ජාත්‍යන්තර කාන්තා දිනය: ලිංගික අපයෝජනයට එරෙහිව සටන් කිරීමට භාෂාව උපකාරවන ආකාරය

වීඩියෝ ශීර්ෂ වැකිය, 'අපයෝජනයකට නමක් නැති නම්, එවැන්නක් සිදුවෙනබව පිළිගන්න ඔබට බැහැ'

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගෝලීය ගැටලුවකි - අප ඒ ගැන සිතන ආකාරය සම්බන්ධයෙන් වචන ද වැදගත් කාර්යයභාරයක් ඉටුකරයි.

ලෝකයේ ප්‍රතිවිරුද්ධ දිශාවන්හි වාසය කරන කාන්තාවන්ට ඔවුන් මුහුණපෑ ලිංගික අතවර පිළිබඳ අත්දැකීම් බෙදාගත හැකි නමුත්, ඒ එක් එක් හැසිරීම විස්තර කිරීමට සෑම භාෂාවකටම නිශ්චිත වචනයක් නැත.

එබැවින්, ඔවුන්ගේ භාෂාවෙන් යම් ලිංගික අපයෝජනයන් හඳුන්වන විශේෂිත වදන් හා යෙදුම් බෙදාගන්නා ලෙස අපි බීබීසී ලෝක සේවයේ මාධ්‍යවේදිනියන්ගෙන් ඉල්ලා සිටියෙමු.