ඇමරිකාව වර්ජිනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් විශාල මිනිස් ඝාතනයක්

Ambulance seen in building parking

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එම තැනැත්තා ආණ්ඩුවේ නාගරික පාලනයට අයත් කාර්යාලයකට ඉබාගාතේ වෙඩි තබා ඇති බවත් නිලධාරීහු පවසති

'වර්ජිනියා' ප්‍රාන්තයේ ආණ්ඩුවේ ගොඩනැගිල්ලකට එල්ල කෙරුණ වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් සංඛ්‍යාව යටත් පිරිසෙයින් පුද්ගලයන් දොළොස් දෙනකුවත් බව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

වෙඩිතැබීම සිදුකළ තුවක්කුකරුවා 'අසහනකාරී' පුද්ගලයකු ලෙස වර්ජිනියා නිලධාරීන් විසින් හඳුන්වනු ලැබ ඇත.

එම තැනැත්තා ආණ්ඩුවේ නාගරික පාලනයට අයත් කාර්යාලයකට ඉබාගාතේ වෙඩි තබා ඇති බවත් නිලධාරීහු පවසති.

පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවේ දී තුවක්කුකරුත් මරණයට පත්ව ඇති අතර, එහෙත් ඔහුගේ අනන්‍යතාව තවමත් හෙළිදරව් කොට නොමැත.

එම වෙඩි හුවමාරුවේ දී පොලිස් භටයකුගේ වෙඩි නොවදින කබායට පතරොමක් එල්ල වීමෙන් එම පොලිස් භටයාත් තුවාල ලද බව නිලධාරීහු පවසති.

Virginia

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'වර්ජිනියා බීච්' නගරසභා මධ්‍යස්ථානය

'වර්ජිනියා බීච්' නගරසභා මධ්‍යස්ථානයේ සිටි වෘත්තිකයන් එම ස්ථානයෙන් ඉවත් කර ගනු ලැබුණ අතර එම කලාපය මහජනයාට ඇතුල් විය නොහැකි පරිදි වසා දමනු ලැබ ඇත.

වර්ජිනියා ප්‍රාන්තයේ WAVY රූපවාහිනියට ප්‍රකාශයක් කළ එම නාගරික මධ්‍යස්ථානයේ සහකාර නිලධාරිනී මෙගන් බැන්ටන් (Megan Banton) "මහජනයා පළා යමින් සිටියදී කෑ ගසන හඬ ඇසුන'' බව සඳහන් කළාය.

වර්ජිනියා
ඡායාරූප ශීර්ෂ වැකිය, වෙඩිතැබීම වාර්තා වෙන වර්ජිනියා බීච් නගරය

නාගරික මධ්‍යස්ථාන භූමියේ තිබුණ මෝටර් රථයකින් ද මළ සිරුරක් හමුවී ඇති අතර සෙසු මළ සිරුරු තෙමහල් මන්දිරය තුළ තිබුණි.

'වර්ජනියා බීච්' නාගරික පොලිස් ප්‍රධානී ජේම්ස් සර්වෙරා(James Cervera) එම ස්ථානයේ පැවති තත්වය "යුද පිටියකට" සමාන කළේය.

තුවක්කුකරුවා විසින් යොදාගත් රයිෆලයක් සහ අත්බෝම්බයක් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් දැනුවත් කරන ලද බව ධවල මන්දිර ප්‍රකාශකයෙක් පැවසීය.

අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වර්ජිනියා නිලධාරීන්ට සහයෝගය පිණිස ෆෙඩරල් ඔත්තු අංශයේ(FBI) නිලධාරීන් ද 'වර්ජනියා බීච්' කරා ගොස් සිටින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

වර්ජිනියා,ඇමෙරිකා වෙඩි තැබීම

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නගර සභා ගොඩනැගිල්ලෙන් ජනතාව ඉවත් කර ගනිමින්

වර්ජිනියා සෙනේට් සභික ටීම් කේන් (Tim Kaine) අදහස් දක්වමින් වර්ජිනියා වෙරළේ වෙඩි තැබීම ගැන ඇසීමෙන් බලවත් කම්පාවට පත් වූ බව කියා සිටියේය.

වර්ජිනියා ආණ්ඩුකරුද ප්‍රහාරය සහ සිදුව ඇති ජීවිත විනාශය සම්බන්ධයෙන් සිය කම්පාව ප්‍රකාශයට පත් කළේය.

කියවන්න;