙන් හා භක්තියෙන් පිරී ගිය ජනකායක් තවමත් උන්වහන්සේගේ උපන් නගරයේ උන්වහන්සේ ධර්මාභ්‍යාසයේ යෙදෙන ප්‍රදේශය වටා එක්රොක් වෙමින් සිටින අතර, එය මාර්ග බාධක යෙදවීමට පොලිසිය පෙළඹවීමට හේතුවක් ද වී ඇත.

ජූනි 13 වන දින, තික් මින් තියු හිමියන්ගේ බාල සොහොයුරා ටික්ටොක්හි වීඩියෝවක පෙනී සිටිමින් පැවසුවේ, උන්වහන්සේ තවදුරටත් සිය පවුලට අයත් උයනේ නොමැති බව ය. මේ අතර, ජූනි 14 වන දා උදෑසන සමාජ මාධ්‍ය වාර්තා කළේ, මෙම හිමිනම "අතුරුදහන් වී ඇති" බව ය.

"තික් මින් තියු හිමියන්ට තමන්ගේ පැවිදි දිවිය ගත කරන්න නිදහස ලබා දිය යුතු යි. මට තේරෙන විදිහට උන්වහන්සේ විනයානුකූලව ජීවත් වෙන්න කැපවෙලා ඉන්නේ. පැවිදි ජීවිතය ගත කරන්න උන්වහන්සේ කුඩා ප්‍රදේශයකට සීමා කිරීමෙන් බුදු දහමේ සඳහන් වන පැවිදි දිවියේ සැබෑ හරයත් හෑල්ලුවට ලක් වෙනවා. ඒක නිසා, මේක බලධාරීන්ටත් විසඳගන්න අමාරු ප්‍රශ්නයක් වෙලා ඇති," බූ න්‍යෙන් පැවසීය.