ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායිවානයට ඒකක 7.4 ක ප්‍රබල භූ කම්පනයක් ඇති වූ මොහොත ඔබ දුටුවා ද?
වසර 25කට පසු තායිවානයට බලපෑ ඒකක 7.4 ක ප්‍රබලතම භූමිකම්පාවෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බව තායිවාන නිලධාරීන් තහවුරු කර තිබේ.
තායිපේ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල ගොඩනැගිලි දරුණු ලෙස සෙලවී ගොස් ඇති අතර, අපිකේන්ද්‍රය ආසන්නයේ පිහිටි හුආලීන් නගරයේ මිනිසුන් විශාල පිරිසක් සුන්බුන් යට සිරවී සිටින බවට බිය පළ වේ.
කඩා වැටුණු ගොඩනැගිලිවල සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකය. ජපානය සහ චීනය තායිවානයට ආධාර ලබා දීමට ඉදිරිපත්ව තිබේ. භූමිකම්පාව සිදුවන අවස්ථාවේ ගොඩනැගිලි ඇතුළත සහ තායිවානය පුරා විවිධ ස්ථානවල දර්ශන මෙහි දැක්වේ.