ධවල මන්දිරයේ තණතිල්ලට පිවිසුණු අනාරාධිත අමුත්තා

ඡායාරූප මූලාශ්‍රය, EPA
- Author, බ්‍රැන්ඩන් ඩ්‍රෙනන්
- Role, බීබීසී පුවත්, වොෂින්ටනය
ඇමෙරිකා එක්සත් ජනපද රහස් සේවය, අඟහරුවාදා (අප්‍රේල් 18) ධවල මන්දිරය වටා ඇති යකඩ වැට හරහා කුඩා දරුවෙකු ඇතුළුවීමත් සමග වහාම ක්‍රියාත්මක විය.
උතුරු දෙසින් පිහිටි තෘණ භුමිය දෙසින් ඇතුළුවූ කුඩා දරුවා සොයා නිලධාරීන් විසින් එම භුමිය පුරා සෝදිසි කරනු ලැබුණි.
පෙන්සිල්වේනියා ඇවනියු මාවතේ රැඳී සිටි දරුවාගේ මව්පියන් වෙත නිලධාරීන් විසින් දරුවා ඔසවාගෙන එන විට ඔහු පාගසමින් සිටියේ ය.
මෙම කුඩා ප්‍රමාණයේ ගැටලුව විසදන තෙක් ධවල මන්දිරයට ප්‍රවේශවීම තාවකාලිකව අත්හිටුවන ලදී.
ආරක්ෂක බිඳවැටීම සිදුවන අවස්ථාවේ, ජනාධිපති බයිඩන්ගේ මහජන කාලසටහන අනුව ඔහු සිය මන්දිරයේ සිට ඇතිබව සඳහන් ය.
රහස් සේවයේ ප්‍රකාශක ඇන්තනි ගුග්ලියෙල්මි සඳහන් කළේ, නිලධාරීන්ට "කුතුහලයෙන් පිරි තරුණ අමුත්තෙක් හමුවූ" බව යි.
"ධවල මන්දිර ආරක්ෂක පද්ධති ක්ෂණිකවම රහස් සේවා නිලධාරීන්ව ඒ පිළිබඳව දැනුවත් කරන ලද අතර, කුඩා දරුවා සහ මව්පියන් ඉක්මනින් නැවත එක් කෙරුනා," ගුග්ලියෙල්මි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
අදාළ පවුලට පිටත්ව යෑමට අවසර ලබාදීමට පෙර නිලධාරීන් විසින් මව්පියන්ගෙන් ප්‍රශ්නකර තිබේ.
ධවල මන්දිරය වටා ඉදිකර ඇති ඩොලර් මිලියන 64ක් වටිනා තාප්පය අඩි 13කින් (මීටර් 3.9ක) උසකින් යුක්ත ය. එය මීට පෙර එහි පැවති උසට වඩා දෙගුණයකින් වැඩිකර ඇත. ඒ මන්දිරයේ ආරක්ෂාව වෙනුවෙන් මෑතක දී සිදුකරන ලද ප්‍රතිසංස්කරණ කටයුතුවල දීය. උසින් පමණක්ම නොව, කණු දෙකක් අතර ඇති පරතරය ද අඟලකින් වැඩිවී ඇත.
"තාප්ප බබා" ලෙස ලෙස නම් කරන ලැබූ තවත් කුඩා දරුවෙකු 2014 වසරේ දී අනාරාධිත ලෙස ධවල මන්දිරයේ භූමියට රිංගා ඇත.
"අපි ඔහුගෙන් ප්‍රශ්න කරන්නට ඔහුට කතාබහ කරන්න හැකිවෙන තෙක් බලා ඉන්නයි හිටියේ. නමුත් ඒ වෙනුවට ඔහුට ටයිම්අවුට් එකක් දීලා, ඔහුගේ මව්පියන් සමග නැවත යෑමට අවස්ථාව දුන්නා," රහස් ඔත්තු සේවයේ ප්‍රකාශකවරයා උපුටා දක්වමින් යු.එස්.ඒ. ටුඩේ පුවත්පත වාර්තා කර තිබුණි.









