ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විරෝධතාවේ නියැලෙන ඉරාන කතුන්ගේ සැඟවුණු දිනපොත්
මහ්සා අමීනි නම් තරුණ දැරිය සිය හිස් ආවරණය නිවැරදිව පැළඳ නොසිටීම නිසා ඉරානයේ සදාචාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරකරගෙන සිටිය දී මරා දැමුණු දා පටන්, ඉස්ලාමීය ජනරජයේ දැඩි නීතිරීතිවලින් මිදුනු ජීවිතයක් අපේක්ෂා කරන කාන්තාවන්ගෙන් සහ පිරිමින්ගෙන් සැදි දෛනික විරෝධතාවලින් රට කැළඹී ඇත.
මහ්සා අමීනිගේ කතාව අපි දනිමු. නමුත් දිගින් දිගටම විරෝධතාවේ නියැලෙන කාන්තාවන් එදිනෙදා ජීවිතයේ දී මුහුණපානා අත්දැකීම් ගැන අප දන්නේ ද?
මාස දෙකහමාරකට වැඩි කාලයක් පුරා, මේ කාන්තාවන් ඔවුන්ගේ සිතිවිලි, ඔවුන්ගේ හඬ සටහන්, ලියැවිලි සහ සිත්තම් බීබීසීහි සබා සවාරෙයි වෙත එවා තිබේ.
මෙම විරෝධතා බටහිරින් අවුළුවන කුමන්ත්‍රණයක්බව ඉරාන රජය පවසයි.
මේ වන විට, ලෝක අවධානය ඉල්ලන බොහෝ හඬවල් ඉරානයෙන් ඇසෙයි. මේ කාන්තාවන් තිදෙනා ද එවැන්නියන් ය. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ නම් වෙනස්කර ඇත.