මේ වසරේ විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීම ලක්ෂ 2කත් ඉක්මවයි.

ඡායාරූප මූලාශ්‍රය, ARUN SANKAR
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ රටවල් වලට ගොස් රැකියා සොයන්නට තරුණ තරුණියන් ඇතුලු ශ්‍රී ලාංකිකයෝ සැලකිය යුතු පිරිසක් උත්සාහ දරමින් සිටිති.
රැකියා අහිමිවීමේ අවදානම
"ගිය ජූලි මාසයේදී මට මගේ රැකියාව අහිමි වුනා. මාව රැකියාවෙන් නෙරපන්න හේතුව මම මගේ රැකියා ස්ථානයෙන් ඇහුවම මට එයාලා කිව්වේ දැන් ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක එයාලට මාව රැකියාවේ තබාගන්න බැරි බවයි. ඒක ඇහුවම මම ගොඩක් අසරණ වුනා." එසේ පැවසුවේ පසුගිය දිනවලදී ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපට තිබෙන ගමන් බලපත්‍ර සඳහා වූ පෝලිමේ සිටි සමීර සමරකෝන් ය.
"මම දැන් මාස කිහිපයක් තිස්සෙම ලංකාවේ රැකියාවක් හොයන්න ගොඩක් මහන්සි වුනා. මම තොරතුරු තාක්ෂණ වෘත්තියේ හිටියත් මට හරි රැකියාවක් හොයාගන්න බැරි වුනා. ඉතින් මට වෙන විකල්පයක් නැහැ, රට යන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ලංකාවේ දැන් තියෙන තත්ත්වය මට විතරක් නෙමෙයි මන් වගේ ගොඩක් අයට තදින්ම බලපාල තියෙනවා." යනුවෙන් සමීර වැඩිදුරටත් පැවසුවේය.
ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ දිගින් දිගටම හැකිලෙමින් පවතින අතර අවිධිමත් කේෂ්ත්‍ර රැසක සේවය කළ බොහෝ දෙනෙකුට තම රැකියා අහිමිවීමට හෝ අහිමිවීමේ තර්ජනයට මුහුණ දීමට සිදුව තිබෙන බවට ආර්ථික විශේෂඥයින් පවසයි.
තරුණ තරුණියන්ට තම රැකියාවන් අහිමි වීම පිළිබඳව පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකාරිනියකගෙන් අප කළ විමසිමකදී ඇය පැවසුවේ "ඇත්තටම දැන් අපි මුහුණ දෙන ගැටලුව ඉතා සංකීර්ණයි. ශ්‍රී ලංකාව දැන් තියෙන තත්ත්වයත් එක්ක සමහර වේලාවන් වලදී අපට අපගේ සේවකයන්ව රැකියාවෙන් අයින් කරන්න සිදුවෙනවා. සේවක වැටුප් වලට ඇති වියදම අඩු කරගෙන තමයි අපිට දැන් අපගේ ආයතනය ඉදිරියට ගෙනියන්න වෙලා තියෙන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto
එසේම සේවකයින් රැකියා වලින් ඉවත්වී විදේශ ගතවේදැයි අප විමසු අවස්ථාවේදී ඇය කියා සිටියේ "ඔව් දැන් ඒකත් අපිට ලොකු අභියෝගයක්. ගිය මාසයේදී අප ආයතනයේ සේවකයින් 6ක් විතර ඉල්ලා අස් වුනා. ඒ සඳහා ඔවුන් හේතු දක්වා තිබුනේ විදේශ ගතවීම කියලයි. මේ අවුරුද්ද ඇතුලත සේවකයින් විශාල ප්‍රමාණයක් තම සේවයෙන් ඉල්ලා අස්වී තියෙනවා. එයින් බහුතරයක් විදේශ ගත වී තිබෙනවා. නමුත් ආයතනයක් වශයෙන් අපි ඔවුන්ට ඔවුන්ගේ වැටුප ඩොලරයේ අගයට සමානව ලබා දුන්නත් එයින් පලක් වුනේ නැහැ."
"කොවිඩ් වසංගතය උග්‍රව තිබු කාල වකවානුව තුළදීත් මෙවැනි තත්ත්වයක් උදා වුනා. නමුත් දැන් තිබෙන තත්ත්වය ඉතා අසීරුයි. ඒ වගේම පුරප්පාඩු තනතුරු වලට සේවකයින් සොයා ගැනීමත් විශාල අභියෝගයක්. අපි කොතරම් පුරප්පාඩු දැන්වීම් ප්‍රචාරය කලත් එයින් කිසිම පලක් නැහැ. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය දක්ෂතා වලින් සපිරි තරුණ තරුණියන් දැන් රටින් පිට වෙලා. නැත්නම් රටින් පිට වන්නට සූදානම් වනවා. මෙවැනි තත්වයන් ඉතාම භයානකයි." යනුවෙන් ඇය කියා සිටියාය.
ආර්ථික විශේෂඥයින් පවසන්නේ 1970-1990 කාලයේ යුද්ධය හා සිවිල් අස්ථාවර භාවය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් විශාල පිරිසක් බුද්ධිගලනය වීම හේතුවෙන් සමාජයේ විශාල හිඩැසක් ඇතිවූ බවත් නැවතත් එවැනිම තත්ත්වයක් මේ හරහා ඇතිවිය හැකි බවයි.
විදේශ රැකියා සඳහා වන ඉල්ලුම
පසුගිය දින වලදී එක්තරා ගුවන් සමාගමක් ශ්‍රී ලංකාව තුලදී විවෘත සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අවස්ථාවක ඒ සඳහා සම්මුඛ පරික්ෂණයට ඉදිරිපත්වීමට අදාළ තරු පන්තියේ හෝටලය ඉදිරිපිටට පැමිණි පිරිස් පෝලිම් වල සිටි ආකාරය දෙස් විදෙස් මාධ්‍ය වල පවා ප්‍රචාරය විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
"ශ්‍රී ලංකා රුපියල කඩාවැටෙමින් තිබෙන නිසා බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ විදේශගත වී මුදල් උපයාගෙන ආර්ථික තත්ත්වය යහපත් වනතුරු ඉතිරි කර නැවත ලංකාවට පැමිණීමටයි. තවත් අය ස්ථිරවම රට හැර යාමට සූදානම් වෙනවා. පාසල් වරින් වර වසා දැමීම සහ දරුවන්ගේ අධ්‍යාපනය අඬාල වීම හේතුවෙන් සමහර දෙමාපියන් තම දරුවන් අධ්‍යාපනය සඳහා පිටරට යවනවා. ධනවත් ශ්‍රී ලාංකිකයින් එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව හෝ යුරෝපානු රටවල් වලට රැකියා කිරීමට හෝ ඉගෙනීමට සංක්‍රමණය වීමට උත්සාහ දරනවා. ඒත් අඩු ආදායම් ලාභී පවුල් වල අයට කර කියාගන්න දෙයක් නැහැ." යනුවෙන් තම අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ පුද්ගලයෙක් බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කොට ඇති දත්ත පෙන්වා දෙන්නේ 2022 වසරේ ජනවාරි සිට ජුලි දක්වා පමණක් පුද්ගලයින් 224,915 ක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති බවයි.

