ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ උග්‍රම විෂ සහිත සර්පයා 'මග මරුවා' ගැන මේ තොරතුරු ඔබ දැන සිටියාද ?
ශ්‍රී ලංකාවේ ජීවත්වෙන සර්ප විශේෂ 108ක් විද්‍යාත්මකව නාමකරණය කර තිබේ. ඒ අතරින් ගොඩබිම ජීවත්වෙන වඩාත්ම විෂ සහිත සර්පයා වන්නේ තෙල් කරවලාය.
ගැමියන් 'මග මරුවා' ලෙස හඳුන්වන මේ සර්පයා දෂ්ට කළ අවස්ථාවක නිරෝගී පුද්ගලයෙකු මරණයට පත්වීම සඳහා විෂ මිලි ග්‍රෑම් 2ක් පමණ ශරීරගත වීම ප්‍රමාණවත් වේ.
ශ්‍රී ලංකාවට අවේණික සර්ප විශේෂ සංඛ්‍යාව 55කි.
මරණයක් සිදු කළ හැකි උග්‍ර විෂ සහිත සර්ප විශේෂ ගණන 06ක් වන අතර තෙල් කරවලා, මුදු කරවලා, නයා, තිත් පොළඟා සහ කුණකටුවන් විශේෂ දෙකක් අයත්වෙන බව උරග හා උභයජීවී විද්‍යාඥ, මෙන්ඩිස් වික්‍රමසිංහ බීබීසීයට පැවසීය.