ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජාත්‍යන්තර කාන්තා දිනය: ලිංගික අපයෝජනයට එරෙහිව සටන් කිරීමට භාෂාව උපකාරවන ආකාරය
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගෝලීය ගැටලුවකි - අප ඒ ගැන සිතන ආකාරය සම්බන්ධයෙන් වචන ද වැදගත් කාර්යයභාරයක් ඉටුකරයි.
ලෝකයේ ප්‍රතිවිරුද්ධ දිශාවන්හි වාසය කරන කාන්තාවන්ට ඔවුන් මුහුණපෑ ලිංගික අතවර පිළිබඳ අත්දැකීම් බෙදාගත හැකි නමුත්, ඒ එක් එක් හැසිරීම විස්තර කිරීමට සෑම භාෂාවකටම නිශ්චිත වචනයක් නැත.
එබැවින්, ඔවුන්ගේ භාෂාවෙන් යම් ලිංගික අපයෝජනයන් හඳුන්වන විශේෂිත වදන් හා යෙදුම් බෙදාගන්නා ලෙස අපි බීබීසී ලෝක සේවයේ මාධ්‍යවේදිනියන්ගෙන් ඉල්ලා සිටියෙමු.