දුර්ලභ සුමාත්‍රා ව්‍යාඝ්‍ර පැටවුන් ජර්මානු සත්වෝද්‍යානයේ දී පළමු වරට මහජන ප්‍රදර්ශනයට
දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ උප විශේෂයකට අයත් කොටි පැටවුන් දෙදෙනෙක් ජුනි මාසයේ උපත ලැබීමෙන් පසු ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට එක් කර තිබේ.
සුමාත්‍රා ව්‍යාඝ්‍රයා හමුවන්නේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ පමණි. එමෙන්ම වසර දහයකට පසු සිදු වූ මෙම සුමාත්‍රා ව්‍යාඝ්‍ර පැටවුන්ගේ උපත එම උප විශේෂයේ අනාගතය පිළිබඳ යහපත් බලාපොරොත්තු ඇති කරයි.
