චීනයේ කෝටි හතළිහකට භාෂාව බැහැ

චීනයේ කෝටි හතළිහකට අධික ජනකායකට රටේ නිල භාෂාව වන මැන්ඩරින් කතා කළ නොහැකි බව චීන බලධාරීහු ප්‍රකාශ කරති.
තවත් බොහෝ පිරිසකට මැන්ඩරින් භාෂාව නිවැරදිව කතා කළ නොහැකි බවයි වාර්තා වන්නේ.
චීන ආණ්ඩුව ප්‍රකාශ කරන පරිදි එරට නිල භාෂාව කතා කළ හැක්කේ මුළු ජනගහනයෙන් සියයට හතක් වැනි සුළු ප්‍රමාණයකට පමණි.
චීනයේ උප භාෂා දහස් ගණනක් ව්‍යවහාරයේ පවතින හෙයින් සියළු දෙනා අතර අදහස් හුවමාරුව සඳහා මැන්ඩරින් නිල භාෂාව බවට පත් විය.
ප්‍රවර්ධනය
චීනයේ භාෂා එකමුතුව ප්‍රවර්ධනය කිරීම සඳහා චීන රජය නව වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇත.
කෙසේ නමුත් සමස්ත ජනතාවටම මැන්ඩරින් භාෂාව ඉගැන්විය නොහැකි බව චීන බලධාරීන් ගේ පිළිගැනීමයි.
මැන්ඩරින් භාෂාව ප්‍රවර්ධනය කිරීමට එරෙහිව චීනයේ සුළු ජන කොටස්වල විරෝධය පළ වී ඇති අතර, පාසල් හි මැන්ඩරින් භාවිතය අනිවාර්ය කිරීමට එරෙහිව ටිබෙට් ජාතිකයෝ උද්ඝෝෂණ කරති.




