මුස්ලිම් විද්වතාට රාම දෙවියන් ගැන ලිවීම තහනම්

ඡායාරූප මූලාශ්‍රය, BRITISH LIBRARY AND CSMVS MUSEUM MUMBAI
තමා විසින් අඛණ්ඩව රචනා කරමින් ඇති පුවත්පත් තීරු ලිපියක් නතර කරන මෙන් බල කෙරෙන බව ඉන්දියාවේ මුස්ලිම් විද්වතෙක් පවසයි.
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විද්වතකු වන එම්.එම්.බෂීර් කියා සිටින්නේ සිය තීරු ලිපි මාලාව නතර කරන මෙන් හින්දු දක්ෂිණාංශික පුද්ගලයන් කෙරෙන් එම බලපෑම එල්ල වෙන බවයි.
කලින් මහාචාර්ය පදවියක් ඉසිලූ එම්.එම්.බෂීර් සාහිත්‍යය විචාරකයෙකි.

සංස්කෘත සාහිත්‍යයේ සම්භාවනීය කෘතියක් වන රාමායනයේ එන හින්දු රාම දෙවියන්ගේ චරිතය පසුබිම් කර ගෙනයි සම්මානිත මහාචාර්ය එම්.එම්.බෂීර් සිය පුවත්පත් තීරු ලිපි මාලාව රචනා කරමින් සිටියේ.
තමා මුස්ලිම් ජාතිකයකු වන හෙයින් රාම වැනි හින්දු දේව චරිතයක් පදනම් කර ගනිමින් තීරු ලිපි රචනයට අයිතියක් නැති බව පවසමින් දක්ෂිණාංශික කණ්ඩායම් වලින් දුරකථන පණිවුඩ ලැබීමෙන් අනතුරුව එම තීරු ලිපි රචනය නතර කළ බවයි සම්මානිත මහාචාර්යවරයා පවසන්නේ.
ඉහත කී ප්‍රවණතාව අන්‍ය ආගම් නොඉවසීමක් හැටියට විග්‍රහ කරන ඉන්දියාවේ මුල් පෙළේ ලේඛකයන් ගණනාවක් ඉහත කී බලපෑම් කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, british library




