ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති පළමු එක් දින ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට කඩුලු 9 කින් පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීහු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාංගණය තුළ කෝපයෙන් විරෝධතා දැක්වූහ.
ඒ අනුව උද්ඝෝෂකයන් විසිරී යන තුරු විනාඩි තිහකට ආසන්න කාලයක් ක්‍රීඩාංගණය තුළ රැඳී සිටීමට උපුල් තරංග ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
අවශ්‍ය වුවහොත් තත්වය පාලනය කිරීම පිණිස කැරලි මර්ධක පොලිසිය කැඳවීමට ද බලධාරීහු පියවර ගත්හ.
සබැඳි යොමු:
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේදී දක්ෂ පිතිහරඹයක යෙදුන නමුත් ඉන් අනතුරුව ලකුණු 216 කට සියලු දෙනාම දැවී ගියේය.
එයට ප්‍රතිචාර වශයෙන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 220 ක් රැස් කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත්වූහ.
පසුගිය මාස කිහිපය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපුරුදු දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ අතර, ඒ පිළිබඳව ක්‍රීඩා බලධාරීන්ට සහ කණ්ඩායමට ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල විවේචන එල්ල විය.

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/ SRI LANKA CRICKET
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන් මෙවැනි උද්ඝෝෂණයක නිරත වූ වෙනත් අවස්තාවක් මෑතදී වාර්තා වී නැත.
මීට ඉහතදී පැවති ටෙස්ට් තරගාවලියේ තරග සියල්ල කිසිදු තරගකාරී බවක් හෝ නොපෙන්වා පරාජය වීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්, ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට හා පින්නවල අලි බැලීම සඳහා කාලය ලබාදීම පිණිස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගය දින තුනක් ඇතුළත අවසන් කළ බවට හාස්‍ය ජනක අදහස් පළකර තිබුණි.
තරග පහකින් සමන්විත එක් දින සීමිත ඕවර තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී එක විස්සයි විස්ස තරගයකට ද සහභාගි වීමට නියමිතය.








