දශක දෙකක් පුරා සෑම දිනෙකම සිය පුත්‍රයාගේ සේයාරුවක් ගත් පියෙක්

වීඩියෝ ශීර්ෂ වැකිය, දශක දෙකක් පුරා සෑම දිනෙකම සිය පුත්‍රයාගේ සේයාරුවක් ගත් පියෙක්

තම පුත්‍රයාගේ දිවියේ පළමු වසර 21 තුළ සෑම දිනකම ඔහුගේ ඡායාරූපයක් ගත් පියෙකු, තම දරුවා වැඩෙන ආකාරය ඡායාරූපගත කිරීම "සතුටක්" වූ බව පවසයි.

එංගලන්තයේ හැරෝගේට්හි ඉයන් මැක්ක්ලවුඩ්ට අවශ්‍ය වූයේ ඔහුගේ පුත්‍ර කෝරිගේ ළමා කාලය මොහොතක් හෝ අමතක නොවනබවට වගබලා ගැනීමට ය. එබැවින් ඔහු කැමරාව අතට ගත්තේ ය.

දැනට 30 හැවිරිදි වියේ පසුවන කෝරි මීට වසර නවයකට පෙර ඡායාරූප ගැනීමේ රාජකාරිය තමාට පවරාගත් අතර, එම ව්‍යාපෘතිය දිගටම කරගෙන යනබව පවසයි.