ඉරානයේ කාන්තාවක විරෝධයේ සංකේතය වූ හැටි

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉරානයේ කාන්තාවක් විරෝධයේ සංකේතයක් වූ හැටි

ඉරානය පුරා විරෝධතා රැල්ලකට 22 හැවිරිදි යුවතියක් වන මහ්සා අමීනිගේ මරණය තුඩු දී ඇත.

හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් මහ්සා අමීනි අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් අත්අඩංගුවේ දී ඇයට පහර දුන් බව සාක්ෂිකරුවන් පවසන අතර වයඹ දිග නගරයක් වන සාකේස් හි දී මෙම කුර්දි ජාතික කාන්තාව දින තුනක් කෝමා තත්ත්වයේ ගත කර, පසුගිය සිකුරාදා ටෙහෙරානයේ රෝහලේදී මිය ගියාය.

එක් ගැහැනියකගේ ඛේදනීය ඉරණම මහමඟ කෝපයක් වැගිරීමට තුඩු දුන් ආකාරය පිළිබඳ කතාවයි මේ.