එය පසුගිය වසර කිහිපය සහ සැසදීමේදී සැළකිය යුතු ලෙස ඉහළ යාමකි. විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර විසින් කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් 30 වන දින නිකුත් කළ ටිවිට්ර් පණිවිඩයක දැක්වුණේ එම ප්‍රමාණය තවදුරටත් 233,756 දක්වා වැඩි වී ඇති බවයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මෙසේ විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහල ගියද මේ වන තුරු රටේ විදේශ විණිමය අර්බුදයට පිළියම් ලැබී නොමැති බවට ආර්ථික විශේෂඥයෝ පවසති.
රජයේ සහන සහ නව ක්‍රියාමාර්ග
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර විසින් මීට පෙර අවස්ථාවක රජයට යෝජනා කොට තිබුණේ බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් ප්‍රේෂණ යොමුකරන විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් රථ ආනයනය කිරීමට අවසර ලබා දීමටත් ගුවන්තොටුපොළේදී ලබා දෙන තීරු බදු සහනය ඉහළ දැමීමට පියවර ගන්නා ලෙසයි.
පසුගියදා සැප්තැම්බර් 26 වනදා 'මනුසවී' නමින් විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ආරම්භ කොට තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
මේ අතර මේ වන විට Hope Gate නමින් සංක්‍රමණික සේවකයින් සඳහා වෙන්වූ පිවිසුමක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විවෘත කොට තිබේ. එමඟින් සෑම සංක්‍රමණික සේවකයෙකුටම කැපවූ පාරිභෝගික සේවා කණ්ඩායමක් විසින් ගුවන් තොටුපළෙන් පිටවන තෙක් ඔවුන්ට පෞද්ගලිකව සහය දක්වන බව ආමාත්‍යවරයා කියා සිටියේය.
ගමන් බලපත්‍ර නිකුත් කිරීමත් සැළකිය යුතු ලෙස ඉහළට
ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ තම දෙපාර්තමේන්තුව විසින් මේ වන විට මසකට සාමාන්‍යයෙන් විදේශ ගමන් බලපත්‍ර 84,000 ක් පමණ නිකුත් කරන බවයි. ඒ අනුව මේ වසරේ ජනවාරි සිට ජුලි දක්වා නිකුත් කොට ඇති ගමන් බලපත්‍ර සංඛ්‍යාව 590,260 කි.
මේ සම්බන්ධව අප කළ විමසීමකදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර කියා සිටියේ "ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ දිනට ලැබී ඇති අයදුම්පත් සියල්ලම ලබා ගනිමින් කාර්යාල වේලාවෙන් පසුවත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ක්‍රියා කරනවා." යනුවෙනි.

උද්ධමනය තවත් ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති 64.3% හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී 69.8% ක් දක්වා ඉහළ ගියේය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති 93.7% හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී 94.9 % දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත් මිලියන 22 ක ජනගහනයක් සිටින ශ්‍රී ලංකාව විදේශ මුදල් හිඟයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක මෙරට ග්‍රාම බලකාය විදේශ රැකියා වලට යොමු කිරීමෙන් පමණක් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකිදැයි යන්න ගැටලුවක් බව ආර්ථික විද්වත්හු පෙන්වා දෙන අතර ඔවුහු පවසන්නේ මෙම තත්ත්වය රටක ප්රගමනයට කෙසේවත් හිතකර නොවන බවයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ඉදිරියේදී රටේ ශ්‍රම බලකායේ විශාල හිඩැසක් ඇතිවීම රටේ ආර්ථිකයට මෙන්ම සංවර්ධනයටද විශාල ලෙස බලපෑම් ඇති කළ හැකි බවයි.













