ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉඩම් ප්රශ්නය: උතුරේ පාසල් සිසුන් විරෝධතාවක
මුලතිවු දිස්ත්රික්කයේ පාසල් සිසුන් විශාල පිරිසක් මුලතිවු කේපාපිලවු ගම්මානය ඉදිරිපස සහ වෙනත් ස්ථානවල විරෝධතාවල නිරතව සිටියහ.
ඔවුන් එසේ විරෝධතාවක නිරත වූයේ මුලතිවු දිස්ත්රික්කයේ කේපාපිලවු පුදුකුඩීරිප්පු ඇතුළු ගම්මාන රැසක ඉඩම් ආපසු ලබාදෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමිනි.
මුලතිවු දිස්ත්රික්කයේ පාසල් සිසුන්ගේ විරෝධතාවට සහාය දැක්වීම සඳහා කිළිනොච්චිය දිස්ත්රික්කයේ පාසල් සිසුන් ද පාසල් ඉදිරිපසත් මහාමාර්ගවලත් උද්ඝෝෂණවල නිරතව සිටියහ.
විරෝධතා හේතුවෙන් අඟහරුවාදා මුලතිවු හා කිළිනොච්චි දිස්ත්රික්කවල කිසිදු පාසලක ඉගැන්වීම් කටයුතු සිදු නොවූ අතර, සියළුම සිසුන් විරෝධතාවලට එක් වී සිටියේ පාසල් නිල ඇඳුමින් සැරසීය.