මහර බන්ධනාගාර සිද්ධියට සම්බන්ධ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙඩි ප්‍රහාරවලින් මියයාම අපරාධයක් ලෙස අධිකරණය ලබා දුන් තීන්දු යහපත් තීන්දුවක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව පවසයි.
“කොරෝනා රෝගය පැතිර නොගිය බන්ධනාගාරයක් තමයි මහර බන්ධනාගාරය. ඒ බන්ධනාගාරයට සිතා මතාම කොරෝනා රෝගය වැළඳුන රැඳවියෝ වෙනත් බන්ධනාගාරවලින් ගෙනත් දැම්මා එහි හිටපු අධිකාරිවරයාගේ කිසිඳු දැනුවත්භාවයකින් තොරව. ඒකත් එක්ක තමයි මේ ප්‍රශ්නය පටන් ගත්තේ රැඳවියෝ ඉල්ලුවේ ඔවුන්ට පීසිආර් පරික්ෂණ කරන්න කියලා, කොරෝනා රෝගය වැලඳිලා ද බලන්න කියලා. නමුත් ඒකට පිළිතුරු දුන්නේ උණ්ඩයෙන්.” සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
“කොරෝනා රෝගීන් කියලා මරණ පරීක්ෂණයකින් තොරව මියගිය රැඳවියන්ගේ මෘත ශරිර පුලුස්සලා දමන්න මේ අය උත්සාහ කළා. නමුත් අපේ නීතිඥයෝ මැදිහත් වෙලා අධිකරණ නියෝග අරගෙන පුලුස්සා දැමීම නතර කරලා මරණ පරික්ෂණයක් කරන්න කියලා ඉල්ලුවා. අධිකරණ නියෝග අනුව කරපු මරණ පරික්ෂණයේදී ඔප්පු වුණා මේ සියලුම දෙනා මියගියේ වෙඩි තැබීමක් නිසා කියලා”
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
සිරකරුවන් 11 ක් මරුමුවට පත් වූ මහර බන්ධනාගාර ගැටුම..
2020 වසරේ නොවැම්බර් 30 වෙනි දින මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය හමුවේ සිරකරුවන් 11 දෙනෙකු මිය ගොස් සියයකට වැඩි පිරිසකට තුවාල ලැබීය.
අලංකාර දේවගේ අමිත් සුබසිංහ, ඇරැව්වලගේ බවන්ත මහින්ද, වැලිකල විදානෙලාගේ කවිඳු සුළක්ෂණ විතානගේ, යකුපිටියගේ රසික හර්ෂණ කාරියවසම්, විතානගේ අවිශ්ක මල්ශාන්, හෙට්ටිආරච්චිගේ ලහිරු නිමන්ත, සිංගක්කාර ලියනගේ සම්පත් පුෂ්පකුමාර, ඉන්දික පුෂ්ප කුමාර, සරණප්‍රිය ජයසේකර පටබැඳිගේ සුමිත් කුමාර, සුදු දේවගේ ප්‍රදීප් අතුල කුමාර සහ මාලන් ක්‍රේග් යන රැඳවියන් බන්ධනාගාර වෙඩි තැබිමෙන් මියගියේය.
කොරෝනා වෛරසය ආසාදිත රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරුකිරීම මහර බන්ධනාගාරයේ ගැටුමට තුඩූදුන් බව මානව හිමිකම් කොමිෂන් සභාව 2020 වසරේ දෙසැම්බර් මසයේ දි පවසා තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වගකිවයුතු නිලධාරීන් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග
මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන, එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අප්‍රේල් 26 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කළේය.
මියගිය සිරකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයි මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබේ.
බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මැඩපැවැත්වීම සඳහා රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දුන් බවට සාක්කි ඉදිරිපත් වුවද මරණයට පත් වූ කිසිදු රැඳවියකුගේ දණහිසින් පහළට වෙඩි වැදී තිබූ බවට සලකුණු නොමැති බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා, මියගිය රැඳවියන් 11 දෙනාගේම මරණ සිදුවී ඇත්තේ ඔවුන්ගේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් බවට පවසා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
‘මේක මනුෂ්‍ය ඝාතනයක් කියලා සැකකරනවා කියන එක වෙනුවෙන් අපි පෙනී හිටියා.’
“මේක මනුෂ්‍ය ඝාතනයක් කියලා සැකකරනවා කියන එක වෙනුවෙන් අපි පෙනී හිටියා. අපි නඩුවට ඉදිරිපත් වෙද්දිත් නීතිපති දෙපාර්තුමේන්තුව තර්ක කළා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අපි පෙනී ඉන්නේ කොහොමද කියලා. අපි ඒවාට උසාවියට කරුණු දක්වලා නඩුවට පෙනී ඉන්න අවසර ගත්තා” යැයි මියගිය රැඳවියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනවිරත්න බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
වෙඩි තබා ඇත්තේ දණහිසෙන් පහළ ප්‍රදේශයට නොවන බවට සහ මරණ විය හැකි තුවාල සියලු දෙනාට සිදුවී ඇති බවට මරණ පරික්ෂණ වාර්තාවෙන් අනාවරණය වු බව ද නීතිඥවරිය පැවසුවාය.
අධිකරණය ලබා දුන් තීන්දුවේ සම්පුර්ණ ලිඛිත වාර්තාව මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව ද නීතිඥ අචලා සෙනවිරත්න සඳහන් කළාය.
අධිකරණ නියෝගය සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන බීබීසී සිංහල සේවය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූවගෙන් විමසීමක් කරනු ලැබීය.
අධිකරණ නියෝගය අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බව ඔහු කියා සිටියේය.












