මියන්මාරයේ ගුවනේ යුද්ධය: රුසියාව හමුදා ජුන්ටාවේ යුද්ධයට සහාය දෙන සැටි
රුසියාව මියන්මාර හමුදාවට දියුණු ප්‍රහාරක ජෙට් යානා සපයමින්, ඔවුන්ගේම ජනතාවට එරෙහිව සිදුකරන යුද්ධයේ දී ඒවා භාවිතා කරන්නට මියන්මාර හමුදා නියමුවන් පුහුණු කරයි.
හමුදා කුමන්ත්‍රණය සිදුවී වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇති අතර, එරට හමුදාව රටපුරා ඇතිව තිබෙන සන්නද්ධ නැගිටීමකට මුහුණපාමින්, බලය රඳවාගැනීමට හා නව සෙබළුන් බඳවාගැනීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිති.
එනිසා ඔවුන්ගේ හමුදාමය උපායමාර්ගය වී තිබෙන්නේ, විනාශකාරී ප්‍රතිවිපාක වැඩි ගුවන් ප්‍රහාරයන් වෙත තව තවත් යොමුවීම යි.
මේ විඩියෝවෙන් අපි බිමෙහිත්, ගුවනෙහිත් හමුදාවට එරෙහිව සටන් වදින ප්‍රතිසටන්කරුවන් හඹායමු.


