ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විද්‍යාඥයින්ට ප්‍රහේළිකාවක් වූ ලීමර්ගේ නහය හෑරීම
කැමරාවක සටහන් වූ නාසය හාරන ලීමර් සතෙකු නිසා විද්‍යාඥයින් අතර විවාදයක් නිර්මාණය වී තිබේ.
එම ලීමර් සිය දිගු මැදඟිල්ලෙන් නාස්පුඩු හාරන ආකාරය රූගත කරනු ලැබ ඇත්තේ, බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඈන් ක්ලෙයාර් ෆේබර් විසිනි. 'අයේ අයේ' යනුවෙන් හැඳින්වෙන මෙම ලීමර් විශේෂය දිගු ඇඟිලි සහිතය.
විද්‍යාඥයින් උත්සහ කරන්නේ, මෙය අවදානමක් ද එසේ නැතහොත් ප්‍රතිලාභයක් දැයි නිගමනයකට එළඹීමටය.