ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යෙව්ජීනි ප්‍රිගෝෂින් : පුටින්ට එරෙහිව කැරලි ගැසූ ඔහුගේ කෝකියා
වාග්නර් පෞද්ගලික හමුදා භට කණ්ඩායම් ප්‍රධානියා වන යෙව්ජීනි ප්‍රිගොෂින්, ඔහු කැඳවූ හමුදා කැරැල්ලකින් පසු රුසියාව හැර දමා බෙලරුස්හි පදිංචියට යාමට සූදානම්ව සිටී.
ප්‍රිගෝෂින් රුසියානු හමුදාවට එරෙහිව ඔහුගේ හමුදාව යොදවා සන්නද්ධ කැරැල්ලක් ආරම්භ කර ඇති අතර, මොස්කව් කරා ඉදිරියට යන ලෙස වාග්නර් හමුදාවන්ට පවසා ඇත. ඉදිරි ගමන දැන් නතර කර ඇත. එසේ නම් යුද්ධයේ ප්‍රධාන ප්‍රදේශවල රුසියානු ප්‍රහාරයට නායකත්වය දුන් මෙම පෞද්ගලික කුලී හේවායන් කණ්ඩායම භාරව සිටි පුද්ගලයා කවුද?