ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගලවාගත් තැනැත්තා හැරයාම ප්‍රතික්ෂේප කරන පක්ෂියෙක්
මීට වසරකට පමණ ඉහත දී, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වෙසෙන මිනිසෙකුට ඔහුගේ ගොවිපළේ තුවාලවී වැටී සිටි සාරස් පක්ෂියෙකු හමුවිය.
දැන් මෙම පක්ෂියා අරීෆ්ගේ සමීපතම සංචාරක සගයා වන අතර, ඔවුන් එකට සිටිනු දැක්වෙන විඩියෝ දර්ශන වෛරල්වෙමින් පවතියි.
අරීෆ් පවසන්නේ ඔහු පක්ෂියා සිය නිවෙස වෙත ගෙනගොස් අත්බෙහෙත් යොදා, විශාල සැලකිල්ලක් දක්වමින් සුවපත් කළබව යි.
තුවාල සුවවූ පසු පක්ෂියා නැවතත් වනයට යනු ඇතැ යි ඔහු සිතූමුත් එය එසේ නොවීය. පක්ෂියා ඔහු හා නැවතුණු අතර, දෙදෙනා අතර උණුසුම් මිත්‍රත්වයක් ගොඩනැගී තිබේ.
පක්ෂියා කිසිවිටෙකත් ඔහු අසලින් නික්ම නොයනබව ඔහු පවසයි.
"ඌ සමහර දවස්වල ඈතට පියාඹලා යනවා, ඒ වුණාට ඒ හැම වතාවෙම හවසට ඉර බහිද්දී ආපු එනවා. මිත්‍රත්වය වර්ධනය වෙන්නේ නිදහස මත," අරීෆ් පවසයි.