ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘කවදාවත් ඉගෙන ගන්න ප්‍රමාදයක් නෑ’ 12 ශ්‍රේණියේ විභාගයට පෙනී සිටින 80 හැවිරිදි මිත්තණිය කියයි
නේපාලයේ රාමේචාප් දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක වෙසෙන රත්නකුමාරි සුනුවර්ට පාසල් යාමට කිසිදු අවස්ථාවක් ලැබී නොතිබිණි.
ඇය නිවැසියන්ට සහය වීම සඳහා ගෙවිලියක වූවාය. පසුව ගෘහණියක වූ ඇය පසු කාලයක දරුවන් රැක බලා ගත්තාය.
දරුවන් වැඩිවියට පැමිණීමෙන් පසු 54 වන වියේදී ඇය ඉගෙනීම ආරම්භ කළාය.
රත්නකුමාරි පවසන්නේ, තමන් අධ්‍යාපනය ලබන්නේ රැකියාවක් කිරීමේ අරමුණින් නොවන බවය. පාසල් අධ්‍යාපනය හැර යන දරුවන්ට ඉගෙනීම ගැන උනන්දුවක් ඇති කිරීම සඳහා අධ්‍යාපනය ලබන බව ඇය පවසන්නීය.