ජපානයේ දරුවන්ගේ වාර්තාගත අඩුවක්

ලෝකයේ ජනගහන වර්ධන වේගය අඩු රටවල් අතරින් ජපානයට ප්‍රධාන ස්ථානයක් හිමිවේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකයේ ජනගහන වර්ධන වේගය අඩු රටවල් අතරින් ජපානයට ප්‍රධාන ස්ථානයක් හිමිවේ
Published

ජපානයේ දරුවන්ගේ සංඛ්‍යාවෙහි විශාල අඩු වීමක් දක්නට ඇති අතර අවුරුදු හැට පහට වැඩි වැඩිහිටියන්ගේ සංඛ්‍යාව වාර්තා ගත අන්දමින් ඉහල ගොස් ඇති බව නිල සංඛ්‍යාලේඛනවල දැක්වේ.

ජපාන රජයේ ඇස්තමේන්තු අනුව රටේ මුළු ජනගහනයෙන් සියයට දොළහයි දශම අටක් අවුරුදු පහළොවට අඩු දරුවන්.

නමුත් සියයට විසිපහක් අවුරුදු හැට පහ ඉක්මවූවන්.

ලෝකයේ ජනගහන වර්ධන වේගය අඩු රටවල් අතරින් ජපානයට ප්‍රධාන ස්ථානයක් හිමිවේ.

තරුණයන් සහ වැඩිහිටියන් අතර අනුපාතය අනාගත ආර්ථික වර්ධනයට දැඩි වශයෙන් බලපෑම් ඇති කෙරෙනු ඇති බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති.