ඉතියෝපියානු කුමරුගේ දේහය ආපසු යැවීම බකිංහැම් මාළිගය ප්‍රතික්ෂේප කරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉතියෝපියානු කුමරුගේ දේහය ආපසු එවුම බකිංහැම් මාළිගය ප්‍රතික්ෂේප කරයි

දහනව වන සියවසේ දී එංගලන්තයේ වින්ඩ්සර් මාළිගයේ මිහිදන් කෙරුණු ඉතියෝපියානු කුමරෙකුගේ දේහය ආපසු ලබාදෙන්නැ යි කළ නව ඉල්ලීම බකිංහැම් මාළිගය ප්‍රතික්ෂේපකර ඇත.

ඉතියෝපියාවේ ප්‍රමුඛතම පාලකයෙකුගේ පුත්‍රයෙකු වූ අලමයියු කුමරු බලහත්කාරයෙන් බ්‍රිතාන්‍යයට ගෙනයන විට ඔහුගේ වයස අවුරුදු හතකි.

ඔහුගේ සිරුර ගොඩගැනීම මඟින්, එහි තැන්පත්කර ඇති අනෙකුත් දේහයන්ට බාධා වනබව බකිංහැම් මාළිගය පවසයි.