ජපාන ආර්ථිකයට බලපාන අඩු වන ශ්‍රම බලකාය

ඡායාරූප මූලාශ්‍රය, AFP
ජපානයේ ජනගහණය කෝටි දහයක නියත අගයක පවත්වා ගැනීම පිණිස කටයුතු කරන මෙන් ජනගහණ සංගණන කමිටුවක් රජයට බල කර සිටියි.
ජනගහණය පහත වැටීමේ ප්‍රවණතාවයට ආණ්ඩුව වහාම පිළියම් සෙවිය යුතු බවද කමිටුව අවධාරණය කරයි.
ජපානයේ වත්මන් ජනගහණය දොළොස් කෝටි හැත්තෑ ලක්ෂයකි.
උපත් වර්ධන වේගය අඩු වීම හේතුවෙන් වසර පනහකට අඩු කාලයක දී ජපාන ජනගහණය අට කෝටි හැත්තෑ ලක්ෂයක් දක්වා අඩු වන බවට තක්සේරු කෙරේ.
වැඩි වැඩියෙන් දරුවන් බිහි කිරීම සඳහා දිරිමත් කිරීමක් වශයෙන් රජය විසින් දෙමවුපියන්ට දෙනු ලබන ආධාර වැඩි කළ යුතු බවත් කමිටු වාර්තාවේ සඳහන්.




