ඉම්රාන් ඛාන් : හිටපු පාකිස්තාන අගමැති සහ සුපිරි ක්‍රිකට් තරුවට එරෙහිව ඇති චෝදනා මොනවාද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, අහ්මෙන් ඛවාජා සහ අසාඩ් අලි චෞර්දී විසිනි.
- Role, බීබීසී ලෝක සේවය
ඉම්රාන් ඛාන් යනු කවුද?
1992 වර්ෂයේ ලෝක කුසලාන ජයග්‍රහණය සදහා පාකිස්තානය මෙහෙය වූ ඔහු හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන අතර පසුව දේශපාලඥයෙකු බවට පත්විය.
ලාහෝර්හි උපන් ඔහු පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අතර සිය මව අනුස්මරණය උදෙසා පිළිකා රෝහලක් ඉදිකිරිම සඳහා ඩොලර් මිලියන ගණනක් අරමුදල් ලෙස රැස් කළේය.
පරිත්‍යාගශීලිත්වය සඳහා වූ එම ප්‍රවේශය ඔහුව දේශපාලනය කරා රැගෙන යාමට හේතු වූ අතර එහිදී එතෙක් පැවති කෙළිලොල් ප්‍රතිරූපය ඉවතට විසි විය.
පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පී ටී අයි) පක්ෂයේ ප්‍රධානියා ලෙස ඛාන් කටයුතු කරනු ලැබූ අතර, ඔහු 2018 වර්ෂයේ ජුලි මාසයේ සිට 2022 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා පාකිස්තානයේ අගමැතිවරයා ලෙස ක්‍රියා කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දූෂණ නඩුව කුමක්ද?
පාකිස්තානයේ දූෂණ විරෝධී ආයතනය වන ජාතික වගවීමේ කාර්යාංශය විසින් ගොනු කරන ලද චෝදනා රැසක් සම්බන්ධයෙන් 2023 මැයි 9 වන දින ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ පුණ්‍ය ආයතනයක් හරහා දේපළ වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලසක් වශයෙන් ඩොලර් මිලියන ගණනක් වටිනා ඉඩමක් ලබා ගත් බවට රජයේ නිලධාරී හූ චෝදනා කරති.
එය අල්-ඛදීර් භාරයේ නඩුව ලෙස හැඳින්වේ. ඛාන් සහ ඔහුගේ සාහයකයින් තමන් කිසිදු වරදක් කළ බව ප්‍රතික්ෂේප කරයි.
70 හැවිරිදි ඔහු පවසන්නේ මෙම චෝදනා දේශපාලන අරමුණක් මත එල්ල කරන ලද ඒවා බවයි. තමා බලයෙන් පහ කිරීමට දේශපාලන පක්ෂ රටේ ප්‍රබල හමුදාව සමග එකතු වී සිටින බවට ඔහු චෝදනා කරයි.
අල්-ඛදීර් භාරය යනු කුමක්ද?
අල්-ඛදීර් භාරය යනු රාජ්‍ය නොවන සුබසාධන සංවිධානයකි.
හිටපු අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ තෙවැනි බිරිඳ වන බුෂ්රා බිබී ලෙසද හැඳින්වෙන බුෂ්රා වට්ටූ එහි භාරකාර මණ්ඩලයේ කටයුතු කරයි.
පාකිස්තානයේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන පන්ජාබ් හි අල්-ඛදීර් විශ්ව විද්‍යාලය පිහිටුවීමට ඛාන් පොරොන්දු විය.
පන්ජාබයේ ජෙලම් දිස්ත්‍රික්කයේ අක්කර 60ක භුමි ප්‍රමාණයක් විශ්ව විද්‍යාලය සඳහා වෙන් කර තිබෙන නමුත් එහි ඉදිකිරීම් සිදුකර ඇත්තේ ඉතා සුළු වශයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම සිදුවීම සමග බ්‍රිතාන්‍යයට ඇති සම්බන්ධය කුමක්ද ?
2019 දෙසැම්බර් 3 වන දින, එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය (NCA) විසින් පාකිස්තානයේ ධනවත්ම සහ බලවත්ම ව්‍යාපාරිකයෙකු වන මලික් රියාස් හුසේන් සමග පවුම් මිලියන 190 ක බේරුමකරණයක් පිලිබඳව නිවේදනයක් සිදුකරනු ලැබිය.
එක්සත් රාජධානියේ ඔහුට අයත් ගිණුම්වල අත්හිටවනු ලැබූ අරමුදල් "විදේශ රටක අල්ලස් සහ දූෂණයෙන් ලබාගත් ඒවා බවට සැක කෙරේ"යනුවෙන් එයින් කියවිණි.
එම මුදල් පාකිස්තානයට ආපසු ලබා දිය යුතු බවට එම නිවේදනයේ දැක්වේ.
හුසේන් සිදුවීම වූ දිනයේදීම පිළිතුරු ලෙස ට්විටර් සටහනක් තැබුවේය.
"බහරියා ටවුන් කරච්චිට එරෙහිව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයට පවුම් මිලියන 190ක් පියවීම සඳහා තමන්ට අයත් එක්සත් රාජධානියේ ඇති නීත්‍යානුකූල සහ ප්‍රකාශිත දේපළ විකුණු බව" ඔහු ටිව්ටර් ගිණුමේ සදහන් කර තිබිණි.
එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය නිකුත් කළ නිවේදනය කියා සිටින්නේ " බේරුම්කරණය සිවිල් කාරණයක් වන අතර වරදක් සොයා ගැනීමක් නියෝජනය නොකරන බවයි." යන්නකි.
චෝදනා එල්ලවන අල්ලස සිදුවී ඇතැයි පැවසෙන්නේ කොහොමද?
වත්මන් රජය කියා සිටින්නේ පවුම් මිලියන 190 (ඩොලර් මිලියන 240) පාකිස්තානයේ භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවට; ඉම්රාන් ඛාන්ගේ රජය, කරච්චි නගරයේ වෙළඳපල වටිනාකමට වඩා අඩු මිලකට රජයේ ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හුසේන්ට එරෙහිව පාකිස්තාන අධිකරණයක් විසින් ගොනු කරන ලද දඩ මුදල් ගෙවීමට එම මුදල භාවිතා කර ඇති බවයි.
එම සහයෝගය වෙනුවෙන් හුසේන් විසින් ජෙලම් හි පිහිටි ඉඩම අල්-ඛදීර් පුන්‍ය භාරයට ලබා දුන් බවට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා චෝදනා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මින් මතුවට පකිස්තානයේ අනාගතය කෙබඳු විය හැකිද?
අගමැති ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු, ඉම්රාන් ඛාන් කඩිනම් මැතිවරණක් ඉල්ලා විරෝධතා කටයුතුවල නිරත විය. මැතිවරණය මේ වසර අග දී පැවැත්වීමට නියමිතය.
ඔහුගේ සහායකයින් පවසන්නේ ඔහුට එරෙහිව නීතිමය නඩු 100 කට වඩා පවතින බවයි.
පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයයේ වුවද, මිලියන 230ක ජනගහණයක් සහිත පාකිස්තානය තුළ ඉම්රාන් ඛාන් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටියි
ඔහුගේ ජනප්‍රියතාවයට ප්‍රධාන හේතුවක් වන්නේ ඔහුට එරෙහිව පවතින නීතිමය කටයුතු බව බෝහෝ දෙනෙකුගේ අදහසයි.












