දුරස්ථ පෙම් සබඳතා සඳහා වර්චුවල් සිපගැනුම් යන්ත්‍රයක්
ලොක්ඩවුන් සමයේ ආභාෂය ලබා නිර්මාණය කෙරුණු මෙම අසාමාන්‍ය උපාංගය, අන්තර්ජාලයේ සහ සැබෑ ජීවිතයේ දීත් බොහෝ කතාබහට ලක්ව තිබේ.
චීන ආරම්භක සමාගමක් විසින් ඔබේ දුරකථනයේ ඇප් එකක් සමග ක්‍රියාකරන දුරස්ථ සිපගැනුම් යන්ත්‍රයක් නිර්මාණයකර ඇත.
එහි සත්‍ය තොල්වලට සමාන සිලිකන් තොල්වල සඟවා ඇති චලන සංවේදක හරහා එකතුකර ගන්නා පුද්ගලයෙකුගේ "සිපගැනීමේ දත්ත" සම්ප්‍රේෂණය කරන අතර, ඔබ වෙත ආපිට හාදුවක් ලැබුණු විට ද චලනය වේ. නමුත් එය ජනප්‍රිය වනු ඇති ද? මෙය ද ආලයේ අනාගතය?



