ඇමෙරිකාවේ සුදු දරු උපත් ප්‍රමාණය පහළට
ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු ජාතික දරු උපත් ප්‍රමාණය අනිකුත් ජනවර්ග වල දරු උපත් සංඛ්‍යාවට වඩා අඩු වී ඇතැයි වාර්තා වී ඇත.
ඇමෙරිකාවේ සුදු ජාතික දරු උපත් මෙසේ අඩුවී ඇත්තේ ඉතිහාසයේ පළමු වරට.
පසුගිය ජුලි මාසයට පෙර මාස දොළහ තුල සිදුවූ දරු උපත් පිලිබඳ සංඛ්‍යාලේකන හෙළි කරන වොෂින්ටනයේ ඇමෙරිකානු සංගණන කර්යාංශය කියා සිටින්නේ, සුදු ජාතික දරු උපත් සංඛ්‍යාව සියයට පනහකට වඩා අඩු වී ඇති බවයි.කළු, ආසියානු සහ දකුණු ඇමෙරිකානු සම්භවයක් සහිත දරු උපත් ප්‍රමණය සියයට පනහයි දශම හතරක් ලෙස සඳහන් වන බවද එම ආයතනය කියා සිටී.




