ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොව දුලබම චිම්පන්සි පැටවෙකු එක්සත් රාජධානියේ සත්තු වත්තක උපත ලබයි
"ලෝකයේ දුලබම චිම්පන්සියා" ලෙස සංරක්ෂණවාදීන් විසින් හැඳින්වෙන, දැඩි සේ වඳවීයෑමේ තර්ජනයට ලක්ව සිටින බටහිරදිග චිම්පන්සියෙකු එක්සත් රාජධානියේ සත්ත්වෝද්‍යානයක දී උපත ලබා ඇත.
චෙස්ටර් සත්වෝද්‍යානය පැවසුවේ, ස්වභාවික පරිසරයේ දී "විශාල තර්ජනයකට ලක්ව සිටින" මෙම විශේෂයේ ගෝලීය ජනගහණයට මෙම උපත "කුඩා නමුත් වැදගත් තල්ලුවක්" වනබව යි.
චිම්පන්සි "බබා" යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, ඔහුගේ මව සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයින් සමග ඔහු හොඳින් බැඳී සිටිනබව සත්ත්වෝද්‍යානය වැඩිදුරටත් සඳහන් කරයි.