ලෙබනනයේ නව නිපැයුම්කරුවෙකු නිර්මාණය කළ සුළං ටර්බයිනය විදුලි කප්පාදුව මධ්‍යයේ නිවාස බලගන්වයි

වීඩියෝ ශීර්ෂ වැකිය, Reuters
Published

නව නිපැයුම්කරුවෙකු වන මොහොමඩ් සබ්සාබි ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍යවලින් සුළං ටර්බයිනයක් සාදා, ඔහුගේ පවුලේ අයට සහ අසල්වැසියන්ට විදුලිය සපයයි.

භාවිතා කරන ලද ප්ලාස්ටික් බැරල් වලින් ටර්බයිනයේ තල සහ බමර නිර්මාණය කර ඇති අතර එයට සවි කර ඇති ජෙනරේටරය මගින් විදුලිය නිපදවයි.

සිය අසල්වාසීන් ඩීසල් විදුලි ජනක යන්ත්‍ර මත විශ්වාසය තැබූ නමුත්, රටේ ආර්ථික අර්බුදය ආනයනික ඉන්ධන සැපයුම අඩු කිරීම නිසා ඔවුන් ඒවා ක්‍රියාත්මක කිරීම දුෂ්කර වී ඇත.