හැරී කුමරුගේ මතක සටහන් මතභේදාත්මකවීමට හේතු හයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, හැරී කුමරුගේ මතක සටහන් මතභේදාත්මකවීමට හේතු හයක්

හැරී කුමරුගේ මතක සටහන් ඇතුළත් 'ස්පෙයා' (Spare) නම් කෘතිය ඔස්සේ , බ්‍රිතාන්‍ය රාජකීය පවුලට එරෙහිව මැසිවිලි සහ චෝදනා රැසක් කර තිබේ.

ග්‍රන්ථය නිල වශයෙන් නිකුත්වීමට නියමිතව තිබුණේ ජනවාරි 10 දා නමුත් ස්පාඤ්ඤයේ දී එය වැරදීමකින් වෙළඳපොළට නිකුත්ව තිබුණ අතර, එහි පිටපතක් ලබාගැනීමට බීබීසී ප්‍රවෘත්ති සේවය සමත්විය.

ග්‍රන්ථය හරහා හැරී සිදුකළ හෙළිදරව්කිරීම් අතර, ඔහුගේ බිරිඳ මෙගන් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක දී ඔහුගේ සොයුරා ඔහුට පහරදීම, ඔහු ඇෆ්ඝනිස්ථානයේ හමුදා සේවයේ යෙදුනු සමයේ තාලිබාන් සටන්කරුවන් 25 දෙනෙකු මරා දැමීම, ඔහු ළාබාල කාලයේ දී කොකේන් මත්ද්‍රව්‍යය ලබාගැනීම හා, ඔහුගේ මව වූ දිවංගත ඩයනා කුමරිය සම්බන්ධයෙන් ආධ්‍යාත්මික ශක්තීන් සහිත පුද්ගලයෙකු හා කතාබහ කළ ආකාරය ඇතුළත් ය.

මෙම කෘතිය හරහා හැරීගේ පාර්ශවයේ අදහස් ඉදිරිපත් කරන අතර, කෙන්සිංටන් හා බකිංහැම් මාළිගා මේ සඳහා අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.