ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BBC හෙළිදරව් කළ ගෝලීය වඳුරු හිංසන ජාලය
ඉන්දුනීසියාවේ සිට ඇමෙරිකාව දක්වා විහිදුණු දුක්ඛිත වඳුරු හිංසන ජාලයක් හෙළිදරව් කිරීමට BBC ය වසරක් පුරා කළ ගවේෂණයකින් හැකි විය.
ටෙලිග්‍රෑම් යෙදුමෙ පෞද්ගලික කණ්ඩායම් අතට පත් වීමට පෙර වධක ප්‍රජාව යූටියුබ්හි ක්‍රියාත්මක විය. දිගු වල්ග සහිත වඳුරු පැටවුන්ට හිංසා කිරීම හෝ මරා දැමීම වෙනුවෙන් මුදල් ගෙවන අමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ තවත් රටවල ගනුදෙනුකරුවන් සිය ගණනක් සොයා ගැනීමට BBC සේවයට හැකි විය.
ඉන්දුනීසියාවේ සිටින හිංසකයින් මෙන්ම ඇමෙරිකාවේ සිටින ගැනුම්කරුවන් ද සොයා ගැනීමට BBC Eye කණ්ඩායමට හැකි වූ අතර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද හැකි විය.