නේපාල ගුවන් අනතුර: අනතුර ඇසින් දුටු සාක්ෂිකරුවන් මාස ගණනකට පසුවත් කම්පනයෙන්

වීඩියෝ ශීර්ෂ වැකිය, 'අනතුරෙන් පස්සෙ, මට ප්ලේන්වල සද්දෙ ඇහුණාම හුඟක් බය හිතෙනවා'

නේපාලයේ නගරයක වැසියන්, ඔවුන් මාස ගණනකට පෙර දුටු මාරාන්තික ගුවන් අනතුරක් නිසා තවමත් කම්පනයෙන් පසුවන බව පවසයි. අදාළ ගුවන් අනතුර හේතුවෙන්, යානයේ ගමන් කළ හැත්තෑ දෙදෙනාම මරණයට පත්විය.

පසුගිය ජනවාරි 15 දා යෙටී ගුවන් සේවයේ ATR 72 නම් යානය කත්මන්ඩු සිට ජනාකීර්ණ පොඛාරා ප්‍රදේශයට ඉහළින් පියාසර කර, අසල පිහිටි ගංගා දොරුවකට පතිත විය.

මෙය නේපාලය තිස් වසරකින් මුහුණදුන් මාරාන්තිකම ගුවන් අනතුර යි. ප්‍රදේශයේ පදංචිකරුවන් බොහොමයක් දෙනාට තවමත් ගුවන් යානයේ සුන්බුන් දකිමින් ජීවත්වන්නට සිදුව තිබේ.

බීබීසී වාර්තාකාරිනී ශ්‍රීජනා ශ්‍රේස්තා අනතුර සිදුවූ ස්ථානයට ගොස්, එම ඉරණම්කාරී දිනයෙන් අනතුරුව ඒ අවට වෙසෙන ජනතාව සාමාන්‍ය දිවියට පැමිණීමට යෙදෙන අරගලය ගැන ඔවුන් හා කතාබහ කළා ය.