එල් සැල්වදෝර් රාජ්‍යයේ රහසිගත මහා බන්ධනාගාරය
මේ වසරේ පෙබරවාරියේ දී, එල් සැල්වදෝරය අලුතින් විවෘත කළ මහා බන්ධනාගාරයට එරට ඉහළ පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් මාරුකර යවන බවට එරට ජනපති නයිබ් බුකෙලේ නිවේදනය කළේ ය. ඒ, කල්ලිවලට එරෙහිව ඔහු ගෙනයන දීපව්‍යාප්ත මර්දනයේ නවතම පියවර ය.
නමුත්, මෙම බන්ධනාගාරය විවෘත කළ බවට නිවේදනය කිරීමෙන් පසු, එය තුළ රඳවා තැබෙනු ඇත්තේ කවුරුන් කුමන තත්ත්වයන් යටතේ ද යන්න පිළිබඳව වැඩි තොරතුරක් මාධ්‍යයට නිකුත් කෙරුනේ නැත.
බීබීසී මුන්ඩෝ සේවාව විසින් සිදුකළ විමර්ශනයකින් පසු, මේ මහා බන්ධනාගාරයේ සිරමැදිරි තුළ ජීවිතය කෙබඳු ද යන්න හෙළි කිරීම සඳහා පරිගණකය මඟින් ජනනය කරන ලද ප්‍රතිනිර්මාණයන් භාවිතාකර තිබේ.

